"යුද්ධයේ දී මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විභාග කිරීමේ ක්‍රියාවලිය විමසා බැලීම පිණිස වන ජාත්‍යන්තර මැදිහත් වීමකට මා කිසිසේත්ම එකඟ නෑ. රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගන්නට දායකත්වය සපයන්නට පුළුවන් දැනුමැති පුද්ගලයන් , ප්‍රවීණයන් හා විශේෂඥයන් අප රටේ ඕනෑ තරම් සිටිනවා. රටේ තිබෙන ප්‍රශ්න රටේ අයට විසඳා ගන්නට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නෑ. මේ රටේ අධිකරණය ගැන මට විශ්වාසයි." යි මෛත්‍රීපාල සිරිසේන ජනපති බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ පැවැති සාකච්ඡාවක දී පැවසීය.
බීබීසියේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් එම සාකච්ඡාව මෙහෙයවීය.
සාකච්ඡාවේ පළමු කොටස පහතින්.
President Sirisena INTERVIEW PART 01 - BBC Sinhala - සංදේශය | Facebook
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්නා ලංකාවේ අධිකරණ.සල්ලි කාරයාට දේශපාලකයට විතරක් සුපුරි නීති.කොයි වරද කලත් නිදහස්.දැන් ඔය පෙන්නේ නැද්ද පොලිසිය මරණ මැරිලි අහිංසකයන්ව.කෝ නීතිය (බ)
හැමදේටම දොස් කියන නැතුව වෙන්නේ මොනවාද කියලා බලන්න ඕනේ. (බ)
විදෙස් මැදිහත් වීම් කොහොමත් අවශ්‍ය වෙන්නේ නෑ.(හේ)
මට තියන ප්‍රශ්නේ රටේ නායකයා කවුද කියන එක. අගමැතිද නැත්නම් ජනාධිපතිද. නැත්නම් 50% - 50% ද. (හේ)
ඇස් හිස් මස් ඇටකටු පූජා කර අනාගත පරම්පරාව වෙනුවෙන් අපේ උතුම් වූ මාතෘභූමිය බේරා ගැනීමට පුජනීය මෙහෙවරක යෙදුන වීරෝධාර රණවිරුවන් ආරක්ෂා කරගැනීම සදහා ඔබ තුමාණන්ගේ චිත්තාබ්භ්‍යන්තරය තුළ පවත්නාවූ දැඩි අදිටන ඉෂ්ට සිද්ධ වේවා! (අ)
මෙය හීනෙන් අවදි වෙලාවත්ද? (අ)
ජාත්‍යන්තර ප්‍රජාවට නම් ඕනෑතරම් විශ්වාසයක් ඇති. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒ ගැන විශ්වාසයක් නැතිකම. (නි)
අන්න එහෙම එන්න. මේක අපේ රට. හැම දෙයක්ම අපිට ඕනෑ විදියට කෙරෙන්න ඕනෑ. කතාව වගේම ක්‍රියාවත් එහෙමනම් අපි ඔබතුමාට ගරුකරනවා. (නි)
බොහොම හරි (නි)
කිසිසේත්ම එකඟ නැත්නම් මොකටද ජිනිවා වලදී එහෙම එකඟවෙලා යෝජනාවක් ලංකාවටම ගෙනල්ලා ඒකට කැමති වුණේ? (නි)
ඒත් මට හිතෙනවා දැන් අපිට ප්‍රමාද වැඩියි කියලා (නි)
එතුමට නම් විස්වාශ ඇති .(අ)
බණ්ඩක්ක විකුනන්න හොදයි ඔය කියපු කට්ටිය .ඉලාස්ටික් නිෂ්පාදනාගාරයක් ඔය කියපු තැනෙන්ම දැම්මොත් නරකද (අ)
ඔබතුම මෙහෙම පැවසුවාට ,එදා තොප්පිගල කැලාව, කිලිනොච්චි කියල මැදවච්චි ගිය, ගැලවීමේ හමුදාපති කමටවත් නුසුදුසු හමුදාපතිවරු ගැන කතා කල අය ඔබතුම කියන විදිහට කියන්නේ නැහැනේ. ඒගොල්ල විදෙස සරනාං ගච්චාමි කියාගෙන වැඳගෙන ඉන්නවානේ.(අ)
ඕක ගැන ලෝකයාටත් විශ්වාසයක් ඇතිවෙන්න මොකක් හරි කරලා පෙන්නුවානම් නේද හොද (අ)