ලංකාදීප එසැණ පුවත් තීරයේ පළවූ රත්මලාන අන්ධ විදුහලේ හර්ෂ නිලුපුල් සිසුවාගේ කථාව දැක ඔහුට ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කිරීමට ප්‍රසිද්ධියට අකමැති අබුඩාබියේ ශ්‍රී ලාංකිකයකු වන ඉන්දික නමැති මහත්මයකු කටයුතු කළේය.
වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ කේරි විද්‍යාලයට ඇතුළත්වීමටද හර්ෂ නිලුපුල් සිසුවාට අවස්ථාව ලැබී ඇත.
තමා වෙනුවෙන් උදව් උපකාර කළ ලංකාදීප එසැණ ඇතුළු සියලු දෙනාටම ස්තූතිවන්ත වන බවත් උදව් කළ සියලු දෙනා කවදාවත් අමතක නොකරන බවද ඔහු පැවසීය.
තමාට බ්‍රේල් ටයිප් රයිටරයක් ලැබුණොත් අධ්‍යාපන කටයුතු වඩාත් පහසුවෙන් සිදුකරගෙන යාමට හැකිවන බවද හර්ෂ නිලුපුල් සිසුවා කියයි.
හර්ෂ නිලුපුල් සිසුවා සම්බන්ධයෙන් පළවූ පෙර පුවත මෙතැනින්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊ බේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය . http://www.ebay.com/bhp/braille-typewriter (බ)
ස්තුතියි සෙනෙරත්. (ස)
011 263 42 26/ 077 343 48 86 අංක මගින් රත්මලාන අන්ධ විදුහලේ විදුහල්පතිනි සන්ධ්‍යා කොද්දුරුආරච්චි මහත්මිය දැනගත හැකියි. උදවු කරන්න පුළුවන් කෙනෙක් එම විද්‍යාලයේ විදුහල්පති තුමියගෙන් තොරතුරු දැනගන්න.(කේ)
කොහෙන්ද ගන්න පුළුවන් යතුරු ලියන එකක්? මම කැමති අරන් දෙන්න. කරුණාකරලා විස්තර එවන්න.(ම)
පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බ්රේල් ටයිප් රයිටරයක් ගන්න පුළුවන් තැනක් සහ ගණන සොයලා මට කියන්න. මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. අපි බලමු එකක් අරගෙන දෙන්න. (නි)
කොහෙන්ද ගන්න පුළුවන් යතුරු ලියන එකක්? මම කැමති අරන් දෙන්න. කරුණාකරලා විස්තර එවන්න.(හේ)
බ්රේල් රයිටරයක් මා ලබාදෙන්නම්. (ර)