(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අනුන්ගේ ඒ. ටි. එම්. කාඩ් පත් උපයෝගී කරගෙන තලංගම පැලවත්ත පෞද්ගලික බැංකු ඒ. ටි. එම්. යන්ත්‍රයකින් මුදල් ලබා ගනිමින් සිටි ඉන්දුනීසියන් ජාතිකයන් සිව් දෙනකුට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරයි.

එම සැකකරුවන් සමග රුපියල් 4,065,000/= ක මුදලක් වෙනත් පුද්ගලයන්ට ඒ. ටි. එම් කාඩ්පත් 27 ක් හා විදේශීය දුම් වැටි 200 ක් පොලිස් භාරයට ගෙන ඇත.

පැලවත්ත ඒ. ටි. එම් යන්ත්‍රයකින් විදේශීය ජාතිකයන් පිරිසක් විශාල ලෙස මුදල් ලබා ගන්නා බවට පොලිසියට ලද තොරතුරක් මත එම ස්ථාන ගොස් පරික්ෂා කර සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27, 28 හා 37 පසුවන්නන්ය.