IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


අනියම් පෙම මරණයකින් කෙළවර වෙයි

(රංජිත් රාජපක්ෂ සහ සුරංග රාජනායක  )             

නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුලදී අනියම් බිරිදව ගෙළ කපා ඝාතනය කර සැකකරු ගම්පොළ පොලිසියට ඊයේ (22) දින පස්වරුවේ භාර වී ඇතැයි පොලීසිය කියයි.

අනතුරුව සැකකරු ගම්පොල පොලිසිය විසින් නාවලපිටිය පොලිසියට භාරදුන් බව නාවලපිටිය පැවසීය. මෙසේ ඝාතනය කර ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ පදිංචි යෝග මලර් නැමති (39) හැවිරිදි  තිදරු මවකි.

ඝාතනයට ලක් වූ කාන්තාව සැකකරු සමග ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ මාස 09ක පමණ කාලයක් එකට වාසය කර ජූනි මස 22 වන දින යලිත් තම නීත්‍යානුකූල සැමියාගේ නිවසට පැමිණ සිටියදි ඇය වරින් වර අනියම් සැමියා සමග දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති බවත්, ඇය ගෘහ සේවය සදහා විදේශ ගත වීමට සූදානම්ව සිට ඇති බවත්, එයට අනියම් සැමියාගේ දැඩි විරෝධයක් මතු වී තිබු බව තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය කියයි.

ඝාතනයට ලක් වූ කාන්තාව ග්‍රාම සේවක සහතිකයක් ලබා ගැනිමට යන බව අනියම් සැමියාට දැනුම් දී ග්‍රාම සේවා කාර්යාලයට සිය වැඩිමහල් පුතා සමග ගොස් සිටියදී අනියම් සැමියා එම කාන්තාවට දුරකථනයෙන් කථා කර ඇය හමුවීමට පාලු බංගලාවට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් පසු කාන්තාව එම පාලු බංගලාවට ගිය අවස්ථාවේ පිහියකින් ඇගේ ගෙළ කපා ඝාතනය කර ඇත.

 

 



අදහස් (0)

අනියම් පෙම මරණයකින් කෙළවර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 577 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17413 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site