ස්වදේශ අමාත්‍යංශයට මාරු කළ අනූෂ පැල්පිට විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගේ වැඩ රාජ්‍ය සේවා කොමිසම විසින් තහනම් කර ඇත. ඔහු ස්වදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස මාරු කළ පසු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිතිවලින් එල්ල වූ විරෝධය හමුවේ සංචිතයට මාරු කැරිණි.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 600ක සිල් රෙදි බෙදීමට මහජන මුදල් වැය කළැයි ඔහුට එරෙහිව නඩුවක් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ තහනම් කළයුතු තවත් අය ආයතන/කාර්යාංශ වල තවමත් ඒ පුටු වලම ඉන්නවා. (නි)
ඒ කියන්නේ කවුරු හරි විරෝධය පලකලොත් විතරයි විනය ක්‍රියාමාර්ග ගන්නේ. වරදක් කරලා වැඩිය ප්‍රචාරයක් නැතුව මුළු ගැන්නිලා හිටිය නම් ෂේප්.. හරි අපුරුයි නේ. ආයතන සංග්‍රහයේ කොයි හරියේද දන් නෑ ඔය විධිවිධාන තියෙන්නේ අපටත් දැනගන්න. (අ)
අර ඇමති තුමා ආයතන සංග්‍රහය ගැන අහලාවත් නැති බබෙක් වගෙයි! අනේ මෙහෙමත් ඇමතිවරු! (බ)
උපාලිගේ කතාව නම් හරියටම හරි. ලැජ්ජයි මෙයාලා හරියට වැඩ කරන්නේ මොන්ටිසෝරි ළමයි වගේ. (බ)
මේ සිද්ධියෙන් අපේ මැති ඇමතිවරුන්ට "සාමාන්‍ය දැනීම" වත් නැති බව ඔප්පු වෙනවා. (නි)
මාදුළුවාවේ සෝභිත හිමියන් රාජ්‍ය සේවය විධිමත්ව පවත්වා ගැනීමට අවශ්‍ය මානව සම්පත් ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින්, අමාත්‍යාංශ ලේකම් පදවි සඳහා වඩාත් සුදුසු පුද්ගලයන්ගේ නමාවලියක් සකස් කිරීමට පියවර ගත්හ. තනතුරු හඹා නොයන, අති දක්ෂ පළ පුරුදු තරුණ ඳී පරිණත පිරිසක් ද, පළ පුරුදු මධ්‍යස්ථ ජ්‍යෙෂඨයන් ද, සිටින විශිෂ්ට රාජ්‍ය සේවයක නිමග්නව සිටි, සැබවින්ම යහ පාලනයට වඩාත්ම ගැළපෙන පුද්ගලයන්ගෙන් ද සමන්විත ලැයිස්තුවක් බොහෝ වෙහෙස ගෙන සකස් කරන ලදි. එ් ලැයිස්තුව නායකයන් දෙපළටම භාර දෙන ලදි. එනමුත් එ් ලැයිස්තුවේ සඳහන් එක් අයෙකු හෝ ලේකම්වරයෙකු ලෙස පත් වූයේ නැත. (බ)
කස්ටිය කලබලවුනා ඉක්මන් වැඩියි තවටිකකලක් හිටියානම වජිර මහත්තය (ඉඳි)ආප්පකාල පනිනවා, අනුෂ මහත්තය අබේකෝන් මහත්තයාගේ ලේකම් තනතුර ට විදිනවා. (කෞ)
උපුල්, යහපාලනෙට පත්නොකළ අයත් හොර පාරෙන් ඇවිල්ලා. හොරුන්ට ඕනෑ විදිහට වැඩ කරගන්න පත්කරගන්නෙත් එයාලගෙම හෙන්චයියෝනේ. (නි)
මේවා මීට කලින් වෙන්න තිබුණ වැඩ (නි)
ඔය කියන ඇමතිලා දැන් බොරුවට යූඑන්පී වගේ පෙන්නුවට මහින්දගේ කාලෙත් හොඳට වැජඹුණානේ (නි)
යහපාලනයෙන් දැන් දැන් වෙන වැඩ අහද්දී ඉහේ උකුණෝ බිමට පනිනවනේ. (නි)
ජනතාව තමයි රටක නීතිය ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරවන බලවේගය. දේශපාලකයෝ, පොලිසිය, අධිකරණය, මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ ජනතා බලය නිසා. මෙය අපේ රටේ මිනිසුත් තේරුම් ගතයුතුයි. මේ රජයේ වෙනස එවැනි ජනතා බලකිරීමට ඉඩක් තියෙන එක. පහුගිය රජයේ කාලේ බලකිරීමට ලැබුන උත්තර දන්නවනේ. ජනතාවට ඕනෑ නම් ආපහු ඒ කාලෙට යන්න පුළුවන්. (නි)
දැන් මහජනයා දුෂිතයන්ට වැඩ වරද්දන්න පටන් අරගෙන නිසා කවුරු කවුරුත් කලබලවෙලා වගෙයි (නි)