අනුෂ පැල්පිට අනුයුක්ත කළ පසු ඔහු තම මිත්‍රයෙකු බවත් ඔහු ආරක්ෂා කිරීමට ක්‍රියා කළ බවත් හුවා දැක්වීම තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියයි.
‘පසුගිය දා ඇති වූ හදිසි ආපදා අවස්ථාවේදී නිලධාරීන් තම රාජකාරී සම්බන්ධයෙන් වෙනත් ස්ථානවලට අනුයුක්ත කරමින් රජයක් වශයෙන් අපි ජනතාව බලාගත්තා එවැනි තාවකාලික අනුයුක්ත කිරීමක් පමණයි සිදුවුණේ ඔහු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සංචිතයේ සේවය කරන නිසා. ඔහු එම සංචිතයෙන් හදිසි ආපදා තත්ත්වයට අනුයුක්ත කළා‘ යැයිද ඇමැතිවරයා කීය.
මේ අතර රාජ්‍ය දේපළ අයුතු පරිහරණය පිළිබඳ චෝදනා ලැබ සිටන පරිපාලන නිලධාරීන් දෙදෙනෙක් අමාත්‍යංශ දෙකක අතිරේක ලේකම් තනතුරුවලට පත් කිරීම පිළිබඳව දැඩි විරෝධය හා අප්‍රසාදය පළ කරන බව පැෆරල්, කැෆේ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ඇතුළු සංවිධාන පහක් එක්ව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කැරිණි.
ඡායාරූ හා වීඩියෝ - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බල්ලොත් එක්ක නිදා ගත්තම වෙනදේ නොදන්නා කෙනෙක්.(රේ)
දක්ෂ නිලදාරීන් පත් කිරීම වරදක් නෑ. (ර)
මොහාන් ඔබ හරි, ජීවන වියදම, බදු ආදී ඔය කියන මොකවත් නෙමෙයි, කවදාහරි මෙන්න මේ ගොල්ල තමයි ආණ්ඩුව වට්ටන්නේ. (ර)
චන්ද්‍රිකා මැතිනිය පාන් ගෙඩිය දුන්නේ රුපියල් 3.50 ට. මහින්ද බඩු මිල අහස උසට නැග්ගුවා. ඒක අඩුකරලා දෙනවා කියලා බලය ගත් යහපාලනයෙන් නම් තාම එහෙම සළකුණක්වත් නැහැ. උද්දමනය 7% ගානේ තිබ්බත් අවුරුදු 20 ට වැඩි වෙන්න ඕනෑ උපරිම 140% යි. ඒ කියන්නේ පාන් ගෙඩිය රුපියල් 8.40 කට වඩා වැඩිවෙන්න බැහැ. (නි)
වාහන පර්මිට් ගන්න ගොඩක් මන්ත්‍රීවරුන්ට දැනටමත් වාහන පර්මිට් තියෙනවා. ඉතින් මේවා ව්‍යාපාරිකයන් මිලදී ගන්නවා. මේ එක පර්මිට් එකක් ලක්ෂ 200 ක් විතර වටිනවා. මේ නිසා රජයට ලැබිය යුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක් ඉන්න නිසා ගාන හදලා බලන්න. මේක කිසිසේත්ම සාධාරනීකනය කරන්න බැහැ. මම ඉතා ආදරයෙන් මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පර්මිට් වකුගඩු රෝගීන්ගේ අරමුදල් පිහිටුවා එයට පරිතාග කරන ලෙසට. (නි)
මොකක් හෝ වැදගත් කරුණක් සැඟවී ඇත (ර)
කවුද කියන්නේ අපේ රටේ උද්දමනය වැඩි වෙලා කියල එහෙම දෙයක් වෙලා නැ වෙලා තියෙන්නේ මන්ද බුද්ධික දමනය විතරයි එ්ක නිසා ජනතාව මන්ද බුද්ධිකයෝ කරලා දේශපාලකයෝ හා උන්ගේ පවුල් වල ඉන්න උන් සැප විදිනවා ජනතාව දමනය කරනවා (බ)
එක ජාතියෙ කුරුල්ලො එකට එකතු වෙනවලු. ඒකයි මෙතන වෙලා තියෙන්නේ (ම)
එතකොට වෙන හොද කෙනෙක් හිටියෙම නැද්ද සර්? (ම)
මේ වගේ උදවිය නිසා මේ ආණ්ඩුව වැඩිකල් දුවන බවක් නොපෙනේ.(ම)