අනවසරයෙන් බොරළු කපමින් සිටි බව කියන බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු විසින් වන සංරක්ෂණ නිලධාරියෙක් පැහැරගනු ලැබ ඇති බවත් බැකෝ යන්ත්‍රයේ දමාගෙන කිලෝමීටර් හතක් පමණ ගොස් ඇති බවත් දිසා අඩවි වන සංරක්ෂණ නිලධාරී ලලිත් ගමගේ මහතා පවසයි.
අනුරාධපුර අලුත්ගම රජයේ වන රක්ෂිතයක අනවසරයෙන් බොරළු කැපීමක් වැටලීමට ගිය අවස්ථාවේදී මෙය සිදුව ඇති අතර සෙසු වන සංරක්ෂණ නිලධාරීන් එක්ව එම නිලධාරියාව බේරාගෙන ඇත.
එම යන්ත්‍ර ක්‍රියාකරු අත්අඩංගුවට ගත් බවත් බොරළු කැපූ බව කියන තවත් සැකකරුවන් හතර දෙනකු ගැන විස්තර ඔහු හෙළි කළ බවත් කියැවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරළු කපපු එක නම් වරදක් තමයි. එ්ත් බැකෝ එකේ නග්ගගෙන ගිය එක එතරම් ගණන් ගන්න එපා. අනික හැතැප්ම හතක පයින් එන එකත් ඇඟට ගුණයිනේ. (නි)