මාලබේ පොතුආරාවේ ඉදි කළ අනවසර තාප්පයක් කඩා වැටී යාබද නිවසේ දෙදෙනකු මිය යෑම සම්බන්ධයෙන් දොස්තරවරයකු බව කියාගත් නාලක සුදර්ශන ගුණරත්න රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
විෂමාචාර ක්‍රියාවක් හේතුවෙන් ඔහු 2008 දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉවත් කළ වෛද්‍යවරයෙකියි පැමිණිල්ලේ නීතීඥවරු අධිකරණයට සැල කළහ.
ඔහු පොලිසියත්, උසාවියත් නොමඟ යවා ඇතැයි ද ඔවුහු කීහ.
තාප්පය ඉදි කළ බව කියන කොන්ත්‍රාත්කරු ද අද පොලිසියට භාර විය.
තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බව පොලිසිය කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම මොනවා උනත් අහිංසක ජීවිත දෙකක් අපරාදේ (දී)
අද ඉතින් දොස්තරවරු වගේ ඉන්න අය, වෙන්න හදන අයනම් ඕන තරම් ..ඔය හැමෝටම දොස්තර කියල ප්‍රවුර්ති පලකලොත් නම් මුළු පත්තරේම දොස්තරලා ගැනම ලියන්න වෙයි .
කරන කලට පව් මිහිරිය මී සේ....... (දී)
සොබා දහමේ නීතියට කවද හරි නතු වෙනවා. (දී)
අහිංසක යුවලකට ජීවිතය නැතිවෙලා ඉවරයි දැන්. මෙහෙම තාප්ප හදනකොට ඒවායේ ප්‍රමිතිය බලන්න කවුද ඉන්නේ? කොහොමද මේවා හදන්නේ කියලා කවුද හොයලා බැලුවේ? කාට විරුද්දව දඬුවම් කළත් දැන් ප්‍රමාද වැඩියි. (නි)
සත්‍යය සොයගන්න විට සියලු දේ් ඉවරයි (දිල්)
චන්දේ ඉල්ලන්න සුදුසු කමක්. (ස)
කලින්ම මොහු වෛද්‍ය සභාවෙන් ඉවත් කිරීම ම හොඳට ගියා. එහෙම නොවුනා නම් ඇතැම් වෛද්‍ය නිලධාරීන්ගේ ගේ සංගම් අසරණ ලෙඩුන්ව ප්‍රාණ ඇපයට ගන්නවාමයි. (ස)
දෙයියෝ සාක්කි (දී)
මෙම තාප්පය අදාළ පළාත් පාලන ආයතනයේ අනුමැතිය ගෙන ඇද්ද? එසේ නොවේ නම් මෙවැනි අනතුරුදායක ඉදිකිරීමක් ගැන පළාත් පාලන ආයතනය මඟින් සොයා බැලුවාද? එසේ කළහොත් මෙවැනි ඉදිකිරීම් අනාගතයේදී හෝ නවතීවි. (නි)
වෛද්‍ය සභාවෙන් ඉවත් කළවිට රෝහලක සේවය කරන්න පුලුවන්ද? නැත්නම් මොහු සියලු දෙනා නොමඟ යවලාද? (නි)
නිමල් ලලිත, ඔබ කතා කරන්නේ ලංකාව ගැනද? (අ)
දොස්තර මහත්තයාගේ ඉතිහාස කතාවේ වැදගත් කම මොකද්ද මෙතනට? මේක වෙලා තියෙන්නෙ අධික වර්ෂාවේ ප්‍රතිඵලයකින් නේද? (ස)
මේක අනවසර තාප්පයක්ද ? (ස)
මට ආරංචි හැටියට මේ දොස්තර මහත්තය අකුරැස්සේ ඉස්පිරිතාලෙත් හොඳ හොඳ සෙල්ලම් දාල තමයි කොළඹට ඇවිල්ල තියෙන්නේ. (දී)
අදිකරණය මග අරින්න බොරුවට වෛද්‍ය සහතික දෙන වෛද්‍ය නිලධාරීන්ගේ නම් වෛද්‍ය සභාවෙන් ඉවත් කරන්න අදිකරණය මග හරි (දී)
ගොඩනැගිලි බලපත්‍රයේ යොමු අංකයෙන් මේ සියල්ල සොයා ගත හැක. මුදලට හෝ වෙනයම් හේතුවකට මේ සෙල්ලම් කරන්නේ මිනිස් ජිවිත සමඟ නේද? (නි)