ආරක්ෂක අංසෙ ලොකු මහත්තයකුට ආණ්ඩුවෙ ලොකුම කන්තෝරැවක විශේෂ රුස්වීමකට එන්න කිව්ව...
මේ රුස්වීමට මැති ඇමැතිවරැ දෙතුන් දෙනෙක් වගේම ආණ්ඩුවෙ ලොකුම මහත්තයෙකුත් ආවලු. ඉතින් සිරිත් ප්‍රකාරව මහ කන්තෝරැවෙ දොරටුපාල පියුන් උතුමට අවශ්‍ය අමුත්තන් ඇතුළට ගන්න නියම කරලා තිබුණා... ඒ අනුව ආපු මැති ඇමැතිල උන්නැහේ ඇතුළට ගත්ත... ඒත් අර ආරක්ෂක අංසෙ ලොකු මහත්තයව ඇතුළට ගන්න අවසර නැහැ කියල කිව්ව... ඒ නිසා ආරක්ෂක අංසෙ ලොකු මහත්තයා එළියෙ පුටුවක වාඩිවෙලා හිටියලු...
කොහොම හරි මැති ඇමැතිලා ආවට ආරක්ෂක ලොක්ක නැතුව රුස්වීම පටන් ගන්න බැරැව පැයක් විතර ප්‍රමාද වුණාම මේ රුස්වීමෙ මුලසුන ගත්ත ලොකු මහත්තුරැන්ට තරහ ගිහිල්ල පියුන් උතුමට එන්න කිව්වලු... &අයිසෙ අපි මේ රුස්වීම පටන් ගන්න බැරැව ඉන්නව අහවල් තුමා තවම ඇවිත් නැත්ද?* ලොකු මහත්තයෙක් ප්‍රශ්න කළා...
"අහවල් තුමා... එතුමා ඇවිල්ල දැන් පැය එකහමාරක් විතර වෙනව සර්..." පියන් උතුමා කිව්ව
"ඉතින් මනුස්සයෝ එයා එව්වෙ නැත්තෙ ඇයි තමුසෙට පිස්සුද?" ආයෙමත් පියුම් මහත්තයගෙන් ප්‍රශ්න කළා...
"සර් මගේ වරදක් නැහැ. මට කිව්වෙ අනවශ්‍ය අය එවන්න එපා කියලනේ..."
පියුම් මහත්තය උත්තර ලෙස කිව්වා.
"කොහොමද අයිසෙ ....... තුමා අනවශ්‍ය වෙන්නෙ..." නැවත ප්‍රශ්න කළා.
"අනේ සර් සමාවෙන්න මට එතුමා අවශ්‍යයි කියල නොතිබුණ නිසා හිතුව අනවශ්‍යයි කියල..." පියුම් මහත්තය කීවා..." පියුම් මහත්තයගෙ තර්ක විතර්කවලට හොඳ උත්තරයක් දීල ඊළඟට ලොකු මහත්තරැ රුස්වීම පටන් ගත්තෙ සිනහමුසු මුහුණින්ලු.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනවශ්‍ය ලොක්කා