අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුහු 381 දෙනාම උසස් පෙළට සුදුසුකම් ලබා සිටිති.
විදුහල්පති එච් එම් අබේකෝන් මහතා හා ආචාර්ය මණ්ඩලය මේ ජයග්‍රහණයේ නියමුවන් බව මව්පියෝ කියති.
සිසුන් 15 දෙනකු හැර සෙසු සියලු සිසුනට ගණිතය හෝ විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීමේ වරම් ලැබී ඇත.
සිසුහු 233 දෙනෙක් ගණිතයෙන් ඒ සාමාර්ථ ලැබූහ. සිසුහු 51 දෙනෙක් විෂයන් නවයට ද, සිසුහු 65 දෙනෙක් විෂයන් අටකට ද, සිසුහු 61 දෙනෙක් විෂයන් හතකට ද ඒ සාමාර්ථ ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලොකු ජයග්‍රහණයක්.හිතා ගන්නවත් බෑ.(හේ)
සෙලනිකස් මහත්මයාණනි,මමත් මුලදි කල්පනා කළා ජංගම දුරකථනයක් පාවිච්චි නොකර කොහොමද මේ වැඩ කරන්නේ කියලා.නමුත් මෙහිදී මට දැනගන්නට ලැබුනු දෙය නම් ජංගම දුරකතන භාවිතය අවම කිරීමට මෙතුමා සිසුන්ටත් ගුරුවරුන්ටත් ආදර්ශමත් වී ඇති බවයි.එහෙත් සෙසු ස්ථාවර දුරකථන භාවිතයෙන් අවශ්‍ය සියළු දේ මනාව සිදුකිරීම මෙතුමා තුළ මා දුටු විශේෂ දක්ෂතාවයක්.ජංගම දුරකතනයක් භාවිතා නොකර මේතරම් සාර්ථකත්වයකට පාසල ගෙනවිත් එතුමා තමන්ගේ ස්ථාවරයේ සාර්ථකත්වය පෙන්නුවා.එසේ නම් ඒවා පාවිච්චි කරන පාසල් වල මීටවඩා සාර්ථකත්වයක් තිබිය යුතුයි.ක්‍රියාවෙන් සාර්ථකත්වය ඔප්පුකර තිබෙන නිසා වරදක් කියන්නටත් අපහසුයි නේද? (නි)
කොපි කළ හැක සමකල නොහැක.(හේ)
මගේ ඉස්කෝලේ ගෙන මාරම ආඩම්බරයි. (ස)
මේක මගේ පාසල. මට හරිම සතුටුයි. (නි)
මේ මගෙත් පාසලයි.රජරට මිණිකැටය වන් අනුරපුර මැදි විදුහල් මාතාවනි,අපිට ඔබ ගැන ආඩම්බරයි.ඔබ සදා දිනේවා!!. (නි)
මේ මගේ පාසල. සැබවින්ම සතුටුයි පාසල් මෑණියනි! (ස)
මගේ පාසල! ආඩම්බරයි මට (නි)
නමදිමු බැති ගී කුසුම්පුදා... අනුරාපුර මැදි විදුහල් මාතා... නංගිලා මල්ලිලා ගැන ගොඩක් ආඩම්බරයි. ඉදිරි කඩුල්ලත් සාර්ථකව පැනගන්න ආසිරි....! (නි)
කියන්න වචන නැහැ මගේ පාසලේ නංගි මල්ලී. ඔබ හැමට ජය. මගේ විදුහල් මෑණියන්ට ජය වේවා. අද මමත් වෛද්‍ය පීඨයේ ඉගෙනගන්නේ ඔබ නිසයි (නි)
හරිම සතුටුයි ඔබ සියලුදෙනා ගැනම ආඩම්බරයි. ඔබට ජය. (ස)
ශාන්? කොහෙද යන්නේ මල්ලේ පොල් (ස)
අපේ පාසල සැමදා දිනේවා! (නි)
මට හරිම ආඩම්බරයි (නි)
සුබ පැතුම්! (නි)
හරිම සතුටුයි ඔබ සියලුදෙනා ගැනම ආඩම්බරයි. ඔබට ජය. (නදී)
අපේ ඉස්කෝලේ. හදවතින්ම ආඩම්බරයි. පසුගිය අවුරුදු කිහිපයේදීම 99.5% ට වැඩි සමත් ප්‍රතිශතය. මේ වන විට එය තවත් වැඩි කරගනිමින් 100% කරගෙන තියෙනවා. උසස් පෙළ ප්‍රතිපළ ගත්තොත් වැඩිපුරම විශ්ව විද්‍යාල සුදුසුකම් ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය/ශිෂ්‍යාවන්. ප්‍රතිශතයක් හැටියට එම අගය 80%ට වැඩියිලු. මුලු දිස්ත්‍රික්කයේම කෝටා එකෙන් අඩකට වඩා ගන්නවා කියන්නේ එක පාසලක්. ආඩම්බරයි මට නම්. මේ අගය විද්‍යා/ගණිත වගේ අංශ වලින් ගත්තොත් 90% ක් විතර. උසස් පෙළ සමත් ප්‍රතිශතය තමයි අපිට දැන් නංවන්න තියෙන්නේ. (නදී)
අපේ හාමුදුරුවනේ, හරියටම හරි. (නදී)
මේ මගේ පාසලයි. තවමත් මං මගේ උසස් පෙළ කාලය ගැන අාඩම්බර වෙනවා.. නමදිමු බැති ගී කුසුම් පුදා අනුරාපුර මැදි විදුහල් මාතා...(දිල්)
මේ මගෙත් පාසැල. මටත් හරිම සතුටුයි වගේම ආඩම්බරයි මගේ පාසැල ගැන ඉන්නේ
ජන්තවංශ හිමියනි. පැහැදිලි කිරීම ගැන පින්. ඒ සමගම ඉතා හොඳ ප්‍රතිපල ලැබූ තවත් පාසලක් ගැන කියන්නම්. මා දැනගත් පරිදි කොළඹ විසාඛා විද්‍යාලයේත් සා.පෙ පෙනී සිටි 268 ගෙන් සියලු දෙනාම උසස් පෙළට සුදුසුකම් ලබා තියෙනවා. එයිනුත් දැරියන් 202 දෙනෙක් විෂයන් නවයටම 'A ' සාමාර්ථ ලබා තියෙනවා. රටපුරා මේ සැම දරු දැරියන්ටම සුභාපතමු !(හේ)
හරිම සතුටුයි අපේ විද්‍යාලය ගැන (නි)
ශාන් මොනවගේ කෙනෙක්ද මන්දා? (නි)
ශාන්, ඔයා කට වහගෙන හිටියා නම් ඔයාගේ මෝඩකම පේන්නේ නැහැ නේද? (නි)
මගේ මැදි විදුහල් මෑණියන් ගැන මට හදවතින්ම ආඩම්බරයි ,අනුරාධපුර මැදි විදුහල් මෑණියන් සදාකල් වැජබේවා.! (ර)
ඉතාම සන්තෝෂයි .වැව් බැඳි රට බුද්දිමතුන් රට බාරගැනීම ගැන. නමුත් කණගාටුයි කියන්න කොළඹින් පිට මධ්‍ය මහා විද්‍යවල තත්වය මේක උනත් කොළඹ අවට ,රත්මලාන ,මොරටුව,දෙහිවල ආදී ප්‍රදේශවල මධ්‍ය මහා විද්‍යාලවල තත්වය. මේවායේ ළමයින් ඉතාම පහත් තත්වයකට පත්වෙලා තිබෙන්නේ .තමුන්ගේ පවුල් පසුබිමින් ලැබෙන සමාජ තත්වයෙන් එහාට යන්නට ඔවුන්ට පාසලින් කිසිම තල්ලුවක් ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට මේ සිසුන් මැරකම ,අවිනීත භාෂාව ,නොමනා හැසිරීම් වලින් ඉතාම පොහොසත්ව පාසලින් ඒ දේවල් වර්ධනය කරමින්ද අවසානයේ සමාජයට බරක් වෙමින් සිවිල් සමාජයට එකතු වෙනවා .ක්‍රීඩා වලින් එහාට මේ කොළඹ මධ්‍ය මහා විද්‍යාලවල ඇති දෙයක් නෑ .දවස පුරාම කරන ක්‍රීඩාව සහ ඒ හා සම්බන්ද වූ දුම් පානය අවිනීත කුණුහරුප භාෂාව හා හැසිරීම හැරුණුකොට වෙනත් දෙයක් මේ පාසල්වල නෑ. දෙමාපියන්ගේ මැරකම් නිසා පාසල් ගුරුවරුන්ද මෙම සිසුන්ට තම රිසි පරිදි කටයුතු කරන්නට ඉඩ දෙනවා. ප්‍රදේශයේ පොලිසි පමණයි මේ සැබෑ තත්වය දන්නේ. රජය මේ කොළඹ මධ්‍ය මහා විද්‍යාලවල විනය සහ අධ්‍යාපනය ගැන විශේෂ අවධානය යොමු කරන්නේ නම් ඉතාම වැදගත්. (ස)
දැන් දකුණේ පාසල් වලට මොකද වෙලා තියෙන්නේ? (නි)
ආඩම්බරයි. මේ මගේ පාසලයි (නි)
සුබ පැතුම්! (නි)
මම 7 වසරේ ඉන්නේ මම මගේ පාසැල ගෙන ආඩම්බර වෙනවා (ස)
මේ මගේ පාසල. බොහොම ආඩම්බරයි!! (නි)
මේ මගෙත් පාසැල. මටත් හරිම සතුටුයි (නදී)
මගේ කාලේ, ඒ කියන්නේ 1985 වගේ ඩී 8 ම ගත්තේ තුන්දෙනයි . මමත් මැදි විදුහලේ කෙනෙක්. (නි)
දන්න කාලේ ඉඳලා අපේ පාසල හොඳම පාසල් 15 අතර තිබෙනවා. හරි සතුටුයි. ශාන් මහත්තයො ඔලුව පොඩ්ඩක් අතගාලා බැලුවොත් හොඳයි අං ඇවිල්ලද කියලා. (නි)
මම උපන්න්නේ අනුරාධපුරේ. ඉන්නේ ඔස්ට්‍රලියාවේ. මටත් ආඩම්බරයි දුවේ, පුතේ. (නදී)
අපි ඔබට ආදරෙයි (නි)
නමදිමු බැති ගී කුසුම්පුදා අනුරාපුර මැදි විදුහල් මාතා. දේවන පෑතිස් ගාමිණි ගජබා ආදී හෙළ දරුවෝ. මගේ විදුහල් මාතාව දිනේවා! (නදී)
හිරන්තට මොකද උනේ ? (නදී)
මේක මගේ පාසල. මට හරිම සතුටුයි. කැම්පස් එන්නම ඊළඟ විභාගෙත් හොඳට කරමු නංගිලා මල්ලිලා. (නදී)
මේ මගෙත් පාසැල. මටත් හරිම සතුටුයි වගේම ආඩම්බරයි මගේ පාසැල ගැන (නදී)
ගුරු මෑණිවරුන්ට, පියවරුන්ට මල් තියලා වදින්න ඕනේ. කවදාහරි මේ කරපු පිනේ අනුහසින් නිවන් දකින්න ඕනේ.ළමයකුගේ දෑස පහදනවා කියන්නේ ලෝකේ තියන පිංකම් වලින් උතුම් පින්කමක්.(දිල්)
මේකට තමා කියන්නේ උරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට මගුල් කියලා කියන්නේ (දිල්)
අනුරාධපුර මධ්‍ය මහ විදුහල ලංකාවේ හොදම විද්‍යාලයක්. අර ශාන් කියල ප්‍රතිචාර දාපු කෙනා කොහේ කෙනෙක්ද ? (නදී)
අපේ පාසැල සැමදා දිනේවා (නදී)
අති විශිෂ්ටයි. (ර)
ඇත්තටම මට ගොඩක් සතුටුයි. මොකද මගේ පාසලෙන් මම ඉගෙන ගත්ත පාසලෙන් මේ වගේ වාර්තාවක් ලැබුන එක ගැන. මම ඒ සියලු දරුවන්ට සුබ පතනවා.මොකද මම මගේ පාසලෙන් ඉගෙන ගෙන දැන් ඒ වගේ දරුවන්ට උගන්වන ගුරුවරියක් නිසා. (නදී)
ශාන්, මොකක්ද ඒකේ තේරුම? මෝඩ කතා කියන්න එපා (නි)
ඔබට ජයෙන් ජය වේවා! (නි)
මේ මගේ පාසැල.මගේම පාසැල.මම මේ විද්‍යාලයේ ඉගෙනගත් කෙනෙක්.මේ වන විට මම නීතිය (ලන්ඩන් විශ්වවිද්‍යාලය) හදාරනවා.මගේ පාසැල සැමදා වැජබේවා.මගේ පාසල් මෑණියනි ඔබට සදා ජය. (බ)
මා ඉගෙන ගත් පාසලේ දූ දරුවන් ගැන මට හරිම සතුටුයි. මගේ පාසැල සදාකල් දිනේව (නදී)
ශාන සෞදි, බයිලා කියන්නේ ඇයි? (නි)
කෝ අර හම්බන්තොට පැත්තේ කලින් මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ විද්‍යාලය? දැන් කෝ ප්‍රතිඵල? (නි)
සුබ පැතුම්! (නි)
මා මෙම පාසලේ ධර්ම දේශනයක් කළා. විදුහල්පති තුමා ප්‍රමුඛ ගුරුමණ්ඩළය දෙමාපියන් සමග එක්ව යාබද විහාරස්ථානයට වස් ආරාධනා කර මුලු තුන්මාසයම දිනපතා සිසුන් සමග වස් දාන බෝධි පූජා පවත්වා කඨින පිංකමකුත් කළා. මේ විදුහල්පති වරයා වගේ විදුහල්පතිවරු ඉන්නවා නම් ලංකාවම බබලවන්න පුලුවනි. අවම තරමේ විදුහල්පතිවරයා පාසැල තුල හෝ පිටතදී ජංගම දුරකථනයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. අධ්‍යාපනයෙන් පමණක් නොවෙයි හැදියාවෙනුත් අනුරාධපුරයේ අංක එක මේ විද්‍යාලයයි. උසස්පෙළ සියලු දරුවන්ටත් සියයට අසුව පැමිණීම අනිවාර්ය්‍යයයි. ගල හොදනම් අඹරන කහ මක්වේද ? (නදී)
මේ මගේ පාසල. මට හරිම සතුටුයි (නි)
ජන්තවංශ හිමි, ඔබවහන්සේ පවසා ඇති දෙය සමස්තයක් හැටියට නිවැරදි වුණත් ජංගම දුරකතන ගැන කියා ඇති දෙයට නම් එකඟ වෙන්න අමරුයි. මොකද ජංගම දුරකතන කියන්නේ ආභරණයක් නොවේ, කාලය ශ්‍රමය ඉතිරි කරගන්න යොදාගන්න පුළුවන් හොඳ ආයුධයක්. (නි)