අනුරාධපුරයේ සතිපොල අසල කුම්බිච්චම්කුලම් වැව පිරී ඉතිරී යාම නිසා වැව කැඩී යාමේ තර්ජනයක් ඇතැයි නාගරික කොමසාරිස් අනතුරු ඇඟවීය.
අවට වැසියනට අනතුරු අඟවා ඇත්තේ දැඩි සෝදිසියෙන් සිටින ලෙසයි.
මල්වතු ඔයද පිටාර ගැලීමෙන් ෆ්‍රීඩම් මාවත, දහියියාව ඇතුලු පෙදෙස් යට විය.
2011 වසරේදී මෙහි ජල ගැල්මක් පැවති බව වැසියෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ඇත්ත.(හේ)
වැස්සත් වැරදියි, නොවැස්සත් වැරදියි (නදී)
අැයි අපි කුලම කියන්නේ වැව නොකියා? (නදී)
මේ වැව කවදත් වාන් දැම්මා. දැන් වෙලා තියන්නේ වාන් වතුර බහින්න තියන වාන් ඇල අවහිර කිරීම නිසා වතුර ටික බහින්නේ නැති එක තමා (නදී)
වැව හාරපු නිසා තමයි මෙහෙම වුණේ ගොඩක්ම. අද වියදම් කළ සල්ලිත් වතුරේ, වැවත් අබලන්. ඔන්න දැන් ආශ්චර්ය පේනවා නේද? (නි)
මේ වැව කිසිම ප්‍රයෝජනයක් ඇති වැවක් නෙවේ. ආශ්චර්ය පෙන්නන්න සී ප්ලේන් බස්සන්න හැදුව වැවක්. වැව තියෙන්නේ උඩින්. පිට වානෙන් වතුර බහින්නේ නැහැ . ඔය වැවට ගිය සල්ලි වලින් වැව් 50ක් හදන්න තිබ්බා.(හේ)
මේ වැස්ස එපා කරනවා.(හේ)
අනුරාධපුරයේ සතිපොල අසල කුම්බිච්චම්කුලම වැව පසුගිය පායන කාලෙ කෝටි ගණනක් වියදම් කරලා හාරලා ප්‍රතිසංස්කරණය කළා. මේ වැස්සට නෙමෙයි පසුගිය වැසිවලටත් එම අවධානම ඇති වුනා. තාක්ෂණය තිබුනට, ඉංජිනේරුවන් හිටියට ඒව නිසි පරිදි යොදා නොගැනීමේ විපාක නිසා මෙවැනි දේ වෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ හෝ නිසි ආයතනයක නිසි මගපෙන්වීමක් නොලබා තමන් සියල්ල දන්නේය යන්න සිතා සිටින මෝඩ බලධාරීන් හිතුමතේ ඔය වැවෙන් ඉවත් කළ පස් මල්වතුඔය ආසන්නයේ පහත්බිම් වගේම තවත් තැන් වල පහත් බිම් ගොඩකරන්න යොදාගෙන තියෙනවා. ඒ නිසා අනුරාධපුරයට තව තවත් ගංවතුර ඇති වේවි. (අ)