(දයාරත්න ඇඹෝගම)
මෙම වසරේ ජනවාරියේ සිට මේ දක්වා වකුගඩු රෝගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 127 දෙනෙක් මිය ගොස් ඇතැයි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පවසයි.
පසුගිය වසරේ එනම් 2016 වසරේදී වකුගඩු රෝගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මියගිය සංඛ්‍යාව 296 කි.
වකුගඩු රෝගයෙන් මියගිය මෙම සංඛ්‍යාව රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගිය සංඛ්‍යාව පමණයි. සමහර රෝගින් නිවසේ දී මිය ගොස් තිබෙනවා. එම රෝගින්ගේ සංඛ්‍යාව මිට ඇතුළත් වෙන්නේ නැහැ.
2017 ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් මාසය දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගින් ගේ සංඛ්‍යාව 13451 වන බවට හදුනා ගෙන තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 වැඩි පුද්ගලයන් 627854 ක් සිටිනවා.ඉන් සියයට 34 ක් හෙවත් පුද්ගලයන් 213583 කගේ රුධිර සාම්පල් පරික්ෂා කිරිමෙන් වකුගඩු රෝගයට නිත්යම ලෙසටම ගොදුරු වු පිරිස හඳුනා ගැනිමට හැකිවුණා.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා මෙසේ පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පෝ, 127 කියන්නේ පොඩි ගාණක්නේ. රට සංවර්ධනය වෙනකොට මේ වගේ ලෙඩ රෝග වැඩි වෙනවා.. ඔන්න අපේ සුවසේවා ඇමතිතුමා කියන කතාව.
සෞඛ්‍ය ඇමතිතුමාගෙන් අහන්න. ඇමතිතුමා හරියටම කියාවි මෙහෙම වෙන්න හේතුව. ඇමතිතුමාගේ වැඩ අන්තිම දුර්වලයි. ඇමතිතුමා ෆේල්...
දේශපාලකයන් වාහන වලට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන වෙලාවේ අඩුම තරමේ ඔය රෝගය පැතිරී තිබෙන ප්‍රදේශ වලට විතරක්වත් ඉහල තත්වයේ ජල පෙරන (bio chemical water filters) සවිකළා නම් ඔය ප්රශ්නය සෑහෙන්න අඩුකරගන්න පුළුවන්. ඕකෙන් වතුර නිකම් දෙන්න බැරිනම් සමහර රටවල තිබෙන ආකාරයට කාසි දමලා හරි ගන්න ක්‍රමයක් හදන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට බොන වතුර ටික විතරක් හරි ඕවගෙන් ගන්න පුළුවන්. කරන්න පුළුවන්නම් පරම්පරා 7ක් ගොඩයන්න පුළුවන් පින්කම් මේවා!!!
පවුල් පිටින් කොළඹ එන්න තල්ලුවක් නැද්ද? වකුගඩුව, පොහොර සහනාධාරේට වඩා පොඩියිද?
ඇත්තටම කරන්න ඕන රිවර්ස් ඔස්මොසිස් ( ආර්.ඔ ) ප්ලාන්ට් එකක් හැම ග්‍රාමසේව වසමකට සවි කිරීමයි ,එවිට මිනිසුන්ට පිරිසිදු ජලය ලබා ගත හැකිවේවි, යහපාලන ඇමති මණ්ඩලයට වාහන ගෙන්වීමට වෙන්කරපු මුදල හොදටම ඇති මේ වැඩේ හරියට පටන් ගන්න, ඉතා විශාල මුදල් වැයවෙන වියපුතියක් බැවින් ඒවා මනා ලෙස නඩත්තු කිරීමට සංවර්ධන නිලධාරීන්ට හෝ විද්දියාවෙදී උපාධිදාරීන් යොදාගන්න.