(බී.ජී.චතුරංග,උපාලි ආනන්ද,දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස)

අනුරාධපුර - රඹෑව ප්‍රධාන මාර්ගයේ රඹෑව නගරාසන්නයේදී අද  අළුයම 1.30ට පමණ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවකු ඇතුළු තිදෙනකු මරණයට පත්ව ඇතැයි මහින්තලේ පොලිසිය පවසයි.

රඹෑව නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා ආපසු යමින් සිටි තරුණයන් පිරිසගේ කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය.

අනතුරින් මියගොස්  ඇත්තේ රඹෑව වාන ප්‍රදේශයේ සහ තඹලගොල්ලෑවේ  පදිංචි වයස අවුරුදු 14, 19 සහ21ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.

අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් තිදෙනකු අනුරාධන ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කියයි. 

අනතුර සිදු කිරීමෙන් අනතුරුව කැබ් රථයේ පලා ගොස් ඇති අතර එය සොයා පොලිස් කණ්ඩායමක් කීපයක් විමර්ශන ආරම්භ කර තිබේ.