
( විනීතා එම් ගමගේ)
අග්‍රාමාත්‍ය විදේශ සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ලෙස අනුරාධා හේරත් මෙනෙවිය පත් කරනු ලැබ ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරට කටයුතු කළ සමයේ දී ජනාධිපතිවරයාගේ ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ඇය 2013 වසරේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශකවරිය ලෙසද කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ අනුරාධා හේරත් ඇමරිකාවේ නිව්යෝක් හි පේස් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙසද කටයුතු කරන්නීය.
ඇමරිකාවේ නිව්යෝක්හි කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍යවේදය පිළිබඳ ශ්රාස්ත්රපති උපාධිධාරිනියක වන ඇය ලුසියානා විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරිනියක ද වන අතර එහි ම යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා උපාධිධාරිනියක ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරිය මේ දුප්පත් රටේ බදු සල්ලිවලින් සොච්චමක් ගන්න ආවද? පුදුමයි, ලංකාවේ නැද්ද? රට හැර නොගිය උගත් ගෑණුදරුවෝ..?
පට්ට දක්ෂයින්නේ... දේශපාලන බේදයකින් තොරව ජොබ් එක අනුමතයි.
තවත් ඇමරිකන් පුරවැසියෙක් එන එක ලොකු දෙයක් ඉතින්...
රටේ පවතින තත්වය හමුවේ මේ වගේ ඉතාමත් වැඩදායක පත්වීමක් සිදුකිරීම ගැන අගමැතිතුමාට අපගේ ගෞරවය හිමිවිය යුතුයි. ඒ වගේම මේ වගේ පත්වීමක් බාර ගැනීම ගැන අපි මෙතුමියට ණය ගැතියි. දැන් මේ පත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස අගමැතිතුමන්ගේ වැඩ ඉතා ඉහළ ඵලදායීතාවයකින් යුතු නිසා එය වක්‍රාකාරයෙන් රටේ සංවර්ධනයට ඉතා යහපත් ලෙස බලපානවා ස්ථීරයි. ඔන්න ඔහොමයි කොරෝනා පරද්දන්නේ...
කලවයස යනකම් උපාධි පස්සෙන් දුවලාමනේ තියෙන්නේ...
ලංකාවේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය කොහොමද දන්නෑ...?
මෙය ප්‍රවණතාවක් බවට පත්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. දක්ෂ දේශප්‍රේමී පුද්ගලයෙක් රජයට බැඳෙන විට අපි සතුටු විය යුතුයි. ඇයට අවශ්‍ය වූයේ මුදල් පමණක් නම් ඇයට නැවතී සිටීමට ඉඩ තිබුණි.
ඇමෙරිකන් පුරවැසියෙක් රටේ නායකයා නිසා දැන් බය නැතිව ඕන රටකින් අපිට සේවකයෝ ගන්න පුළුවන්. ලංකාවේ බයියලාට ඉතින් කවුරු වුණත් කමක් නැහැ.. පිටරට නම්.
එකත් එකටම ද්විත්ව පුරවැසියෙක් වෙන්න ඇති.?
ඇයි අපේ රටේ මිනිස්සු මෙච්චර කුහක, උගත් කෙනෙකුට මිස මෙම තනතුර ලබාදිය යුත්තේ පයිප බාස් කෙනෙකුටද.?
කුමාර, ඔබ කියන කතාව හරියටම හරි.
අපි ආඩම්බර විය යුතු වෙනවා.. ශ්‍රී ලාංකික උගතුන්, කාන්තාවන් රටේ පරිපාලනයට එකතු විය යුතුය. ද්විත්ව පුරවැසියන් වුණත් ඔවුන් ශ්‍රී ලාංකික සිංහල වෙනස්කළ නොහැක.. ඔවුන් මව්බිමට සේවය කළ යුතුය.
ඇදපල්ලා කකුලෙන්.., ජන්ම ගතිය නිසා හැමදාම කාණුවේ.
උඩින් යන දුම් නැති රියේ බඩුපටවන්න කතා කරන මෝඩ මිනිසුන් ඉවත්කර යාන්ත්‍රික ඉංජිනේරු... මෙතුමිය පත්කරන්නේ නම් මැනවි.