(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය යුධගනාව ප්‍රදේශයේ අනාරක්ෂිතව නිවසක රැදී සිටි කුඩා දැරියන් දෙදෙනකු සිය බාරයට ගත් මැදිරිගිරිය පොලිසිය කියයි.

ඒක් දැරියක් වයස අවුරුදු 9 වන අතර අනෙක් දැරිය වයස අවුරුදු 4 මාස 6 වන බව පොලිසිය කියයි.

මෙම දැරියන්ගේ මව මීට වසර 2 මාස 6 පමණ පෙර ස්වාමියා සහ දැරියන් දෙදෙනා හැර ගොස් ඇති අතර ඒදින සිට මෙම දරුවන් සියි පියා යටතේ හැදී වැඩී ඇත.

මෙම නිවසේ දරුවන්ගේ මිත්තනියද සිටින අතර ඇය වයෝවෘදව ඒක්තැන්ව සිටින කාන්තාවකි. දහවල් කාලයේ ඇගේ සියළු මළ මූත්‍ර ඉවත් කිරීමේ කටයුතුද මෙම දැරියන් විසින් සිදු කරන බවට පොලිසියට අණාවරණය වීඇත.

තවද මෙම නිවස ඉතාමත් අපිරිසිදුව පැවති අතර දරුවන් දැඩි අනාරක්ෂිතව සිටින බවද ගම්මුන් ළමාරක්ෂක අධිකාරියට කළ දැනුම්දීමකින් අනතුරුව පොලිසිය විසින් අදාල නිවසට පැමිණි අවස්ථාවේ අනාරක්ෂිතව දරුවන් ඒම ස්ථානයේ රැදී සිටින බවට අනාවරණය වී ඇත.

නිරාහාරව සිටි දරුවන් දෙදෙනාට පොලිසිය විසින් ආහාර ලබා දීමට කටයුතු කළ අතර ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිළධාරීන් පිරිසක් මෙම දැරියන්ට ඇදුම්, අධ්‍යාපනික උපකරණ ආදියට ලබා දීමට කටයුතු කළහ.