(නිමන්ති රණසිංහ)
රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ගේ ඝාතන සිද්ධියට අදාළ සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක අංගොඩගේ සුමිත් චම්පික පෙරේරා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන තිදෙනා චෝදනා දෙකක් යටතේ වැරදි සිදුකර ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වී ඇතැයි නිතිපතිවරයා උපදෙස් ලබාදුන් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (23) කරුණු ගොනු කර ඇත.
ඒ අනුව මෙම සිද්ධියේ සැකකරුවන් තිදෙනා ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 198 සහ 215 යන වගන්ති යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බැවින් ඔවුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ හැකිව ඇතැයි නිතිපතිවරයා ඉකුත් 21 වැනිදා තමන් වෙත උපදෙස් ලබා දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 17 වැනි දින නාරාහේන්පිට පොලිස් වසමේ පාර්ක් පාරේ ශාලිකා කි‍්‍රඩාංගනය අසල මාර්ගයේදී රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන් නැමැත්තා කාර් රථයක් තුළ සැක සහිත ලෙස පිලිස්සී මිය යාම සම්බන්ධයෙන් රහස් පොලීසිය වෙත පැමිනිලි කර තිබුනේ අංක 20, මුරුගන් පෙදෙස, කොළඹ 06 පදිංචි අයේෂා තාජුඞීන් යන අය විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුම තමා පරණ තැටිය රෝල් කරනවා...
ඔන්න මෛත්රිගේ ඔක්තෝබර් 26 ගැසට් පත්‍රය වැඩ කරනවා. ඩිපෙන්ඩර්, තෝරු, මෝරු අයින් කරලා, හාල්මැස්සන්ට නීතිය ක්‍රයාත්මක කරනවා...
එතකොට රාජපක්ෂ කොල්ලෝ ටික....
අප්පච්චියේ.. ඇති යංතං ඒ කේස් එකත් ගොඩයන පාටයි!
එතකොට 'සිරිලිය' කෝ?
මිනිමරුවෙක් නැති ඝාතනයක් කව්ද තාර්ජුඩින් මැරුවේ ??
කෙටි චිත්‍රපටි