රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික දෙසැම්බර් 26 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා අද (14) නියෝග කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා නිතිපති වෙනුවෙන් පෙනී සිටිමින් තාජුඩීන්ගේ ඝාතනය සිදු වු අවස්ථාවේ දී පිටුපසින් පැමිණී වාහනය පිළිබඳ පරික්ෂා කරන බව අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල කියූ ලෙස මේ අපරාදය කල නියම චුදිතයන් අතට යකඩ මාන්චුව වැටෙන තුරු මොහුව ඇතුලෙම තබන්න ඕනේ (ර)
මෙවන් අපරාධ නඩුවකට සම්බන්ධ ප්‍රධාන පොලිස් නිලධරයකු ඇප පිට එළියේ තියන විට වැදගත් සාක්කි වෙනස් වීමට හෝ නැති වීමට පුළුවනි. ඒ නිසා අච්චු කරන තෙක් ඇතුලෙම තියන්න. (බ)