රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික දෙසැම්බර් 14 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (30) නියෝග කළේය.

හිටපු වෛද්‍ය අධිකාරී ආනන්ද සමරසේකර සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණය සම්බන්ධ වාර්තාව ද දෙසැම්බර් 30 වැනිදාට පෙර ලබාදෙන ලෙස අධිකරණය නියෝග කළේය.