(ෂෙහාන් චාමික සිල්වා, මනෝප්‍රිය ගුණසේකර)
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(2) නියෝග කළේය.
ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරිණි. එක් ශරීර ඇපයක් සඳහා ළඟම ඥාතියකු ඉදිරිපත් විය යුතු බවට ඇප කොන්දේසිවල ඇතුළත් කෙරුණු අතර සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද ඔහුට නියම කෙරිණි.
ඊට අමතරව අනුර සේනානායක මහතාට විදෙස් ගමන් තහනම් කෙරුණු අතර ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැබීමටත් නියෝග කෙරිණි. සාක්කිකරුවන්ට බලපෑම් කිරීම ද තහනම් කෙරුණු අතර දැඩි කොන්දේසි මත ඔහුට ඇප ලබාදීමට නීතිපතිවරයාගේ විරුද්ධත්වයක් නැති බව ප්‍රකාශ කෙරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.