(ෂෙහාන් චාමික සිල්වා, මනෝප්‍රිය ගුණසේකර)
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(2) නියෝග කළේය.
ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරිණි. එක් ශරීර ඇපයක් සඳහා ළඟම ඥාතියකු ඉදිරිපත් විය යුතු බවට ඇප කොන්දේසිවල ඇතුළත් කෙරුණු අතර සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද ඔහුට නියම කෙරිණි.
ඊට අමතරව අනුර සේනානායක මහතාට විදෙස් ගමන් තහනම් කෙරුණු අතර ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැබීමටත් නියෝග කෙරිණි. සාක්කිකරුවන්ට බලපෑම් කිරීම ද තහනම් කෙරුණු අතර දැඩි කොන්දේසි මත ඔහුට ඇප ලබාදීමට නීතිපතිවරයාගේ විරුද්ධත්වයක් නැති බව ප්‍රකාශ කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ හොඳ පස්සෙන් එනවා කියන්නේ ඕකට තමා....මොනවා කළත්..., නුඹ නාඩන් නුඹ නාඩන්..., නුඹට ඕව හොඳ පාඩම්...
පුද්ගලයෙක් පැහැරගෙන මරණීය තර්ජන එල්ල කරපු අයට ක්ෂණිකව ඇප... අහක ගිය මිනී මැරුමකට සාක්කිත් නැතිව මෙයා රිමාන්ඩ් භාරයේ හිටියා අවුරුද්දකට ආසන්න කලක්... මේකද යහපාලනය..? මිනිස් අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කිරීම හා දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම අප දකින්නේ යමපාලනය හැටියටයි...
ඇයි මෙතරම් ප්‍රමාද වෙන්නේ ඇප ලබාදෙන්න?
හරිම සතුටුයි. රටට විශාල සේවයක් කළ පොලිස් නිලධාරියෙක්. අපේ අය දකින්නේ කෙනෙකුගේ නරක විතරයි.
අයෙත් ඡන්දයක් ලංවෙලා තාජුඩින් නාටකය 2 කොටස පටන් ගන්නකන් දැනට පොඩි විරාමයක්... තව අවුරුදු 6-7 කින් ඡන්දයක් තියන්න අදහසකුත් නැති නිසා (බොරු සීමා නිර්ණයක් පෙන්වමින් ප්‍රාදේශීය, පළාත් පාලන ඡන්ද දැන් අවුරුදු 2 කට ලංවෙන්න කල් දමමින් ඉන්නවා. වගේම ජනාධිපතිවරණේ, මහා මැතිවරණෙත් ඔය වගේම 2025 විතර වෙනකන්ම කල් දමන්න දැන්ම යහපාලනය සැලසුම් කරගෙනයි තියෙන්නේ...
හරිනම් දිය යුත්තේ ඇප නොවෙයි... දැඩි දඬුවම් තමයි.
කොලඹ ආරක්ෂා කලේ මෙතුමා .. නැත්නම් කොටි සමහර දැන් ඉන්න කයිවාරු කාරයන්වත් මෙලහකටත් මරලා..
මෙතුමා කලේ පසුගිය රජයේ ඕනෑ එපාකම් තමයි. ඒ කාලයේ රණවිරුවන්ටත් අසාධාරණයන් වුණා කියලා ආරංචියි.
මෙතුමා අත්අඩංගුවට ගත්ත හේතුව දේශපාලන න්‍යායපත්‍රයට අනුව සිදුවූ එකක්... අවශ්‍ය උත්තරය මෙතුමාලා නොදුන් නිසයි මෙතුවක් කල් ඇතුලේ හිටියේ.... ඔබතුමාට අපේ ප්‍රණාමය !!!
දැන් ඉතින් තියෙන සාක්ෂි වලටත් දෙයියන්ගේම පිහිට තමයි. මදැයි හොරු අල්ලන්න කියලා අපිත් ගහපු කතිරේ....
තාජුදීන්ගේ මිනීමරුවන් රටට හෙළිකර ඔවුන්ට දඬුවම් දෙන්න නොහැකි නම් රටට කුමකටද පොලිසියක්... අධිකරණයක් ?