පසුගිය රජය සමයේ කොටහේනේ දී වඩිවේල් පී.යෝගනාදන් හා රත්නසාමි පරමානන්දන් පැහැර ගැනීමේ පරීක්ෂණ කිරීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධරයනට අවහිර කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (24) රහස් පොලිසියට අවසර දුන්නේය.
යෝගනාදන් හා පරමානන්දන් හට පෙර අපරාධ හෝ ත්‍රස්තවාදී වැරදි නැතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඔවුන් ගමන් කළ රියේ කොටස් කිහිපයක් වැලිසර නාවික හමුදා කඳවුරේ තිබූ බවත් යෝගනාදන්ගේ හා පරමානන්දන්ගේ ජංගම දුරකථන නාවික හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කොමදෝරු දයානන්ද හා හිටපු නාවික හමුදාපති ළඟ තිබූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අනුර සේනානායක රිමාන්ඩ් කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ නඩුව කල්යන්නේ මොකද? අනිත් සියලු නඩුත් ඇනහිටලා (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා පැරැන්නන් කිව්වට දැන් ඉන්න ජනාධිපතිත් එක්ක ඒ සෙල්ලම් බැහැ. හාමුදුරුවෝ වුණත් හිරේ යවන්න ඒ උත්තමයා පසුබට වෙන්නේ නැහැ. (නි)