පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපාගෙන් පැය 4ක් පුරා ප්‍රශ්න කර කටඋත්තර ලියා ගත්තේය.
ඇමැති මණ්ඩල තීරණයක් නොමැතිව ශ්‍රී ලංකාවට තෙල් ගෙන්වා රුපියල් කෝටි තුන හමාරක පාඩුවක් කළැයි කියන සිද්ධියක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. යළිත් අවශ්‍ය වුවහොත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවද පොලිසිය ඔහුට දන්වා තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් එම සමාගම ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලා නඩුවක්ද පවරා ඇත.
ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හිටපු ඇමැති මාධ්‍යවේදීන් මගහැර වෙනත් පැත්තකින් පිටවී ගිය බව පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ එතුමා නිර්දෝෂ ඇති (නි)
පැය හතරක් තිස්සේ මොනවා ප්‍රශ්න කළාද දන්නෙ නැහැ (නි)
පුහුල් හොරා කරෙන් දැනේ !(හේ)