( මුදිතා දයානන්ද)
අමාත්‍යවරයෙක් හා අමාත්‍යධුරයක් යන්න පිළිබඳව අර්ථදැක්වීමක් අවශ්‍ය වන බවත් මේ පිළිබඳව නීති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව නව කැබිනට් සංශෝධනයෙන් 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝනය කර තිබේද යන්න පිළිබඳව සලකා බලා අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (22) පැලවත්තේදී පැවසීය.
‘‘19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ සඳහන් වන පරිදි ඇමතිවරු සංඛ්‍යාව 30 කටත් නියෝජ්‍ය ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව 40 කටත් සීමා විය යුතු වුවත් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව ආණ්ඩුවක් හදනවාය යන පූර්ව අදහසක සිට එයට සංශෝධනයක් එකතු කළා ජාතික ආණ්ඩුවකදී ඇමැතිවරුන් සංඛ්‍යාව 48ට හා නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව 45ටත් වැඩිවිය යුතු බවට. මෙවර සිදුකන ලද කැබිනට් සංශෝධනයෙන් ඇමතිවරු සංඛ්‍යාවේ මෙම සීමාව ඉක්මවා ගොස් නැති වුවත් අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩිවී තිබෙනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ සම්බන්ධයෙන් නිවැරදි අදහසක් ලබාදී නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනිමට බලාපොරොත්තු වන වෙනවා‘‘ යැයි ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනේ පිටුපස යන ගමන් මොනවා හරි කරන්නත් එපායැ. ඕක තමයි දැන් රටේ තියන ලොකුම ප්රශ්නය...
රට වැසියාගේ කැමැත්තෙන් පත්වුණාට රටේ ධනය, දේපළ සේරම විනාශයි...
මැතිවරණ කාලේ කිව්වේ නියෝජ්‍ය, රාජ්‍ය, කැබිනට් සේරම 20 යි කියලා. මේකට විරුද්ධව කටයුතු කරන්න බැරිද? ඇමති මණ්ඩලය නම් ජනතාවට විශාල ආර්ථික බරක් හැටියටයි මටනම් හිතෙන්නේ...
අනුර මහත්තයෝ, ඔයාල අත්දෙකම උස්සගෙන පත්කරගත්ත යහපාලනය නේද මේ? මොනවද මේ විහිලු?
ඔව් ඉතින් වෙන කරන්න දෙයක් නැතුවට වචනවල තේරුම් හොය හොයාවත් ඉඳිමු
කාලෙන් කාලෙට මොකක් හරි විහිළුවක් කරනවා මිනිසුන්ගේ ඇත්ත ප්‍රස්නේ යට ගහලා, මිනිසුන්ව හිරිවට්ටල තියන්න. මේ අයට ඕනේ නැහැ රට ගොඩගන්න. ඕනේ රට ප්‍රපාතෙටම දමලා, මිනිසුන්ට මේ ප්‍රධාන පක්ෂ දෙකම එපා කරවලා මෙයාලට ඡන්දෙ දෙන දවසක් හදාගන්න. එක ජවනිකාවක් තමයි පසුගිය ජනපතිවරණයේදී කලේ. එදා ප්රභාකරන් මායිම් ගම්මාන වල ඉන්න අහිංසකයෝ මරනකොට, රටේ මර්මස්ථාන විනාස කරනකොට මොනම විදියකටවත් ඒවා විවේචනය කලේ නැහැ. මොන ආණ්ඩුවක් වුණත් පත්කරගෙන කරන්නෙත් මේ රට විනාශ කරන එක විතරයි.
ඔන්න ඔය හේතු නිසාම තම අපි රතු පක්ෂෙට තිබ්බ සුළු හරි කැමැත්ත අඩු වුනේ, මිහිපිට දාහක් ප්‍රශ්න, මේගොල්ලෝ උක්ත ආක්‍යාත ඇලපිලි හොයන්න කාලය කනවා
මුළු පාර්ලිමේන්තුවම රටට බරක්.ඒ විතරක්ද? පළාත් සභා, ප්‍රාදේශීය සභා. මේ පුංචි රට පාලනය කරන්න මෙපමණ නඩයක් අවශ්‍ය නැහැ. හැමෝම ජනතාවට ඇස්බැන්දුම් පෙන්වනවා. ඔළුගෙඩි මාරුකරලා ආණ්ඩු හදන එක ජනතාවගේ තීන්දුවට කරන නිග්‍රහයක් නොවෙයිද?