බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විශ්‍රාම ගැනීමේ ලියවිලි පොලිස්පති එන්.කේ.ඉලංකෝගන් මහතාට බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මෑතදී ඔහු පොලිස් මූලස්ථානයට මාරුකර තිබුණි.
ගායකයකුද වන අනුර සේනානායක මහතා ඔහුගේ ‘මාගේ කිරිල්ලී‘ නමැති ගීත ප්‍රසංගයෙන් උපයාගත් බව කියන රුපියල් කෝටියක් පොලිස් සේවා වනිතා ඒකකයට පරිත්‍යාග කළේය.
බියගම විලේජ් හෝටලයේ අයිතිකරු ඝාතනයේ සාක්කි වසන් කිරීමට ඔහු උත්සාහ කළ බවට පළවූ වාර්තාවල සත්‍යතාවයක් නැතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඔහු කිසිම ඝාතනයක් වසන් කිරීමට උත්සාහ කර නැතැයිද මාධ්‍ය ප්‍රකාශක කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අළුතෙන් විශ්‍රාම යන්න දෙයක් නැහැ. විශ්‍රාම ගිහිල්ලා හිටියේ. නැවත පත් කරලා තිබුණේ කොන්ත්‍රාත් පදනමට. ඒ කියන්නේ ඉගිල්ලිලා ගිහින් ටිකක් කල්. (නදී)
ඔය කියන සංගීත තැටිය ප්‍රචාරණය උන තැනක් අහලවත් නැහැ. කෝටියක ආදායමක් ලැබුන කියන එක ප්‍රයෝගික නැහැ. කොහොමත් මෙයාගේ පහුගිය කාලෙ හැසිරීම බුද්දිමත් සියලුම දෙනාගේ අප්‍රසාදයට ලක් උනා. තමන් ගෙනියන්නේ කරපු හොඳ විතරයි (නදී)
මේ වගේ අය සේවා දිගු මගින් පොලිස් සේවයේ අනවශ්‍ය විදියට රැඳී සිටීම නිසා පහල නිලධාරීන්ට උසස් වීම් නොලබාම විශ්‍රාම යන්න සිදු උනා. අර 'සරා ගොයියා හරි මිනිහා' සින්දුව තිබුන 'පොලිස් කෝලම' නාටකයෙන් පසුව අනුර සේනානායක මහතා අධ්‍යක්ෂණය, දෙබස්,රඟපෑම ආදියෙන් දායක වූ අති අසාර්ථක "කන්ගැට්ටා"නාටකයත් අනිවාර්යයෙන්ම පොලිස් ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරනවා.(නදී)
කුරුල්ලා ඉගිලිලා යන්න කලින් කූඩු කළොත් නරකද?(දිල්)
මොහුට විරුද්ධව පසුගිය කාලේ බරපතල චෝදනා රැසක් එල්ල වී තිබුනා. ඒ අතර දුම්රිය වර්ජනයේදී මගීන්ට අමානුෂික ලෙස පහරදීම මෙන්ම මහජන උද්ගෝෂණ වලදී අනිසි ලෙස බලය භාවිතා කරමින් පහරදීම යානාදිය, ඒ වගේම මොහු පසුගිය රජයේ ආරක්ෂක ලේකම් වරයාගේ සුවච කීකරු ගෝලයකු බව ප්‍රකට කරුණක් වන අතර එමගින් මොහු තම සේවා කාලය දිගුකර ගැනීමට අවස්තාව සලසාගත් අතර මොහු විසින් කර ඇතැයි කියන සියලුම නීති විරෝධී හා විනය විරෝධී කටයුතු සොයා බලා නීති මගින් කටයුතු කිරීමට පොලිස්පති ඉලංගකොන් මහතා විසින් කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු! (නදී)
ඔබට අපගේ ප්‍රණාමය (නදී)
ලංකාවේ සංගීත තැටියක් විකුණා රුපියල් කෝටියක් හම්බ උනානම් එ්ක පුදුමයක් නොවෙයි නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවට කියක් ගෙව්වාද? මෙයා ලංකාවේ මයිකල් ජැක්සන් ද ? තැටි යකින් රුපියල් 100 ක ලාබයක් නම් විකිණිය යුතු තැටි ගණන 100000 කි .(නදී)
යහපාලනයෙන් සේවා දිගු නැහැ වගේ නේද.? (ර)
මම ඉතින් යන්න යනවා. වරදක් උනත් හිතකින් නෙවේ (නදී)
විශ්‍රාම යන්නේ වයස කීයෙන්ද කියලත් කියලනම් නෑ. (ර)
දැන් ඉතින් විවේකයක් ගන්න (නි)
මෙතුමා ඔච්චර මුදලක් ඔය තැටිය විකුණලා සෙවුවා කියන එක මට නම් ටිකක් පිළිගන්න අමාරුයි. එහෙනම් නන්දාමාලනී, අමරදේව වගේ අය ලංකාවේ ඉන්න නොම්මර 1 සල්ලිකාරයෝ වෙන්න ඕනෑනේ! (නි)
අනුර සේනානායක මහත්තයා රාජකාරි කලේ රාජපාක්ෂිකවයි. රජයේ නිලධාරීන් එහෙම කරපුවහම හදිසි ආණ්ඩු මාරුවකදී මෙහෙම වෙනවා. ඒ නිසා ස්වාධීනව මධ්‍යස්තව රාජකාරි කළා නම් අපවාද අහන්න වෙන්නෙත් නෑ, ජීවිතේ සැන්දෑ සාමය ගෞරවාන්විතව අභිමානයෙන් ගත කරන්නත් තිබුණා (දිල්)