‘ලෝකය ආර්ථික වශයෙන් මහා ජයග්‍රහණ අත්පත් කර ගනිද්දි අපි තුන්මන් හන්දියේ ඉන්න පෙරේතයා පස්සේ දුවනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රැස්වීමක දී කීවේය.
හංදියේ ඉන්න පෙරේතයා ගැනත්, කතරගම දෙවියන් වැඩ සිටින තැන ගැනත්, ජවිපෙ නායකයා කළ කතාව පහත වීඩියෝවෙන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා පරිමාණ ජයග්‍රහණ අත්කරදුන් මහා වීරයෝ පෙත්තක තියල තුන්මන් හන්දියේ හිටපු පෙරේතයෝ ටිකක් රට කරන්න හදනවා...(ම)
බුද්ධියට මුල්තැන දුන් ශ්‍රේෂ්ඨයෙක් (නි)
මේකට අමු කැවිලද ? රට ජාතිය ගැන කතා කරන්නේ.. අපේ ඉතිහාසේ ,, වාරි කර්මාන්තෙ ගැන අකටැහැ කරන්නේ ...ජෙප්පන් ටත් මේවා මතක් වෙනවද මාර්කස් ට ,ලෙනින්ට ජාතිය ආගම,ඉතිහාසය පේන්න බෑ නේද ?.. දිව හැරෙන හැරෙන පැත්ත ට කතා කරන ඔබලාව අපි දේශපාලනයෙන් අතුගා දමන දවස අත ළඟයි (බ)
දේශපාලනයෙන් ඔබ දකින දුර දකින්න නුවණ හෝ අවශ්‍යතාවය අනෙක් පක්ෂ වලට නැහැ. (නි)
ජනතාවටත් දැන් අග මුල පටලිලා තියෙන්නේ (ම)
ඔබ කියන දෙය තෙරුන් ගන්න තරන් මුහුකුරා ගිය බුද්ධියක් තියෙන මිනිස්සු හරි හිගයි ලංකාවේ. (ම)
කාර්ල් මාර්කස් ජිවත් උනේ 1818 -1888 කාලයේ. අද ලෝකය ගොඩක් වෙනස් වී ඇත , අනුර කුමාර විග්‍රහ කරන්නේ නුතන ලෝකයට ගැලපෙන සහ ලංකාවේ මිනිස්සුන්ට තේරෙන විදිහට වෙනස් කල සමාජවාදයකි , යුරෝපයේ සහ ලෝකයේ වෙනත් සමජවාදී පක්ෂ කරන ආකාරයට ජ. වී . පෙ . ආගම සහ සංස්කෘතිය පිළිකෙව් නොකරති. නමුත් මිත්‍යාදෘෂ්ටිය පිටු දකී, මේ කතාව තේරුම් ගැනීමට යම් කිසි බුධියක් අවශ්‍යවේ. මම මේ කතා කලේ 1990 පසු ජ . වී . පෙ . ක්‍රියාකරන ආකාරය ගැනය , තමන්ගේ වැරදි හදාගෙන ඉදිරියට එන කොට පිටුදැකීම නොකළ යුතුය. (ස)
අද රටේ හොදම උගතුන් පවා මිත්‍යාවේ ඇලිල ජීවත් වෙන්නේ මන්ද? එකක් දේශපාලකයෝ ප්‍රශ්ණ මග හරින තැනට ඇවිත් ඒ නොහැකියාව නැත්නම් නුවුමනාව වහගන්න මිනිස්සුන්ට නොපෙනෙන බලවේග පෙන්නනවා. (ම)
සුමුදු,ඔයා කියපුදේම මටත් හිතුන පිවිතුරු, බණ්ඩාර වගේ අයගේ අදහස් දැක්කම. (බ)
මේ මේ ඔහොම කතා දැන්ම කියන්න යන්න එපා. හෙට අනිද්දා ට ඡන්දයක් එනවද දන්නේ නැද්ද? (ම)
හරවත් කතාවක්. (ස)
සහෝදරයා දැන් ඔය තුන්මං හන්දියේ මල පෙරේතයා පක්ෂය ගොඩනගපු අමරසිංහ සහෝදරයාද ? නැතිනම් එජාපය,ශ්‍රිලංනිපය,ජවිපෙ නැමැති තුන් බිල්ල ජත්‍යන්තර කුමන්ත්‍රණ නැමැති සොහොන් බිමට ඇදගෙන යන ඔබද? දේශනා කරන්න පෙර සෝවාන් වෙලාමද කියල ඔබ ඔබ ගැනම ඔබ විසින්ම ස්වයං පරීක්ෂණයක් කරවා ගැනීම නම් එලොව මෙලොව දෙකටම හොඳය. එවිට මලපෙරේත දේශපාලන ගොටුවෙන් බොටුව මිරිකා ගන්නා අවදානමෙන් ඉවත්ව නිර්වානය කරා පියමං කල හැක. ප්‍රේත යක්ෂ අමනුස්ස බිය දුරු වේවා. සෙතක් ශාන්තියක්ම උදා වේවා. (ස).
අවුරුදු 28 ක ඉතිහාසය මතක තිබෙන උදවිය දන්නවා මේ ගැන.(හේ)
ඔව්. මෙයාලා තමන්ගේ වැරදි හදාගෙන ඉදිරියට එන එක හොඳයි. ඉදිරියට නෑවිත් ඔය වෙන මොනවාහරි කරගෙන පාඩුවේ ඉන්නවා නම් ඊටත් වඩා සම්පතයි. (නි)
මෙයාලගේ අතීතයත් මෙයාල මේ රට අහිමි කළ සම්පත් ගැනත් තරුණ පරපුරට දීපු දායාද ගැනත් අහලා බලල දැන ගන්න ලජ්ජා නොවී.(හේ)
අවස්ථාවාදී මළ පෙරේතයින් ඡන්ද ගොටු වලට කෙළපෙරමින් අවට සැරිසරනු නැවතත් දැකිය හැක.අන්ත්‍රාවයි! ප්‍රවේශමෙන් !! (නි)
අනුර කුමාර කරන්නේ රටට ගැලපෙන මාර්ක්ස්වාදයක් නෙවේ. එයාට ඊළඟ පාරත් පාර්ලිමේන්තුවට යන්න ගැලපෙන මර්ක්ස්වාදයක්. අපි සහතික වෙමු මේ වගේ අවස්ථාවාදී හිස් මිනිසුන්ව ඊළඟ පාර්ලිමේන්තුවට නොයවන්ට. (ස)
කතරගමගෙයි තුන්මන් හන්දියේ ඉන්න පෙරේතයාගෙයි ඇති වෙනස මොකක්ක්ද? දෙන්නාම අශුද්ධ ආත්ම (බ)
කාලයක් මත හිතන් හිටියේ මෙයාලා හරි සාදාරණ කට්ටියක් කියල. මෙයාලට ඇමතිකම් පහක් ලැබුණ කාලේ එම ආයතනවල පුරප්පාඩු සියල්ල සම්පුර්ණ කළේ මෙයාලගේ සාමාජිකයන්ගෙන් සහ හිතවතුන්ගෙන්. (ම)
88-89 කලේ ඡන්දේ දාපු නිසා මරා දමපු අය ගැනද කියන්නේ (ම)
ගතානුගතික මේ මිනිස්සු කොට්ටාශයක් ඉන්න කන් රටක් හදන්නත් බැහැ තමුන් හැදෙන්නෙත් නැහැ ,(හේ)
බුද්දියට ඉඩ දිලා කතාව තේරුම් ගන්න උත්සහ කරන්න.(හේ)
තව ඉස්සරහට යක්කුත් වහයි.(හේ)
අනේ බණ්ඩා නොදුටු මාක්ස්වාදය! බණ්ඩාර මල්ලි, මාක්ස් තරම් ඉතිහාසය ජාතිය ආගම් හදාරපු දාර්ශනිකයෙක් තව ලෝකේ නැතිතරම්. ඒ විතරක් නොවෙයි ද්වි ඝටනාත්මක භෞතිකවාදය, ආර්ථික විද්‍යාව, ලෝක ඉතිහාසය, රසායන විද්‍යාව ඇතුළු සියලු විද්‍යාවන් ඉතා ගැඹුරින් හැදෑරූ දාර්ශනිකයෙක්. මාක්ස්වාදය විද්‍යාවන්ගේ විද්‍යාවක් වන්නේ ඒක නිසා මලේ. අනුරගේ කතාව සම්පුරණයෙන් අහන්න. ඉතාම දක්ෂ දේශපාලකයෙකුගේ ලක්ෂණ තිබෙන දක්ෂ මනුස්සයෙක්. ඊර්ෂ්‍යා කරන්න එපා. ඔබ අප හා අපේ පරම්පරාවන් වෙනුවෙන් අනාගතේ රට භාරගන්න ඉන්න නායකයෙක්. කුහක වෙන්න එපා ඔච්චර. විචාර බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න. ස්තුතියි. (නි)
මොවුන් තමා මේ රටේ ඉන්න මට නම් එපාම කළ දේශපාලකයින් (නි)
අපොයි සුමුදු,ඔය කියන දේවල් තේරුම් අරගෙන මුහුකුරා යන්න ගිහින් තමයි 88/89 කාලසීමාවේ 60 දාහක් නැතිවුණේ. ඔයාට ඔය ළදරු වයසට කොහොමත් ඕවා තේරෙන්නේ නැහැ.අපේ වයසට ආවම ටිකක් මෙයාලා කවුද කියලා තේරේවි.එදාට බලන්න මේ අනුර කුමාර එදාට ඉන්න තැන කොහොම වේවිද කියලා.එතකන් අම්මා තාත්තාගෙන් පොඩ්ඩක් මෙයාලගේ අතීතයත් මෙයාලා මේ රට අහිමිකළ සම්පත් ගැනත් තරුණ පරපුරට දුන් දායාද ගැනත් අහලා බලලා දැනගන්න ලැජ්ජා නොවී (නි)
මෙයාලා මේ රටට කළ විනාශය හොඳටම ඇති.ඒවා වසන් කරන්න බැහැ. මෙයාලා කළ විනාශයේ හොල්මං මේ අය පසුපසම එනවා. (නි)
මෙයාලා 87-89 කළේ මොනවාද? (නි)
අශාන්, එහෙම කියන්න එපා. අපේ පිවිතුරුතුමා තරම් මහා මහා බුද්ධිමතෙක් කොහෙද? (නි)
හන්දිවල ඉන්න තරමක් ඔය ඉන්නවා කියන සියල්ල 87- 89 කාලවල නිකරුනේ අකාලයේ මැරුණු ජනතාව කියලයි අපි නම් හිතන්නේ. (නි)
මෙයා කියන්නේ මේ කවුරු ගැනද? (නි)
වෙන්න බැහැ..මෙයාට වඩා අපි දන්නා එහෙම කෙනෙක් කොහෙද ඉන්නේ..? (බ)
ඔයාම කියන්න මොකද්ද කරන්න ඕන කියලා (ම)
නියම කතාව .මල්වට්ටි උස්සගෙන දගලන දේශපාලකයන්ට නියම කතාව (ම)
දේශපාලනයෙන් තොරව ලංකාවේ මිනිසුන් නොදියුණු නොපෙනෙන ගුප්ත බලවේග පසුපස දුවන අමන විලාශය කියන්නට ඉදිරිපත්වීම පිලිබදව ස්තුතිය !(ම)
මොකද අනුර කුමාර කණ්නාඩියකින් මුණ බලලද කාලෙකට පස්සේ? (හේ)
මම ඉතින් කියන්නෙ නැහැ තුන්මං හන්දියේ පෙරේතයා ගැන... (නි)
අපි යූඑන්පී ශ්‍රීලංකා බේදයක් නැතුව මේ වගේ අය තරයේ ප්‍රතික්ෂේප කරමු (නි)
උසස් තනතුරකට සුදුසු පුද්ගලයෙක්. (නි)
නියම කතාව! නියමයි (නි)
මෙයා පස්සේ කවුද එළවන්නේ? හොල්මන්ද කොහෙද? (නි)
දැන් කවුද එතකොට පෙරේතයා? (නි)
මෙය තමා නියම ප්‍රබුද්ධ දේශපාලනය! (නි)
කතාව බලන්න ඕනෑ. තාම බැරිවුණා. හැබැයි කතාව නම් නියමෙට දීලා (නි)