(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 25 දෙනෙකුට කොළඹ කොටුව ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම සහ විරෝධතා පාගමන් වල නියැලීම අද(26) පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය
කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය සහ කොටුව පොලිස් බල ප්‍රදේශයන්හි විරෝධතා පෙළපාලියක් පැවැත්වීමට විරෝධතාකරුවන් පිරිසක් සැලසුම් කර ඇති බවත් ජනාධිපති කාර්යාලය සහ තවත් ගොඩනැගිලිවලට විරෝධතාකරුවන් ඇතුළුවීමට සැලසුමක් තිබෙන බවත් ඒ හේතුවෙන් එය වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් කොටුව පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව විරෝධතාකරුවන්ට ජනාධිපති කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, මුදල් අමාත්‍යාංශයට සහ ගාලුමුවදොර පිටිය ප්‍රදේශයට ඇතුළු නොවන ලෙසත් මහජනතාවට සහ රියදුරන්ට අපහසුතාවයක් ඇතිවන පරිදි මාර්ග අවහිර නොකරන ලෙසත් පොදු හා පෞද්ගලික දේපොළවලට හානි නොකරන ලෙසත්, ප්‍රචණ්ඩකාරී ක්‍රියා වලට සම්බන්ධ නොවන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කියලා හරියන්නේ නැහැ.. බිලියන දහය කොහොම හරි හොයලා ඡන්දේ තියලා තව රට අස්ථාවර කරලා ගන්න ඕනෑ. මොකද 88/89 වගේ දැන් බැහැනේ....
ජාතික ජනබලවේගයට ජයවේවා!!! පසුගිය අවුරුදු 70 තුළ අපේ රට පාලනය කළ දුෂ්ඨ හොරුන් විසින් විනාශකළ "ශ්‍රී ලංකාව" නැවත ගොඩනැගීමට ඔබලාට දිරිය, බලය, හැකියාව සහ ශක්තිය නොඅඩුව ලැබේවා..!!!
අනුර කුමාර ඉල්ලන්නේ දෙන්න බැරි දෙයක් නොවේ. ආණඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ ඡන්ද අයිතියයි. ඡන්දයෙන් පරදියි කියලා බයට මේ හොර කපටි රෑන ඡන්දය වළක්වන්න කළහැකි හැම දෙයක්ම කරනවා...
ජනතාව පාරට වැටෙන තැනට වැඩසිද්ද කෙරුවේ දූෂිත දේශපාලුවන්. සෞභාග්‍යයේ දැක්ම කෙසේවෙතත් අද ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ දූෂිත දේශපාලුවන් කරපු වැරැදි නිසා. කිසිම ජනවරමක් නැති, මහජන අප්‍රසාදයට ලක්වූ පින් ජනපතියාට විරුද්ධව, ආණ්ඩුවේ දූෂිත දේශපාලුවන්ට විරුද්ධව උද්ඝෝෂණ නොකර වෙන මොනවා කරන්නද? එකම විසඳුම ඡන්දයක් පවත්වන එක...
ඡන්ද ප්‍රතිඵල කෙසේවෙතත් ඡන්ද අයිතිය වැළැක්වීම නීති විරෝධියි.
ලැජ්ජයි නේද රනිල් මහත්තයෝ?
හොරු වෙනුවෙන් කඩේ යන නිවටයින් තවමත් ඉන්නවනේ...!
මේ උම්මත්තකයා හිතාගෙන ඉන්නේ පොලිසිය හමුදාව දාලා රටේ ජනමතය නිහඬ කරලා හැමදාම බලයේ ඉන්න පුළුවන් කියලා ඒ උනාට මතක තියා ගනින් ඔබේ මාමණ්ඩියටත් ඒ ටික කොර ගන්ට ඉරි උන විත්තිය.
පහුගිය දවස්වල සෑම ජනතා විරෝධයක්ම ප්‍රචණ්ඩ වුනේ මේ රටේ නීතිය රකින්න ඉන්න මහමොල දුන් මොලේ නැති විධාන නිසා කියලයි මට හිතෙන්නේ...!