විමල් කුමාර ද කොස්තා රංග ශිල්පියා සිංහල සිනමාවේ නොමැකෙන මතක රැසක් කළ චරිතාංග නළුවෙකි. අනෝමා වත්තල්දෙණිය නම්වන ඇය රූපවාහිනී මාධ්‍යයේ දී තමුන්ටම ආවේනික කුසලතා මගින් ප‍්‍රතිභාව විදහා පෑ ශිල්පිණියකි. පසුගිය කාලයේ දී මේ දෙදෙනා ගැන වැඩියමක් කතා කිරීමට අවකාශයක් නොතිබුණ ද, විමල් කුමාර ද කොස්තා සහ අනෝමා වත්තලදෙණිය යන මේ යුගලය ගැන අද කතා කිරීමට හේතුවක් තිබේ. ඒ මේ දෙදෙනාම එකම අහසක් යටදී හමුවන නිසාය. ඒ අහස වන්නේ විසුල අහසය. එනම් සතියේ දින පහ පුරාම රාත‍්‍රියේ දී හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන කැලූම් පාලිත මහීරත්නගේ ”විසුල අහස යට” ටෙලිමාලාව සමගය. එහි මේ දෙදෙනාම රංගනයට එක්ව සිටිති. ”විසුල අහස යට” රූගත කිරීම් අතරවාරයේ ලද විරාමයක දී යටගිය විස්තර, ආගිය තොරතුරු ඔවුන් සමග කතා කිරීමට අපි ඉඩක් ලබා ගතිමු. කොහොමද අනෝමා අක්කේ? කොහොමද කොස්තා අයියේ? අපි එහෙම ඇහුවාම, අනෝමා අක්කා කීවේ පෙනෙන්නට නැතිව හිටියට එයා වඩාත් කාර්යබහුල බවත්, කොස්තා අයියත් ඒ විදියම තමයි. ”ජීවිතේ හරිම ෂෝක් මල්ලි” කොස්තා අයියා තම හඬ අවදි කළේ ඔහුට සුපුරුදු හාස්‍යය අප වෙතට ලබා දෙමිනි. නව පුරපුරට දැනගන්නත් එක්ක මේ දෙදෙනාගේ ආරම්භය ගැන සඳහන් කිරීම වටී. එනිසා අතීතය සැකෙවින් විස්තර කිරීමට ඊළඟට මේ දෙදෙනාට අපි ඇරයුම් කළෙමු. ”1981 දී විතර තමයි මම රූපවාහිනියට සම්බන්ධ වුනේ. මම රූපවාහිනියේ ප‍්‍රථම නිෂ්පාදක කණ්ඩායමේ සාමාජිකාවක්. එදා සිට නිෂ්පාදකවරියක සහ අවසන රූපවාහිනි අධ්‍යාපන අංශයේ අංශ ප‍්‍රධානී ලෙස කටයුතු කරමින් වසර 25 ක සේවා කාලයෙන් සමුගත්තා. එදා ඒ වෘත්තියට අමතරව වාසනාවකට වගේ මට මුල්ම යුගයේ ප‍්‍රවෘත්ති නිවේදිකාවක සහ වැඩසටහන් මෙහෙයවීමේ ශිල්පිණියක ලෙස කටයුතු කරන්නත් ලැබුණා. ආයුබෝවන්, නුගසෙවණ වගේම දේශපාලන, කාලීන ආදී වැඩසටහන් දහසකට වඩා කරන්න ඇති. අනෝමා තම යටගියාව සිහිපත් කළේ එලෙසිනි. දැන් ඔබ මොනවද කරන්නෙ? ඊළඟට අප ඇගෙන් ඇසූ ප‍්‍රශ්නය එයයි. දැන් මම නිදහස් මාධ්‍යවේදිනියක ලෙස වාර්තා වැඩසටහන් ආදිය කරනවා. ඊට අමතරව නෙදර්ලන්තයේ වැඩසටහන් පුහුණුව ලබා තිබෙනවා. ඒ නිසා එම අංශයේ පුහුණුව ලබාදෙන ශිල්පිණියක ලෙසත්, කොළඹ සරසවියේ මානව සම්පත් අභිවර්ධන අංශයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරනවා. ඔය අතරේ අතරින් පතර විදේශගත වීමත් සිදුවෙනවා. අනෝමා වත්තල්දෙණිය රූපවාහිනියේ දිගු කාලයක නියැලී සිටියද, පුවත්පත් සාකච්ඡාවකට එක්වන පළමු අවස්ථාව මෙය යැයි කීවොත් සමහර විට ඔබ පුදුමත් වේවි. ඇත්තටම ඔව්, එක්තරා පුවත්පත් අතිරේකයකට හැර වෙනත් කිසිවකට සාකච්ඡා ලබා දී හෝ ඡායාරූපවලට පෙනීසිට නැහැ. එය තමුන්ගෙ ලස්සන නිසා ආඩම්බරකමකටදැයි අප ඇසූ විට ඇය කීවේ ”අපෝ නෑ” කියාය. රූපවාහිනියේ නිතර රූපය දකින නිසා තිරය පිටුපස සිටි අයට ඇය ඒ අවස්ථාව ලබා දී ඇත. ”මගේ මහත්තයා රංජිත් පෙරේරා මියගිහින් සෑහෙන කාලයක් වෙනවා. අපි දෙන්නගෙ එකම දුව විවාහ වෙලා එංගලන්තයේ පදිංචිව සිටිනවා. එයාට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. බොහොම ප‍්‍රීතියෙන් අපි ජීවිතේ ගෙවනවා. අනෝමා අක්කා ඒ විදියට අදහස් දක්වද්දී කොස්තා අයියා එක සීරුවට ඒ කතාව අහගෙන සිටියේය. ඔන්න ඊළඟට ඔයාගෙ අවස්ථාව. කියන්නකො අපට ඔබගෙ රංගන දිවිය සහ පවුලේ විස්තර එහෙම. අපි ඔහුට ඇරයුම් කළෙමු. ”ඇත්ත වශයෙන්ම රංගන දිවියට ඇවිත් අවුරුදු පනහක් විතර වෙනවා. කාලයක් නොපෙනෙන්නත් හිටියා නේද? ගොඩාක් අය එහෙම අහනවා. ඒත් වැඩ ලැබෙන පරිදි කළා. ඒත් හරියටම දැකගන්න ලැබුණෙ විසුල අහස යට නාට්‍යයෙන් නේද? දැන්වීම් කීපයකට පෙනී සිටියා. ඒවා ඉතා නිර්මාණශීලී දැන්වීම් හැටියට හඳුන්වන්න පුළුවනි. ලංකාබෙල්, සන්කුවික් සහ සී.ඞී.බී. බැංකුවට කළ ඒවා නිසා තවත් රුකුලක් ඇතිවුණා. පවුලේ විස්තරත් කියමු නේද? ඔව්, මම උපන්නෙ කැලණිය තොරණ හංදිය ප‍්‍රදේශයේ දී. ගුරුකුලයට ගියේ. මගේ බිරිඳ රේණුකා. පුතාලා දෙන්නෙක් සහ දුවෙක් අපට සිටිනවා. කොහොමද ඒ පවුල් ජීවිතය? සාර්ථකයි, අතිසාර්ථකයි, සුන්දරයි, අති සුන්දරයි. එදා රඟපෑ චරිත අතරින් ඔබගෙ වඩාත් සිත්ගත් චරිතය මොකක්ද? මම සිනමාවට ඒමට පෙර සම්බන්ධ වුණේ වේදිකාවට. නැසීගිය සුගතපාල ද සිල්වා මහත්මයාගේ දුන්න දුනුගමුවේ නාට්‍යයේ රඟපෑම නිසා 1973 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නළුවා වුණා. මම වේදිකාවට අද වගේම හෙටත් ගරු කරන කෙනෙක්. මම සිනමාවේ චරිතයක් වුනාට, වේදිකාවේ හොඳට දුක් විඳලා ආපු කෙනෙක්. මෙලෙසින් අමරණීය සිහිවටන තබමින් විමල් කුමාර ද කොස්තා ශිල්පියා රඟපෑ දේ නම් බොහෝමය. ඒ ගැන කතා කිරීම වෙනත් දිනෙකට තබා කැලූම් පාලිත මහීරත්නගෙ ”විසුල අහස යට” ටෙලි මාලාවට සම්බන්ධවූ අයුරු ගැන අපි ඔහුගෙන් විමසීමු. මීට පෙර ටෙලිනාට්‍ය කීපයක රඟපෑවා. ඒත් මේ නාට්‍යයට ආරාධනා කිරීම සහ මම සෑහීමකට පත්වෙන තරමේ චරිතයක් ලබාදීම ගැන ඉතාම සතුටුවෙනවා. කැලූම් පාලිත මහීරත්න කියන දක්ෂ අධ්‍යක්ෂවරයා ”වික්ටර්” කියන මේ චරිතය සමග මාව නැවත ඉපදෙව්වා කිව්වොත් සාධාරණයි. වික්ටර් කියන්නෙ සංගීත මාස්ටර් කෙනෙක්. කතාව වගේම මේ චරිතයත් හරිම අපූරුයි. එහි මගේ බිරිඳ හැටියට රඟපාන්නේ ප‍්‍රවීන නිළි ගීතා කාන්ති ජයකොඩි. ඒ වගේම ඩග්ලස් රණසිංහ, අනෝමා වත්තල්දෙණිය වැනි අති දක්ෂ පිරිසක් එක්ක රඟපාන්න ලැබීම වාසනාවක්. කොස්තා අයියා හරි අවංකව අදහස් ප‍්‍රකාශ කරන අයෙකි. දක්ෂයින්ට ගරු කිරීම සහ කෘතගුණ සැලකීම ඔහු සතු විශේෂිත ගුණාංගයකි. ඔහු පමණක් නොව අනෝමා අක්කාද එවැනි ගති පැවතුම්වලින් යුතු කෙනෙකි. ඇය මේ ලෙසින් චරිතයකට එක්ව සිටින්නේ 60 දශකයේ දී රඟපෑ අක්කර පහ චිත‍්‍රපටයෙන් පසුවය. එනම් දශක හතරකටත් වඩා කාලයකට පසුවය. ඇය මෙහි රඟපාන්නේ නිළියක ලෙස වන අතර, ඇයට ඇති එකම බලාපොරොත්තුව වන්නේ පුතු නළුවකු කිරීමය. ඇය මේ චරිතයට දායක කරවා ගැනීම කැලූම්ගේ පසුබට නොවන ගතිය නිසා වූවක් බව ඇය කීවාය.
‘විමල් කියන්නේ අති සුන්දර හොඳ මිනිහෙක් '
-අනෝමා-
කොස්තා, අනෝමා ගැන හිතන්නේ කොහොමද? ඊළඟට අපි ඒ ප‍්‍රශ්නය යොමු කළේ කොස්තා අයියාටයි. ඒ කාලයේ මෙයා අති සුන්දරයි. පළමු දවසේ එයා දුටුවාම මම එක එල්ලේ බලා සිටියා. හරියට මොනාලිසා දිහා බලා සිටියා වගේ. ඇත්තටම අනෝමා වත්තල්දෙණිය කියන මේ ස්වරූපය මට සම කරන්න පුළුවන් මාලිනි ෆොන්සේකාට විතරයි. සෑම දෙයකින්ම සුන්දර කාන්තාවක් ලෙසයි මම ඇයව දකින්නෙ. කොස්තාට යොමු කළ ඒ ප‍්‍රශ්නය ඊළඟට අපි අනෝමාටත් යොමු කළෙමු. ”මුලින්ම මට විමල් හඳුනාගන්න ලැබෙන්නෙ මගේ සැමියා රංජිත් නිසයි. 60 දශකයේදී තමයි හඳුනාගත්තෙ. ඇත්තටම විමල් හරිම විහිළු කරන, අති සුන්දර, ඉතාම හොඳ මිනිසෙක්. මේ විසුල අහස යටදී හමුවීම විටෙක අපට අදහා ගන්න බැරි තරම් දෙයක් වුණා. කැලූම් බැහැ කියන මතයේ සිටින කෙනෙක් නෙවෙයි. ඒ නිසාම තමයි මේ නාට්‍යයේ නෙළුම් අත්තනායක කියන චරිතයට සම්බන්ධ වුණේ. ”විසුල අහස යට”ට වී මේ දෙදෙනාට කීමට ඇති දේ නම් බොහෝමය. නමුත් ඒ සියල්ල ගැන සඳහන් කිරීමට මේ ඉඩකඩ ප‍්‍රමාණවත් නැත. එනිසා මේ අපූරු සුන්දර කලාකරු යුගල දායක වන කැලූම් පාලිත මහීරත්නගෙ සුන්දර ටෙලි මාලාව වන ”විසුල අහස යට” හිරු ටී.වී. ඔස්සේ නරඹා මේ දෙපොළගේ වගේම විසුල අහස යටට ආ සියල්ලගේ රංගනය වින්දනය කරන්නැයි අපි ඔබට ඇරයුම් කරමු.
සටහන / ඡායාරූප - සඳුන් ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් නම් අමතක කරන්න බැරි නළුවෙක්..ඉතාම විශිෂ්ඨ නළුවෙක්.. කොටි වලිගය චිත්‍රපටයේ රගපෑම නම් අමතක කරන්න බැහැ..(නු)
ඉතා විශිෂ්ඨ රගපෑම් අති සාර්ථකයි.. සුභ පැතුම්..!!(නු)
පුදුමයි හොද පාරක් නොගහා හිටියා...!! සුභ පැතුම්..!!(නු)
දෙදෙනාම මේ තාක් කල් ජනතාවව පිනෙවුවාට උපහාරය ..... සුබපැතුම් ..... අනෝමා නෝනගේ පුවත් කියවීම සහ විමල් මහත්තයාගේ රඟපෑම ඉතාම ලස්සනයි , ප්‍රියමනාපයි , ඉතා ඉහලයි .... (දී)
‘අක්කර පනහා‘ චිත්‍රපිටියේ අනෝමා, ඩග්ලස් රණසිංහ සමග රඟපාපු දසුන අති සුන්දරයි, ඒ වගේම විමල් කුමාර කොස්තා ‘රන්කඩ නාට්‍ය අතිදක්ෂ රඟ පෑම අපේ මතකය තාමත් තියෙනවා (අ)
බොහොම සතුටුයි. සුභ පැතුම්! (නි)
උදාර චරිත...
විශිෂ්ට කලාවට ශිෂ්ඨ සම්පන්න චරිත පනපෙවූ ඔබට මගේ උපහාරය.. ඇය ගැන මගෙ මතයක් නැති එක ගැන කණගාටු වෙමි..!!(නු)
අනොමා පෙරේරා කියන්නේ ඉතා හොද හඩක් සහ චරිතයක් ඇති තැනැත්තියක්.
ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි. (නි)
විශිෂ්ට කලාකරුවෙකි. (නි)
මේ විශිෂ්ඨ රංග ශිල්පියා බොහෝ කලකට පෙර රූපවාහිනියේ ඉදිරිපත් කල අභිරූපන රංගනය තවමත් මා සිතේ තැන්පත්ව ඇත. එවැනි රංගනයක් ඊට පසු මා දුටුවේද නැත. 'බඹරු ඇවිත්' විශිෂ්ඨය. මේ සටහන ඔබට උපහාරයක් වේවා !!! (නි)
ඔබ දෙපලට දීර්ග ආයුෂ ලැබේවා (දී)
ඉතින් තවමත් ඒ වගේ තමයි
තවත් කාලයක් යෙහෙන් වැජඹෙන්න සුභ පැතුම්...
කාලෙකට පස්සේ අනොමව දැක්කේ (දී)
ලංකාදීපයට ස්තුති මෙවැනි ලිපි පල කරනවට (දී)
ඔබ දෙපළට දීර්ඝායුෂ! (නි)
ඇත්තද? (නි)
ඇත්තටම සුභ පැතිය යුතු කලා කරුවන් දෙන්නෙක් ඒ නිසා මගේ සුභ පැතුම ඔබ දෙදෙනාටම
ගාමිණී ෆොන්සේකා සමග සරුංගලය ෆිල්ම් එකේ රගපෑම අතිවිසිස්ටයි විමල් අයියට ජයවේව (දී)
තාමත් ගොඩක් ලස්සනයි..
අපේ අළුත් පරම්පරාව රගපෑමෙන් ඉදිරියට ගන්න උදවු කළොත් ලොකු පිනක්
මෙවැනි සැගවුණු දක්ෂ චරිත අප හමුවට ගෙනාවාට අධ්‍යක්ෂකතුමාට ස්තූතියි!