ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අ (9) ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුනිල් ජයලත් මහතාට බාර දුන්නේය.
ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙවර මහ මැතිවරණයට ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මියද නාම යෝජනා බාරදුන්නාය.
ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුරුද්ධ ලේකම්ගේ මහතාය.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලා දෙන්න පවුල කඩා ගෙනවත්ද (බ)
අනේ මෙහෙමත් රටක්. තමන්ගේ පවුල රැක ගන්න රට උකසට තියන්න ලෑස්තිවෙන හැටි. කතාව දෝලාවෙන් ගමන ලංගම බස් එකේ ......!!!! (ම)
එතකොට මේක පවුල් පාලනේ වෙයි ද? මං හිතන්නෙ යහපාලනේ වෙන්නැ..... සත්‍යය දකිමු. මුලා නොවෙමු.(ම)
අපි බලමුකෝ නේද? (නි)
නුහුරු දේශපාලනයට විත් කරදර වල පැටලුනාට ෆොන්සේකා මහතා ත්‍රස්තවාදය අවසාන කිරීම සඳහා විශාල දායකත්වයක් සපයපු කෙනෙක්.ඔහුට ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලන්න පුලුවන් රටට කළ සේවය වෙනුවෙන්. (නි)
මට නම් මෙහි වරදක් පෙනෙන්න නැහැ (නි)
තව කවුරුවත් ඉල්ලන්නේ නැද්ද? (නි)
පවුල් පාලනයකට යන ගමනක්ද? (නි)
පවුල් පාලනයට විරුද්ධව කියලා නේද ඉස්සර කිවුවේ? (නි)
ජය නියතයි. (නි)
මෙන්න පවුල් පාලනයට විරුද්ධ වූ අය. දන්නවනේ! හැමෝටම දිනන්න බැහැ කියලා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ (නි)
මෙදාපාර මොනවා වෙයිද? (නි)
පාඨක අප සැම මන්මත් වී අමන්දානන්දයෙන් ආනන්දයට පත් වී සිටින්නෙමු.මැතිණියනි, ඔබට ජය වේවා! (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මේක තාම මිනිසුන්ට මොළේ පාවිච්චි කරන්න කාලය. ජවිපෙ ට තමා වැඩි බලයක් දෙන්න ඕනෑ (නි)
මේ දෙදෙනාගේ එකමුතුව හැමටම ආදර්ශයක්! (නි)
දුවව කන්ද උඩරටින් ඉදිරිපත් කළානම් හරිනේ......අපි ගෙදර අය ඔක්කොම පාර්ලිමේන්තුවට ගෙනත් පවුලේ පරිපාලනයක් ඉදිරිපත් කරනවා (බ)
ඔය ඔක්කොම බලයට ඇති ආශාව මිස වෙන මොකක්ද? (නි)
අදහස් දක්වා තිබෙන හුඟ දෙනෙකුට තිබෙන ප්‍රශ්නය මෙතන පවුල් පාලනයක් තිබේද කියන එක. ඇත්තටම මෙතන පවුල් පාලනයක් නැහැ (නි)
කෝලිත හරියට හරි. (නි)
දෙන්නම යන එක හොඳයි (නි)
දිනුම ෂුවර් අපිට! ජයවේවා! (නි)
හෑමෝම බලයට කෑදරකමට දගලනවා (බ)
සුබ පැතුම්! (නි)
ඔබ දෙදෙනාටම සුබ පතනවා! (නි)
එතකොට මේක පවුල් පාලනේ නෙවෙයි ද.? (අ)
අයියලා මල්ලිලා පුතාලා ඉල්ලුවොත් තමයි පවුල් පාලනය වෙන්නේ.ගෙදර කෙනා එහෙම නැහැ (නි)
ඔවුන් දිනන බව මට ස්ථිරයි (නි)
ඒ පවුටල් වෙන කවුරුත් ඉල්ලන්නේ නැද්ද? (නි)
අරලියගේ ප්‍රශ්නය මටත් ඇතිවුණා (නි)
මහින්දට බනිනවා බලයට කෑදරයි කියලා. එතකොට නෝනයි මහත්තයයි දෙන්නම ඉල්ලනකොට මොකක්ද කියන්නේ? (නි)
රෝහණ බැද්දගේ ගයන 'රන්මලී දැක්ක ගමන්' ගීතය මට මතක්වුණා (නි)
ලැබුන තනතුරෙහි ගෞරවයත් තියාගෙන ඉන්න කියලා මම මෙතුමාගෙන් හා මෙතුමියගෙන් බොහොම ආදරයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි (නි)
සංජය හරියටම හරි. අපේ මනාපෙත් මෙදා ජේවීපී එකට (නි)
ජයවේවා! (නි)
අනේ ෆොන්සේකා මහත්තයා යු.එන්.පි. එකත් එක්ක එකතු වෙලා සන්දාන ගත වෙලා ආවනම් හොඳ ආසන ගණනක් ගන්න තිබුණා (ම)
අපිත් ජවිපෙට තමයි (ම)
ඔබ දෙපළටම ජය නියතයි (නි)
කවුරු ආවත් අන්තිමට ඉතින් අපේ බෙල්ල තමයි කැඩෙන්නේ (ස)
යුධහමුදාපතිවරයා වශයෙන් කළ වීරෝධාර සේවය වෙනුවෙනුත් ,දේශපාලන පළිගැනීමට ලක් වී සැමියා අන්ත අමානුෂික දුක් විඳිද්දී ඉවසා දරාගෙන සැමියා බේරාගැනීමට කටයුතු කළ කාන්තාවක වශයෙනුත් දෙපළටම ජයග්‍රහණය ලැබේවා! (නි)