2013 වර්ෂයේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ නවයක් ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වූ කොළඹ ආනන්ද විද්‍යාලයීය සිසුන් ඇගයීමේ උළෙලක් අද එම විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්විණි.
ආදි ආනන්දීයකු වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රධාන ආරාධිතයා විය.
පසුගිය වසරේ සමස්ත දිවයිනේම තෙවැනි ස්ථානය ලබා විශිෂ්ඨ ලෙස සමත්වූ රවීන් ලසිඳු තෙන්නකෝන් ශිෂ්‍යයාට විශේෂ උපහාර ඇගයුම් කුසලානයක් පිරිනැමිණි.
ආදි ආනන්දීය 90 කණ්ඩායම උත්සවය සංවිධානය කර තිබූ අතර ඒ සාමාර්ථ නවයක් ලබා ගත් අනඳ පුත්තු 127 දෙනෙක් මෙහිදී උපහාර ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් ! (නදී)
සංවිදානය කල සැමට මගේ සුබ පැතුම් . 90 කට්ටියගේ වැඩ කොහොමත් විශිෂ්ටයි (දී)
ආනන්දයට සුභපැතුම් (දී)
ඔබ සැමට සුභ පැතුම්! (නි)
ඔබ සැමට සුභ අනාගතයක්! උසස් පෙළත් ඔය විදියටම කරගෙන යන්න ධෛර්යය ඔබ සැමට ලැබේවා! (නි)