රුපියල් දස ලක්ෂ හැටදහසක් වටිනා ජංගම දුරකතන හත්සිය අසූ පහක් සහ අයි ටැබ් ඇන්ඩ්‍රොයිඞ් සන්නිවේදන උපකරණ තිස්හතරක් නීති විරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ඒමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් හතලිස් පන්දහසක දඩයක් නියම කළ රේගුව එම උපකරණ තොගය රාජසන්තක කළේය.
සැකකරු දෙමටගොඩ ප‍්‍රදේශයේ පදිංචි තිස් නව හැවිරිදි ජංගම දුරකතන උපාංග ව්‍යාපාරිකයෙක් බවත් ඔහු වෙනත් අයෙකුගේ ගමන් මලු දෙකක් ගුවන්තොටුපොළෙන් පිට කිරීමට උත්සහ කර ඇති බවට පරික්ෂන වලදී අනාවරණය වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යන්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
මෙහු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 226 දරණ ගුවන්යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණ රේගුවට භාන්ඩ කිසිවක් පෙන්වීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කර ඇත.
ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාට මේ පිලිබදව ලැබුනු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබූ ගමන් මළු දෙකක මෙම උපකරණ තිබුන බව රේගුව කියයි.
රේගු නිලධාරීන් විසින් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී අදාල ගමන් මළු දෙක වෙනත් අයෙකු විසින් ගුවන්තොටුපොළ ගමන් මලූ පතයේදී තමන්ට ලබා දුන් බවත් එය පිටතදී යලි ලබා ගන්නා බවට එම පුද්ගලයා පැවසූ බවත් රේගුවට පවසා ඇත.
අදාල ගමන් මලු පරික්ෂා කිරීමේදී ඒවා වෙනත් පුදගලයෙකුගේ නමින් නම් කර තිබූ බව රේගුව කියයි. එමෙන්ම තමන්ගේ ගමන් මලු ගෙනයාමට පිටස්තර පුද්ගලයන්ට බාර නොදෙන ලෙසත් පිටස්තරයින්ගේ ගමන් මලු බාර ගෙන අනවශ්‍ය කරදර ඇතිකර නොගන්නා ලෙසත් රේගුව ජනතාවට දැනුම් දෙයි.
මේ පිළිබද විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී ව්ජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන එච්.එන් විජේතුංග, සී විජේතුංග සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.ඒ.සී.පී ඩයස්, ඒ.එල්.එම් ෆසීම්, කේ.ඊ.ජී සමීර, කේ.එල්.ටී කුමාර, ජේ.ජේ අබේසිරිවර්ධන, ඊ.පී නන්දසිරි යන නිලධාරීහු සිදු කළහ.
.gif)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගු නිලධාරින්ට ස්තූතිය පුද කරමි ! (නි)
ඉතින් ඔය එක ෆෝන් එක බැගින් අපිට බෙදා ගන්න බැරිද? (නි)
ජංගම දුරකථන උපාංග ව්‍යාපාරිකයෙක් ජංගම දුරකථන ගෙනත් අහුවුනාම කියනවා අනුන්ගේ මලු දෙකක් නොදැන ගෙනිහින් දෙන්න බාර ගත්ත කියලා..??? (නි)
මම දන්නා කෙනෙක් ඉන්නවා. මිනිහ නිවාඩු මාසේ දෙතුන් පාරක් ලංකාවට ගිහින් එනවා ඩුබායි ඉදලා. ගෙනියන්නේ සිකරට් විතරයි සුට් කේස් එක පිරෙන්න. කිසි ප්‍රශ්නයක් නැතුව කාලයක් තිස්සේ හොරෙන් කරගෙන යනවා. මේවා නවත්වන්න පුළුවන් නම් අපේ කොල්ලන්ගේ ජිවිත අනතුරෙන් අඩුකරගන්න පුළුවන් නේද? (නි)
ගමගේ මහත්තයෝ, මොකද ඔයා සෑම දේම අසුබවාදී විදියට බලන්නේ? රේගු නිලදාරීන් කරන්නේ තමන්ගේ රාජකාරිය. ඔබ එන විට සමහරවිට පරික්ෂා කරලා ඇති. එය ඔවුන්ගේ රැකියාව. නිතරම හොඳ දෙයට හොදයි කියන්න පුරුදු වෙන්න. ඔවුන්ව තව දිරිමත් කරන්න. නොදැක්ක නොදන්නා අල්ලස ගෙන නොකියා. අල්ලස් ගන්න නිලධාරීන් ඉන්නවා තමා. එය මෙතනට අදාළ නොමැත (නි)
මට මතක් වුනේ අර කිතුලට ගිය මිනිහ.තණකොළ කපන්න. (අ)
ඩුබායි වල ඉඳල කොළඹට එන වෙන මගියෙකුට අයත් බර ප්‍රමාණය සල්ලි වලට අරන් (කිලෝ එකට යම්කිසි රුපියල් ගණනක් ගෙවලා) කරපු වැඩක්ද මන්දා මේ. (නි)
මේවගේ එකක් දෙකක් අල්ලයි. ගානක් හම්බවෙලා නැතිව ඇති. අපි දන්නවා ගොඩක් අය ගානක් දීල කිසි ගානක් නැතිව ඔහේ එලියට අරන් යනවා ඕනෑතරම් බඩු. අපි අවුරුද්දකට දෙකකට වතාවක් එනකොට තමා අපේ බෑග් අවුස්සලා ඔක්කොම හොයන්නේ. එතකොටනම් මල පනිනවා මොනවා කරන්නද. තියෙන ටික පෙන්නලා තෑන්ක් යූ කියල එලියට යනවා.(අ)
වෙන කෙනෙකුගේ බඩු පොදි වලට මෙයාගේ බඩු ගුවන් තොටුපලේදී දාගත්තේ නැහැනේ. (අ)
ටැග එකෙන් නියම අයිතිකරු සොයා ගත්තම එයාට කියන්න බැහැනේ මේ මගේ බඩු නොවෙයි කියලා. (නි)
මොහු ඇත්තටම ගමන්මලු කොපමණ සංඛ්‍යාවක් ගෙනාවාදැයි ගුවන්සේවයේ සිස්ටම් දත්ත වලින් සොයගතහැකියි නේද?(අ)
දැන් කවුද මේකෙ වගකීම භාරගන්නෙ? (නි)
ඔය වගේ දේවල් ඕනෑ තරම් අහල තියෙනවා.දෙන්නම එක්කෙනාම තමා. (නි)
පළමුව රේගු නිලධාරීන්ට ස්තුතිය පුද කරමි. ඔබගේ සේවය අගය කරමි. රජයට ලැබිය යුතු බදු මුදල් නොගෙවා හොර පාරෙන් නීති විරෝධී වෙළදාම කර රටේ මුදල් විදේශයට අදින හොර මිනිසුන්ට මෙය හොඳ පාඩමක් (නි)
මේ වගේ ගොඩක් දේවල් රාජසන්තක කරනවා. එහෙම රාජසන්තක කරන දේවල් වලට මොනවාද වෙන්නේ? (නි)
ජංගම දුරකථන උපාංග ව්‍යාපාරිකයෙක් ජංගම දුරකථන ගෙනත් අහුවුනාම කියනවා අනුන්ගේ මලු දෙකක් නොදැන ගෙනිහින් දෙන්න බාර ගත්ත කියලා. පිස්සු හැදෙනවා අපිටත්... (නි)