(රේඛා තරංගනී ෆොන්සේකා)
අන් අය තලා පෙලා සිරගත කොට බොහෝම ඉහලින් සතුටු වීමේ භහානක රෝගයකින් රටේ පාලකයන් පෙලෙන බවත් එයට අනුබල දෙන්නේ එන්ජියෝ සංවිධාන බවත් නිවැරිදි පුද්ගලයන් තලාපෙලා සතුටු වන්නන් අවසානයේ පිස්සන් වන බවත් ඇමරිකාවේ සංඝනායක ලොස් ඇංජලීස් නුවර ධර්ම විජය විහාරයේ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ පැවසීය.
උන් වහන්සේ මෙම අදහස් පල කළේ වියත් මග සංවිධානය හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සෙත්පතා බෙල්ලන්විල විහාරස්ථානයේ අද (27) සංවිධානය කර තිබූ ආශිර්වාද බෝධිපුජා පිංකමට වැඩමවාලු අවස්ථාවේදීය.
වසර හතලිස් දෙකක් පුරා ඇමරිකාවේ ජනතාවට ලාංකිකයන්ගේ කරැණාව දයාව පිළිඹඳ බණ දෙසුවද අද වන විට කට ඇරීමට නොහැකිව සිටින බව උන් වහන්සේ පැවසීය.
බුදු දහමට අනුව කලගුණ දැක්වීමේ උතුම් ගුනය වෙනුවට රට බේරා ගත් අයට වදහිංසා කිරීමේ භහානක මානසික රෝගයෙන් පෙලෙන පිරිස යහ මගට යොමු කිරීම මහා සංඝරත්නය වග බලා ගත යුතු බවත් උන් වහන්සේ පැවසීයහ
මෙම පිංකමට හිටපු හමුදා නිලධාරින් සහ ආභාධිත රණ විරැවන් හිටපු අමාත්‍ය ගාමිනි ලොකුගේ යන වහත්වරැ එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම භයානක රෝගය නිසා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාවත් තලා පෙලා කුදලා ගෙන ගොස් හිර බත් කවන්නට තරම් පාලකයන් සිටි බව අපි මතක් කරමු. මෙවැනි අවස්ථාවකම මෙම රෝගය ගැන ප්‍රකාශ කිරීම ගැන අපි සතුටු වෙමු. සමහරවිට අද මෙන් බෞද්ධ නීතිඥවරු එදා සිටියේ නොමැති නිසා එදා එතුමාට එසේ වෙන්නට ඇතිය කියා සිතන්නට පුළුවන.
හිරගෙදරට පැනල හිරකරුවන් ඝාතනය කරපු එකටම අනිවාර්ය දඬුවම් ලැබිය යුතුයි.
සහතික ඇත්ත හාමුදුරුවනේ,අධික හීන මානය නිසා ඔවැනි තත්වයට පත්වෙන්න පුළුවන්.
හොරකම දැන් අකුසලයක් නෙමෙයිද අපේ හමුදුරුවෙනේ.
අපේ හාමුදුරුවනේ පාලකයෝ කෙසේ වෙතත් හිටපු නායකයා කලින්ම ගෙදර යවන්න ඡන්දය දුන්න බහුතර ශ්‍රී ලාංකිකයෝ නම් බලාගෙන ඉන්නේ හිටපු සහ අලුත් හොරු සියල්ලෝම දඬුකඳේ ගහනකන්.
හාමුදුරුවෝ වැඩ ඉන්නේ අමරිකාවෙනේ. එක නිසා ලංකාවේ කටයුතු ගැන වගකීමක් නැතුව කතා කරන්න ලේසි. ලංකාවේ දේවල් ඇමරිකාවේ සිද්ද වෙනවද කියලා හොයල බලන්න. දුෂණ චෝදනා තියෙන අයට නිදහසේ ඉන්න පුලුවන්ද එහේ?
දැන් කෝම හරි බැඳුම්කර ගොම හෝදන්න බෑනේ හාමුදුරුවනේ. ඒක නිසා හොඳට ඉන්න උන්ට ගොම පාට තීන්ත හරි ගාන්න වෙනවා. නැත්තන් ඊලඟ ඡන්දෙදි ගෙදර.
මේ ඇත්තෝ ඇමරිකා පුරවැසියෝ ලංකාවේ ඒවා දන්නේ කොහොමද? ගනුදෙනු බෙදාගෙනත් ඇති.
මෙන්න නිසැක බණ - අසන්න එන්න................
මේ කියන්නේ මගේ හිතේ අර සරත් ෆොන්සේකාව බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් හිරේ දැම්ම එක ගැන වෙන්න්න ඇති... ලසන්ත වික්‍රමසිංහ පාරේ දෙනෝදාහක් මැද කැප කොටා ඝාතනය කල වග වෙන්න ඇති...
අනුන්ගේ රටක ජීවත් වෙන පියනන්ද හිමියෝ බුදු දහමට අනුව කලගුණ දැක්වීමේ උතුම් ගුණය වගේම වැරදි කර ඇත්නම් ඒවා පල දෙන බව බුදු දහමට අනුව සිදු වෙන බව පටලවා ගෙන ඇති බවකුයි මට පෙනෙන්නේ.
හාමුදුරුවනේ වරදක් කරලා තියෙනවනං කාටත් නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙන්න ඕන...........
අපට පෙනෙන විදිහට නම් පලිගන්න චේතනාවෙන් කිසිම කෙනෙකු යහපාලන රජය හිරකර නොමැති බවයි. හිර කරපු සියලුම දෙන මහා පරිමාණයේ වංචා සහ පුද්ගල මිනි මැරීම් වලට සම්බන්ධ අයයි. අපට හිතෙන්නේ මේ රජය හොර තක්කඩින්ට ඕනවට වඩා කරුණාවක් දක්වන බවයි. අනේ හාමුදුරුවනේ අබිං කල වගේ කතා කරන්න එපා.
තමුන්නාන්සේලාගේ ඔය දේශනා ක්‍රමය නිසා බෞද්ධයන්ට කතෝලික පල්ලි සොයා ගෙන යන්ට සිදුවෙයි.
සරත් ෆොන්සෙකා හිරේට ගන්න කොට ඔබ වහන්සෙ භාවනියෝගීව වැඩ සිටියද??
කව්ද දන්නේ නැහැ රට බේරා ගත් රණවීරුවන්ව සිරගත කොට වදහිංසා කර ඔය විධියට භයානක මානසික රෝගයෙන් පෙළුන කෙනා!! එතකොට ඔය කතාව ඇහුවෙ නැ!!! දෙබිඩි පිළිවෙත්!!
හාමුනුදුරුවනේ ඒගොල්ලෝ දන්නවා මේගොල්ලන්ව හිර නොකොළොත් ඒගොල්ලන්ට වෙන දේ. අරගොල්ලන්ව සිර ගත කොරලා මේගොල්ලන්ට අපෙන් බේරෙන්න බැහැ.
මම හිතන්නේ සරත් ෆොන්සේකාව සිරගත කරපු එක ගැන වෙන්ට ඇති කියන්නේ.
යමෙකු , දේශපාලනයට සම්බන්ධ වූවකු හෝ හමුදා සේවයෙන් ඉවත් වූවකු හෝ කහ වතක් පැළඳ හෝ, මහා පරිමාණයේ වංචාවක් , මිනිස් ඝාතනයක් , ස්ත්‍රී දුෂණයක්, ළමා අපචාරයක් හෝ සිදු කර ඇතත්, ඔවුනට නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස නීති සංශෝධනයක් කිරීමට යෝජනා කරනවා නම් වඩා හොඳයි . එවිට ඔය කියන පරිදි නීතිය අවශේෂ පුද්ගලයින්ට පමණක් ක්‍රියාත්මක වනු ඇත.
එතොකොට ඕන හොරකමක්, මිනි මැරුමක් කරන්න ඉඩ දෙන්න ඕන? රටේ නීතියක් කියලා දෙයක් නැහැ? හිර ගෙවල් වහල දාමු. මොනවද මේ කතා?
ගෝඨාභය නම් සතුටු වුනේ හිරේ දාල නෙමෙයි.
හාමුදුරුවනේ හොරුන්ට කඩේ යන එක නවත්තලා පාට කන්නාඩිය ගලවලා. විමසුම් ඇසෙන් බලා වදාරන්න. එතකොට ඇත්ත පෙනෙයි. බොරු වදාරන්න එපා එක අකැපයි.අනුන් සිර ගත කරන්න කියන එක සොරුන් සිරගත කරන්න කියලා වෙනස් විය යුතුයි.
හාමුදුරුවනේ මේක ඡන්දය දිනාගන්න බැරිවේවි කියන බයට හැදෙන රෝගයක්. මේ උදවිය ඡන්දෙ දිනාගන්න 2015 දී කිව්වේ වැඩිපුරම සැලසුම් සහගතව හදපු බොරු. එත් දිනාවි කියල හිතුවේ නැහැ. ඒ නිසා තමයි, කටට එන එන දේ කිව්වේ ඡන්ද පොරොන්දු විදියට. එහෙම නැතිව කොහොමද රජයේ සේවකයන්ට රුපියල් 10,000 කින් පඩි වැඩිකරන්නේ, මාසෙකට රුපියල් බිලියන 14 ක් ඕනේ ඒ සදහා විතරක්, උගස්කරපු රන්බඩු බෙරිල්ලත් ඒ වගේ තමයි, බයිසිකලේ යන කෙනා කාර් වල යවන පොරොන්දුවත් ඒ වගේම තමයි, වොක්ස්වැගන් හදිල්ලත් එහෙමම තමා. ඒ වගේම දින 100 පොරොන්දුත් 80% ක් ම කිසිම සැලසුමක්, අධ්‍යනයක් කරලා කියපුව නෙමෙයි. එදා ඕනෙම දෙකට මොවුන්ගේ පිළිතුර උනේ , දුෂණය නැවතුනාම ඉතිරිවෙන මුදලින් ඒ වැඩ කරන්න පුළුවන්. 2015 මුලදී තිබුනට වඩා තෙල්මිල පහල බැසීමෙන් රජයටලැබුණු ලාබය විතරක් රුපියල් කෝටි 10,000 කට වැඩි. මෙහෙම වාසනාවක් ලැබිලත් මේ රජයට ජනතාවට සහනයක් දෙන්න බැරිඋනා විතරක් නෙමෙයි තිබුණු සහනත් කපාදමල.
මෙයා දේශපාලනය කරන කෙනෙක්..සඟ නමක් විදිහට හැසිරෙන්න... මෙයාගේ දේශපාලන නිසා දායකයන්ගේද පැහැදීමක් නෑ... මෙයා මොන තරම් බොරු කාරයෙක්ද කිව්වොත් මෙයම කියනවා වල්පොල ශ්‍රී රාහුල හිමියන්ගේ මුණුබුර කියලා.
ඔබ වහන්සේ ඇමෙරිකාවේ ඉන්න නිසා ලංකාවේ අතීතය අමතක ඇති! ඔය ළඟ තියාගෙන ආශීර්වාද කරන කට්ටිය අහිංසකයෝ හිරගත කරකර හිටියේ නැහැ! කෙලින්ම ලිස්ට් දීල හිරගත වෙච්චි එවුන් එක්ක භූමිගත කළා!
එතකොට සරත් ෆොන්සේකාව හිරේ දැම්මේ කාගේ බලපෑමටද අවසර.
අර සරත් ෆොන්සේකා කියලා රණ විරුවෙක් සිරගත කරද්දි මේ හාමුදුරුවන්ට එහේ බණ කියන එක එපා වුනේ නැද්ද?
මෙයා පන්සිල් පද 5 වත් දන්නේ නැනේ, අනේ අපොයි බුදුදහමට ගිය කල, වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ????
මේ හැමදේම කරන්නේ තමාගේ බඩ පුරෝගන්නනේ. මේ වගේ රට පවා දෙන්නම් ඒ කලෙත් හිටියා. නියමිත කාලයේදී ඉතිහාසය විසින් ඔවුන්ව දේශද්‍රෝහීන් ලෙස නම් කරාවී.
ගාමිණි ලොකුගේ රණවිරුවත් අැවිල්ලා...
ෆොන්සේකා මහත්තයව හිර කරනකොට කලගුන පාඩම මතක් උනේ නැද්ද.....
අනුන් සිර ගතකරනවා නෙමේ අපේ හාමුදුරුවනේ අපරාද කරන උන් මේ ලෝකෙන් තුරන් කරලම දන්නා ඕන. ගෝඨාභය ඉන්න කලේ දුන්න නියම ගේමක්. දැන් අපරාද වැඩිවෙලා අම්මව ගන්න බැරුව දරුවා මරලා අද කතරගම. මොකක්ද මේ රටට වෙලා තියන්නේ.
කර්ම පලය අනුව විපාක ලැබෙන බව දේශනා කරන්නේනම් මීට වඩා වටිනවා .
අපේ සංඝයා වහන්සේලා රටට විණ කරන දේශපාලඥයන්ට සුදුහුණු ගානවා... මහජන අපි විසින් දෙන දානයක් වළදා බුදු දහම ප්‍රචලිත කරන්න මුදල්, වාහන, තනතුරු පසුපස හඹානොයනු......නැතිනම් සාසනයෙන් යනු මහජනයා කුපිත නොකර....
"ෆොන්සේකා මහත්තයව හිර කරනකොට කලගුණ පාඩම මතක් උනේ නැද්ද....." මොකෝ නැත්තේ මතක හරිය කීවොත් මෙතන පල වෙයිද මන්දා. හමුදාවේ කොනක පැන්ෂන් සිටි මොහුව සේනාපති කරලා හමුදාව මෙහෙය වීමේ බලය සමග උවමනා කළමනා සියල්ලම රාජපක්ෂවරු සැපයුවා රාජපක්ෂලා දේශපාලන නායකත්වය දුන්න. ෆොන්සේකා මහත්තය ඒ කාලේ රාජපක්ෂලා ගැන කතා කලවිදිහ ඔබ නොදන්නවාට අපි දන්නෙමු. යුද්ධය දිනූ පසු සෙන්පතියෙක් හැටියට ඔහුට ලැබුණ මහජන ගෞරවය මෙයා වැරදි විදිහට හිතලා රාජපක්ෂලා පන්නදමා ජනාධිපති වෙන්න තරම් මෝඩ උනා. ඉතින් කියන්න කව්ද ගුණමකු කියලා. සිංහල මැට්ටෝ හිතාගෙන ඉන්නේ රටක යුද්ධය දිනීමේ ගෞරවය දිය යුත්තේ සෙන්පතියාට කියලා. යුද්ධය පරදුන්නානම් පරාජය දෙන්නෙත් සෙන්පතියාටද? නැත රටේ රජතුමාට නැතිනම් නායකයාට. දෙවන ලෝක යුද්ධය දිනීමේ බ්‍රිතාන්‍යයට ලැබුණු ගෞරවය ගියේ අගමැති චර්චිල්ට නැත්නම් ජෙනරාල් මොන්ට් ග්රෝමරිටද? අපේ මිනිස්සු ජෙනරාල් මොන්ට් ග්රෝමරි ගැන දන්නෙත් නැතුව ඇති.
"කර්ම පලය අනුව විපාක ලැබෙන බව දේශනා කරන්නේනම් මීට වඩා වටිනවා " ගුණ මකු සිංහලයන්ව දෙමළ ත්‍රස්තවාදයෙන් බේරාදීමත් රාජපක්ෂලා කරගත් කර්මයක් හැටියට තමයි ඊයේ පෙරේදා ඉපදුන එවුන් දකින්නේ. ඉතිහාසය දන්නා අපි දන්නවා මේ යුද්දය දිනන්න බැහැ කියලා කරන්න හැදුවේ මොකක්ද කියලා. සිංහලයිනේ උඹලා යුද්ධ ඉතිහාසය දන්නේ නැත්නම් දන්නා අයගෙන් අසා ඉගෙන ගනිල්ලා. ත්රස්තවාදීන්ට මුදල් සහ යුද ආයුධ දීපු නායකයෝ සිටියා......රේඩාර් උපකරණ දීපු නායකයෝ සිටියා. රාජපක්ෂලා ඒ ගණයට වැටෙන්නේ නැත. රාජිත සිල්වා ඉංග්‍රීසියෙන් මෙහෙම කියනවා give the devil its due . රට බේරා දීමේ ගෞරවය රාජපක්ෂලාට දෙන්න .
අර සරත් ෆොන්සේකා කියලා රණ විරුවෙක් සිරගත කරද්දි මේ හාමුදුරුවන්ට එහේ බණ කියන එක එපා වුනේ නැද්ද?" වැඩි විස්තර කියන්නේ නැත සරත් ෆොන්සේකා කියලා රණ විරුවෙක් පමණයි දේසපාලඥක් නොවෙයි. එක තේරුම් ගන්න බැරි අමනයෝ කොපමණ ඉන්නවාද. අඩුම ගානේ සරත් ෆොන්සේකා දේශපාලඥයෙක් හැටියට මේ දවස් ටිකට කලයුතු දේ වලින් පාඩමක් ඉගෙන ගනිල්ලා. සුදුකොඩි කතාව, අපේ හමුදාව යුද අපරාද කළා කියන කතාව. ඔය ටිකට රට පවා දුන්න නේද. ඕවා නොදකින නිවට සිංහලයින් සිටියා නේද?
"නිවැරදි පුද්ගලයන් තලාපෙලා සතුටු වන්නන් අවසානයේ පිස්සන්" වන්නේ කෙසේද කියා දන්නේ කොහොමද? කවුද නිවරැදි? කෙනෙකුට සෙත් පතන අතර, අනෙක් සියලු දෙනාට "වස්කවි" කියවීමක් නොවේද ? "සුදනා" කියන්න තරම් දන්නේ මොනවද? මීට එරෙහිව තිබෙන චෝදනා ගැන නඩු අහන්න අධිකරණ තිබේ. අපේ රටේ, මා දන්නා විදියට තිබෙන "සංඝ අධිකරණ", මගින් විවේචන ආදිය නියම කරන්නේ සංඝයාට එරෙහිව මිස රජය කරවන අයට "නිවැරැදි පුද්ගලයන් තලාපෙලා සතුටු වන්නන් අවසානයේ පිස්සන්" කර දඬුවම් යැදීමට නොවේ කියා මගේ පුද්ගලික මතයයි. මා වැරදි නම් නිවැරදි කරදෙන මෙන් මෙය කියවන පාඨකයන්ගෙන් මා ඉතා කරුණාවෙන් ඉල්ලමි !