(අමල් වික්‍රමරත්න)
පාසල්වල සේවයේ නියුතු අධ්‍යාපන අනධ්‍යන කාර්ය මණ්ඩලවල සේවකයින්ට ඔවුන්ගේ දරුවන් එම පාසලටම ඇතුළත් කරගැනීමට හිමිව තිබූ වරප්‍රසාදය මෙවර අහිමි කර ඇතිබව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා පැවසීය.
ගුරුවරුන්ට සහ ස්ථීර අනධ්‍යයන සේවකයන්ට වසර 3 කාලයක් එම පාසලේ සේවය කර ඇත්නම් ඔවුන්ගේ දරුවන් එම පාසලටම ඇතුලත් කරගැනීමේ වරප්‍රසාදයක් මීට ඉහතදී ලබාදී තිබුණ ද මෙවර එම හිමිකම ගුරුවරුන්ට පමණක් ලබා දී අනධ්‍යන සේවකයනට අහිමි කර ඇතැයි ලේකම්වරයා කීවේය.
අහිමි කැරුණු වරප්‍රසාදය කඩිනමින් යළි ලබා නොදුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ග වලට කරන පෙළඹවීමක් ලෙස තම සංගමය දකින බවත් මෙතෙක් හිමිව තිබු වරප්‍රසාදය ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එසේ නොවුණ හොත් මේ මාසය අවසන් වීමට පෙර උපවාසයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එහිදි වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කියන්නේ මට සිදුවුණු සත්‍යම කරුණක් මගේ නෝනා ඉගෙනගත් පාසැල ජනප්‍රිය පාසලක්.. ඇය වෙනත් පාසලක ගුරුවරියක් 5 වසර ශිෂ්‍යත්වයෙන් මගේ දරුවා ලකුණු 120 ක් ගත්තා. මෙම පාසලේ හිටපු සේවිකාවකගේ දරුවා 5 වසරේ අපේ දරුවා සමග එකම පන්තියේ සිටියේ. එම දරුවා ගත්තේ ලකුණු 70 ක්. නමුත් මගේ දරුවා මගේ බිරිඳ ගුරුවරියක් මෙන්ම ආදී ශිෂ්‍යාවක් වුණු එම පාසලට ගත්තේ නැහැ. නමුත් ලකුණු 70 ක් ගත් ළමයා එම පාසලට ගත්ත මොවුන් විතරද රටට සේවය කරන්නේ? මෙය ඉතාම අසාධාරණ ඉල්ලීමක් මොවුන්ගේ ඉල්ලීමට ඉඩ දුන්නොත් බොහෝ දෙනෙකුගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා...