
(ගයාන් සූරියආරච්චි)
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ජල, විදුලිය, ඇතුළු අන්තර්ජාල පහසුකම් පවා අත්හිටුවා ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපතිනි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය පැවැසුවාය.
විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් මේවන විට මාස දෙකක පමණ කාලයක සිට සිසුන්ගේ අධ්‍යාපනය කටයුතුවලට විවිධ බාධා එල්ලවී ඇති බවත් සූරියබණ්ඩාර මහත්මිය කීවාය.
අන්තර්ජාල පහසුකම් මාසයක් තිස්සේ අත්හිටුවීම හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන්ට දේශන පැවැත්වීමට ද නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පෞද්ගලික මුදලින් අන්තර්ජාල පහසුකම් සපයාගෙන දේශන පවත්වන බවත් සූරියබණ්ඩාර මහත්මිය පැවැසුවාය.
මෙයට අමතරව ජලය, විදුලිය, ඇතුළු අත්‍යවශ්‍ය සේවා පහසුකම් විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය මහාචාර්යරුන්ට නොලැබෙන අතර විදුලිය කැපීම හේතුවෙන් අධි ශීතකරණවල තැන්පත් කර ඇති පර්යේෂණ අවධානමකට ලක්වී ඇති බවත් මහාචාර්යවරිය පැවැසුවාය.
ඒ අනුව මෙම අවනඩුව පිළිබදව වගකිව යුතු බලධාරීන් අවධානය යොමු කළ බවත් මුනිවත රැකීම ප්‍රශ්නයට පිළිතුරක් නොවන බවත් මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනද්‍යන සේවකයො කොහොමද විදුලිය නවතන්නෙ? මේ රටේ ප්‍රශ්නෙ ඕක තමයි, රාජ්‍ය ආයතන ඇතුලේ වෘත්තිය සමිති සීමාවට වඩා බලය ගන්නවා. නඩු පවරා අලාභය අය කරගන්න.
මේ මාසයට අදාල ගෙවීම වහාම නතර කරන්න... එතකොට ඔය තද ගතිය සේරම ඉවරයි
පළාත් පාලන ආයතන වල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.' අනධ්‍යන සේවකයින්ට නොමැති මුදල් මොවුනට කොහෙන්ද ? චන්ද ?
වතුර බිල් විදුලි බිල් ඉන්ටනෙට් බිල් ගෙවලා නෑ ඒකයි ඔය
ඔක්කොම නිකන් දීපුවාම වැඩ කරන කිසිම කෙනෙකුට පඩියක්වත් ලැබෙන්නේ නෑ. දියුණු රටක් වෙන්න උත්සාහ කරනවා. හැබැයි සිස්ටම් එක වෙනස් කරන්න ඕනෑ කමකුත් නැහැ.
විශ්ව විද්‍යාලය අනධ්‍යන කාර්ය මණ්ඩලය තමයි සියළුම මුදල් කටයුතු ගෙවීම් පහසුකම් නඩත්තු කටයුතු කරන්නේ මේ පිරිස නැතුව විශ්ව විද්‍යාල පවත්වාගෙන යන්න බැහැ. බිල් ගෙවීම් නැවතිලා තැනතැන ලයිට්, වතුර අන්තර්ජාල පහසුකම් පානීය ජලය නැහැ. ප්‍රායෝගික පරීක්ෂණ විභාග කටයුතු මුළුමනින්ම නැවතිලා, පිඨ මණ්ඩල සනාතන සභා කවුන්සල රැස් වෙන්නේ නැහැ. මේ පිරිස ඉල්ලන්නේ ජීවත් වෙන්න පුළුවන් තමන්ට විතරක් නුදුන් අනෙකුත් සියලුම රාජ්‍ය සේවයට දුන්නු හිඟ වැටුපක් මහජන මුදල් බිලියන 54 ක් බොල්ණය විදිහට දූෂිත මුදලාලි ආයතන වලින් කපා දාන්න පුළුවන් රේගුවෙන් අනුමත කොට තීරණයන් අවසන් කීමෙන් පසු අය කරන යුතු වංචනික බදු නොගෙවූ ආයතන වලින් කෝටි ගණන් අය කරගන්න කිසිම වැඩ පිළිවෙලක් නැහැ. මේ අදහස් දක්වන අයවන අළුත් අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක තව අවුරුදු 12කින් විතර ලැබෙන කොට තේරෙයි මේ රටේ පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වලපල්ලට යැවීමේ වරද නිවැරදි කරන්න බැරි බව...
ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරලා වැඩක් නෑ. 70-80 දශකයේ ඉඳන්ම ඔහොම්මයි... මටත් අවුරුදු 20කට කලින් අවුරුදු 3නේ උපාධිය ගන්න අවුරුදු 5ක් ගියා ඔය වගේ වැඩවර්ජනය හින්දා, ළමයින්ගේ අනාගතය තමයි මොවුන් විනාශ කරන්නේ. මම කියන්නේ පිටරට වගේ විශ්වවිද්‍යාල ස්වාධීන කරන්න ඕනේ, නැත්තං හරි විදියට ලාබ නොලබන විශ්ව විද්‍යාලය විදියට පෞද්ගලිකරණ කරන්න ඕනේ. (මම ඇමරිකාවේ උපාධියක් කරපු විශ්ව විද්‍යාලය ඇමරිකාවේ රෝමානු කාතෝලික පල්ලියෙන් පාලනය වන ලාභ නොලබන පෞද්ගලික විශ්වවිද්‍යාලයක්, මට ශිෂ්‍යත්වයක් හම්බවුන හින්දා රෑට කෑමයි, ඇදුම් වලට විතරයි වියදම් වුනේ ඔක්කොම නොමිලේ, මොකද මම අර්ධකාලීන රැකියාවක් කරා රෑට)
මම ශිෂ්‍යයෙක් ,,ඔය ස්ට්‍රයික් කරත් නැතත් දෙකම එක වගේ තමයි .ඔය මිනිස්සු වැඩට ආවත් කරන්නෙ නිකම් ඉන්න එකම තමයි.උදේ 8ට වැඩ පටන් අරන් 9ට තේ බොන්න යනවා ආයෙ එන්නෙ 10.30 පැනලා .ආයෙ 11.30 ඉඳන් කෑමට ගියාම එන්නෙ..2.00පහු වෙලා. ඊළඟට හවස තේ වලට 2.30 ඉඳන් ලෑස්ති වෙලා ආයෙ එන්නෙ 3.45ටවිතර...ඊළඟට 4.30ට off වෙලා ගෙදර යනවා...ඕවාට කාලෙ ගියාම වැඩ කරන්නෙ පැය කීයද? අපෙ කාලෙ නිකම් විනාශ වෙනව විතරයි...