සටහන සහ ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
තමන්ගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සඳහා දින දෙකක් ඇතුළත වාර්තාවක් සකස්කර තමන් වෙත බාරදෙන්න යයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට අද පවසා තිබේ. හිටපු ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු සමග රටේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසේදී අද පැවැත්විණ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපතිවරුන් වන වසන්ත කරන්නාගොඩ, මොහාන් විජේවික්‍රම, හිටපු යුද හමුදාපතිවරුන් වන දයා රත්නායක සහ ජගත් ජයසුරිය, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ.
හිටපු ජනපතිවරයා වැඩිදුරටත් කියා ඇත්තේ එම වාර්තාව වත්මන් ජනාධිපති සහ අගමැතිවරයා වෙත ඉදිරිපත් කරමින් තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම පියවර ගැනීමට තමන් සූදානම් බවයි.
මීට අමතරව එම සාකච්ඡාව සඳහා වාසුදේව නානයක්කාර, ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ, ජී.ඇල්. පීරිස්, බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා මොනවට මහන්සි වෙනවද? මේ දවස්වල ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයෙන් ගෝලීය ත්‍රස්තවාදය නැතිකරන්නනේ යන්නේ.. අනික විදේශ ත්රස්තවාදීන්ට සහයෝගේ දුන්නට අපට කරන්න දෙයක් නැහැ කියලත් කියනවනේ අපේ ධුරදර්ශි නායකයෝ.
අන්න හරි... බැන බැන නොසිට විකල්ප ඉදිරිපත් කරමු. එවිට මේ බලලෝභී ආණ්ඩුවට කියාගන්න දෙයක් නැතිවෙයි නිදහසට කාරණා..
දැනටමත් ගොඩක් දුරට ආරක්ෂක අංශය විසින් පරාජය කරලා. දැන් අවසාන මොහොතේ ලකුණු දාගන්න කරන්න උත්සාහයක්...
මේ නිලධාරීන් වයස ගිය විශ්‍රාම අය නමුත් සරත් ෆොන්සේකාට අදත් පුළුවන්, හෙටත් පුළුවන්..
බොර දියේ මාළු බාන අවස්ථාවාදීන්. ඔක්කොම එකයි බොලව්...
බෝට්ටුවට නගින්න වගේ... හොඳා ..හොඳා..
දැන්ද විස්තර මාලාව ඉල්ලන්නේ? දැන් මුළු රටෙන් තුන් කාලක්ම සුද්ද දමල ඉවරයි. පාස්කු ඉරිදා ඔය වැඩේ පටන් ගන්න තිබුනේ... එ්ත් කමක් නැහැ ආසාවනේ... ෆයිල් එහෙම හංගනවා නොවේ... මම දන්නේ නැහැ කියන්න. ඔය වැඩේ කෙටියෙන් කරන්න තිබුණා. ආරක්ෂක ඇමතිකම සරත් ෆොන්සේකාට දෙන්න කිව්වා නම් ඒක වෙයි කියන බයට තමයි දැන් මෙහෙම දෙයකට පෙලඹුනේ... හැන්ද තියාගෙන.. අත පුච්චගන්න වැඩ තමයි දන්නේ...
මහින්ද බාලසූරිය...? හ්ම්...
'හිටපු ආරක්ෂක ප්‍රධානින්' ? එතකොට 'ෆොන්සේකාත්' අයිති වෙනවනේ. ඒ ගොල්ලො මොකටද? මල්ලිගෙන් අහන්නකො, එයා පොතකුත් ලිව්වේ "යුද්දෙ ඉවර කලේ මං" කියලා.
ඔබ පරක්කුයි. දැනට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලැබී තියෙනවා. ආරක්ෂක අංශ ලොකු වැඩ කොටසක් කර හමාරයි. කවුද කියන්නේ ඔවුන් දුර්වල ද? කියලා
අපේ මිනිස්සුන්ගේ කුහකකම නිසා තමයි අපිට මෙහෙම වුනේ.. මේ වෙලාවේ යුද්ධයක් අවසන් කරපු නායකයන් විදිහට තමන්ගේ වගකීම අරගෙන රටට අවශ්‍ය දෙයක් කරද්දීත් පාට කණ්ණාඩි දාපු මිනිස්සු කරන්නේ අපහාස කරන එක.. මේ මිනිස්සුන්ට තියෙන්නේ එදා කළා වගේ අද ආරක්ෂක හමුදාව කරන දේවල් සමච්චලයට ලක් කරන්නයි. එතකොට සතුටු වෙයි.
එතුමා රටේ විපක්ෂ නායක යහපලනේයෙන් ලැබුණ වාසියක් තමයි..... යම්කිසි බලයක් විපක්ෂ නායකටත් තියෙනවා එබැවින් මහින්ද හිටපු ජනාධිපති තුමාටත් අයිතියක් තියෙනවා මේ සම්බන්දයෙන් ක්‍රියාකරන්න
ඔය වැඩේට නායකත්වය දෙන්ට හොඳම මිනිහ තමා සරත් ෆොන්සේකා. නමුත් මේ අය ඔක්කොම එයාට බයයි.
පළපුරුදු වැඩකාරයන් ඔක්කොම මේ පැත්තේ වැඩ බැරි සොක්කන් තමයි ඔවුන්ට ඉතිරිවෙලා ඉන්නේ... ඔවුන්ට කියන්න වැඩ පෙන්වන්න කියලා. ඔබතුමා කළොත් උන් ලකුණු දාගනීවි... එමනිසා ටිකක් නිශ්ශබ්දව ඉන්න.
"යුද්දේ ඉවරකලේ මං" නැතුව වෙන කව්ද?
තවත් විහිළුවට ලක්වෙන්න එපා මහින්ද මහත්තයෝ. මේවා පටන්ගත්තේ ඔබ රට පාලනය කරන කාලයේ තමයි.
විපක්ෂ නායකයා ඉල්ලලා තියෙන්නේ යෝජනා මාලාවක් විතරයි. එත් කුලී හේවායෝ දැනටමත් බයේ ගැහෙනව. සිරිකොතේ එවුනුත් සම්බන්දද දන්නේ නැහැ පහුගිය ටිකේ වෙච්ච දේවල් වලට මෙච්චරටම බය වෙලා ඉන්නේ.
රටේ වර්තමාන ජනාධිපතිතුමා කෙලින් නිවැරදි තීන්දු ගනිමින් ආරක්ෂක හමුදා ජනතාවගේ ගරුත්වයට පාත්‍ර වෙලා ඉන්න අවස්ථාවක එතුමාගේදේත් ශක්තිමත් කරන එක නේද වැදගත් නැතුව දේශපාලන න්‍යාය පත්‍ර හදන එක හොද නෑ නේද?
අපි නම් අහුවෙයි
මේක ගැන දොස් කියන්න එපා දැන්වත් කව්රුහරි නායකත්වය දෙන එක ගැන සන්තෝස වෙන්න
"පොන්සේකාත් අයිතිවෙනවලු" ඉතින් පොන්සේකා ආණ්ඩුවෙනේ ඉන්නේ කොරන්න බැරිය මොකටද විරුද්ද පක්ෂය සමග එකතුවෙන්නේ.
විනාශය සිදුවී සතියයි!!! සියලු දේවල් සින්හලයාට අමතකයි!!!
රට වෙනුවෙන් නම් මේක කරන්නේ විවෘත රැස්වීමක් කැඳවන්න. එහෙම නැතුව තමන්ට පක්ෂ කට්ටිය විතරක් ගත්තම මේක දේශපාලන කටයුත්තක් වෙනවා නේද?
බොර දියේ මාළු බාන මිනිස්සු......
මේකේ ප්‍රතිචාර කියවනකොට ලැජ්ජයි. මෙච්චර විනාශයන් වෙලත් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිනවා හැර සමහර අයට වෙන වැඩක් නෑ. තත්ත්වය පාලනය කිරීමට තම අත්දැකීම් ඇසුරින් උදව් කිරීමට උත්සාහ කරන අයට අපහාස කරන්නේ ඕන ගොනෙකුට යුද්ධය කරන්න පුළුවන්,
ජනාධිපති අගමැති ලෙස රටක් බාරදෙන්නේ තියෙන තත්වයෙන් තවත් හොද තත්වයට රට ගොඩ නැගීම මිසක් රට අගාදයට දමන්න නෙමෙයිනේ. එජාප ආණ්ඩුව අවොත් රට හා ජනතාව විනාශ වනබව දැන් නම් හොදටම පැහැදිලි. 1978 දී විවෘත ආර්ථිකයෙන් අවාසි දේවල් නිසා රට යුද්දයකට මුහුණ දුන්න, පළාත්සභා නිසා තවත් ජීවිත දේපල හානි වුණා. දුර්දාන්ත ප්‍රතිපත්ති නිසා රාජ්‍ය සේවකයෝ බොහොමයක් රැකියා නැතිවුණා, මර්දන ප්‍රතිපත්ති නිසා 60000 පමණ තරුණයෝ මියගියා. මේ වෙනකොට යලිත් ලිහිල් ප්‍රතිපත්ති නිසා වෙනත් රටවලින් පිටුවහල් කරපු අය ලංකාවට ගෙනත් තියෙනවා, ත්‍රස්ත ක්‍රියා හිස ඔසවනකම් බලාගෙන හිටිය . නැවත 2009 තත්වයට පත්වෙලා.
බොරදියේ මාලු බෑවට මොකද ?අතපය හකුලගෙන නිවටුන් වගේ බුදියන්නද කියන්නේ ...
" බොර දියේ මාළු වගේද ?.... අර බේසමේ ඉන්න කිබුල්ලු?..."
අවශ්‍ය නැත . ඕන කරන වැඩ ටික කෙරීගෙන යනවා ඇත .. කරන උදව්ව නම් බොරදියේ මාළු බාන්නේ නැතිව ආරක්ෂක අංශයන්ට රාජකාරිය කරන්න ඉඩදීලා තමන්ගේ සහචරයන්වත් රැගෙන ගොසින් පාඩුවේ ඉන්න එකයි .
විපතට පත්වූවන් ත්රස්තයන්ට වඩා උරණ වී ඉන්නේ මේ දේසපාලුවන් සමගයි. ඒ මන්ද ප්රහාරයන් ගැන මොවුන්ට තොරතුරු ලැබිලත් තම යටි අරමුණු ඉෂ්ට කර ගැනීමේ අභිලාෂයෙන් කිසිවක් නොකර කසාය බීපු ගොළුවන් මෙන් සද්ද නැතිව සිටපු නිසා. දැන් හොයන්න හදනවා සැලැස්මවල් ..
ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි කරන විදියට වැඩේ කරයි !පොඩ්ඩක් දගලන්න්නේ නැතුව හිටියොත් ලොකු උදව්වක් බොරදියේ මාළු බන්නේ නැතුව !
රාජපක්ෂලා ත්‍රස්තවාදය නැවත්වීමේ "වෙටරන්ලාය" මේ ගොල්ලෝ ඉදිරියේ රනිල් කව්ද? මේ හමුදාවම නේද එල්ටීටීඊ කාලේ රනිල් සමග හිටියේ... කෝ ත්‍රස්තවාදය නැවැත්වූවාද?
දෙවි පියාණනි, මට උපකාර කළ මැනව...