අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතා  ලක්ෂ 10 ක ශරිරී ඇපයක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය  නියෝග කර තිබේ.

ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවකට අදාළව ඒ මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.


අන්තවාදය ගැන බොරු කිවැයි කොතලාවල සරසවියේ ආචාර්යවරයකු අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයාන් සූරියආරච්චි)

ඉන්දියාවේදී ඉකුත්දා සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිවු දෙනා ඇතුළුඅන්තවාදයට නැඹුරුවූ ශ්‍රී ලාංකිකයින් හාරසීයක් පමණ සිටින බවට වැරදි සහගත තොරතුරු පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ යැයි කියන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු පුන්සර අමරසිංහ මහතා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු බත්තර මුල්ල පැලවත්ත නව පාර්ලිමේන්තු පාරේ පදිංචි තිස් හතර හැවිරිදි අයෙකි.

රූපවාහිනී නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කරන ලද තොරතුරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට කැඳවා පෙරේදා උදෑසන 10.00 පමණ සිට පැය හතකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මොහු සැකපිට අත්අඩංගුවට ගෙන අැත.

ජනතාව බියගන්වා කලබල වන අන්දමේ අසත්‍යය වාර්තා ප්‍රචාරය කළේ යැයි කියන චෝදනාව යටතේ සැකපිට මොහු අත්අඩංගුවට ගත් බව එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.