(සිරාජ් හසීම්)
ජාතීන් අතර අසමගියක් ගොඩනැගෙන ආකාරයේ ක්‍රියාවල නිරත අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක වීම පිළිබඳ තමා දැඩි අවධානයෙන් පසුවන බව ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් තරාතීරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිසිය බාර අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී දෙන ලද පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටුවිය යුතු යැයිද ඔහු කීය.
සුළු ජාතීන්ට එරෙහිව සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් ලංකාදීපයට අදහස් දක්වමින් හෙතෙම මේ අදහස් පළකර සිටි අතර මෙය ජාතීන් අතරින් වෙන්වෙන්ව බැලිය නොහැකි ජාතික ප්‍රශ්නයක් යැයිද අමාත්‍යවරයා කියා සිටියේය.
ජාතීන් අතර අසමගියක් ගොඩනැගීමට ඉඩ නොදීම තම අමාත්‍යංශයේද වගකීමක් බවත් ඇතැම් පටු දේශපාලන අදහස් දරණ අන්තවාදී කණ්ඩායම්වල ජාතිවාදය වැපිරීමේ ක්‍රියාවන්ට එරෙහිව ආගමික නායකයින් හා දේශපාලකයින් මුල්වී කටයුතු කළ යුතු බවත් එතුළින් මෙම ක්‍රියාවන් වළක්වා ගත හැකි බවත් ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ,නැගෙනහිර පන්සල් හා බුද්ධරූප විනාෂ කරනවා.ඒව තමයි ජාතිවාදී අන්තවාදි ක්‍රියා. කෝ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. කරුණානාකර අවධානය යොමුකරනවද.
වැනසී යන අපේ උරුමය ..ඉතිහාසය.. වනාන්තර රැක දෙන්න කියල හඩක් නගන අය.. ඒවා ගැන හොයා බලන අය ජාතිවාදියෝද ? එසේ කිරිමෙන් ජාතීන් අතර අසමගියක් ගොඩනැගෙනවාද ? අපේ උරුමය වෙනත් ජාතින් විසින් කඩා බිද දමල විනාස කරලා රක්ෂිත විනාස කරන එක මොන ගනයටද වැටෙන්නේ.? මහා ජාතිය තමන්ගේ දේ අරක්ෂා කර ගන්න උත්සහ ගන්න එක.. එක රැක දෙන්නේ කියල ඉල්ලීම ඉල්ලන එක වරදක්ද ? මේ රටේ සුළු ජාතීන්ට එරෙහිව මහා ජාතිය සිදු කරන ක්‍රියාකාරකම් මොනවද..?
අපි කැමතියි ඔබතුමා උතුරේ වැසියන්ට දේශන පවත්වනවානම්
උතුරු නැගෙනහිරෙන් හමුදාව පලවා හරින්න බලකරන අයට විරුද්ධව මුලින්ම නීතිය ක්‍රියාත්මක කරන්න
බෞද්ධ පුරා විද්‍යා භුමි මුස්ලිම් අය වනසනකොට කොහෙද හිටියේ
උතුරේ මහා ඇමතිට නීතිය ක්‍රියාත්මක කරලම පටන්ගත්තනම් නේද හොද?
නීතිය හා සාමයට එඩිතර වැනෙන්නේ නැති කෙනෙක් පත්කලොත් හොඳා.
ඒක තමයි අපිත් මේ බලාගෙන ඉන්නේ... මනෝ ගනේෂන් මහත්තයාට ඔය නීතිය ක්‍රියාත්මක වෙන හැටි...
බලන්න අදුරේ ඇත පත ගාමින් කියන බයිලවල ලස්සන.