ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් පරාජය කැර ජන ජීවිතය හා ජාතික සමගිය වෙනුවෙන් මැදිහත් වන ලෙස ආගමික නායකයන්ගෙනුත් උගතුන්ගෙන් හා බුද්ධිමතුන්ගෙනුත් ඉල්ලන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා බත්තරමුල්ල ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
අලුත්ගම සිද්ධියෙන් තිදෙනකු මියගොස් ඇතැයි ද, මෙය අන්තවාදීන් විසින් අවුළුවන ලද ගැටුමක්යැයි ද එය ඇවිළවූ අයටම දැන් නිවා ගන්නට බැරි වී ඇතැයි ද ඔහු කියයි.
‘මෙම සිදුවීම් අවුළුවන අයට රාජ්‍ය මැදිහත්වීම් ඇති බව පොලිසිය දන්නවා. එමෙන්ම ආණ්ඩුවේ දේශපාලනඥයන් මේ සිදුවීම පිටුපස ඉන්නවා. එය ආරක්ෂක අංශවලට බාධාවක් වී තිබෙනවා. ආණ්ඩුවේ දේශපාලකයන් දේශපාලන හා ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ඇති කළ ගැටුම් කොල්ලකෑම් දක්වා වර්ධනය වී තිබෙනවා. ‘ යැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදි බණ (අ)
මොනවා වුණත් එයාලා එදා ඉඳලම ඇත්ත කතා කළා (නි)
මොකක් හරි කරුමයක් පටන් ගන්නවාත මිනිස්සුන්ට නිදහසේ, සැනසිල්ලේ ඉන්න දෙන්නේ නැහැ. (නදී)
පිටිගල මහත්මයා කතා කරන්නේ ඇත්ත නම් මේ වනවිට ඔබට අවම වශයෙන් වයස 60ක් විය යුතුයි. මම ජවිපෙ සාධාරණීකරනය කරනවා නොවෙයි. නමුත් ඒ යුගයට පෙර අපේ රට හා ඉන්පසුව අපේ රට දෙස බැලුවොත් අපිට ඔවුන් දුන් දේවලුත් ගොඩක් තිබෙනවා. එහෙම නේද පිටිගල මහත්තයෝ? (නි)
අපි මැරිලා ඉපදුනේ නැහැ සහෝ 88-89 තාමත් මතකයි. (නදී)
වෙන්න එපා කොහොමටවත් ............. (දී)
මේ ගැටුම් අවුලුවාලීමට උඩගෙඩි දුන් හැමදෙනාටම තරාතිරම නොබලා දැඩි දඬුවම් දියයුතුයි (නි)
ඔව් ඔව් අපි මේ අත්දැකීම් වලින් කියන්නේ කාගෙන් වත් අහලා නොවෙයි. 1971, 1988-89 රට විනාශ කරලා ඉගෙන ගත්ත පාඩම් වලින් (නදී)
මෙයාල තවත් ඇනගන්න යන්නේ අපි හිතුවා අනුරටවත් මොලේ ඇති කියා (නදී)
මේ ප්‍රතිචාර දාල තියෙන අයගෙන් කී දෙනාද හිතට එකගව දාලා තියෙන්නේ (දී)
බොහොම ඇත්ත මහත්තයෝ (නි)
අන්ත වාදීන්ගේ ගොදුරක් වන්නේ සිහිබුද්ධිය නැතුව ජිවත් වන මිනිස්සු (දී)
ඔබලාගේ දර්ශනය නිවැරදි කියන මතයේ මාත් ඉන්නවා , කොයිම ආකාරයවත් ජාති වාදය ප්‍රතික්ෂේප කල යුතුයි, ගැහුවොත් ගහන්න කියල කවුරුන් විසින් කොතනකදී කියන ලක්දක්ද කියන එක වීඩියෝවකින් ඔප්පු කර පෙන්නන්න මේකේ අදහස් පළකරපු අය , අනුන් කියන්නම් වාලේ කියන්නේ නැතුව, නමුත් අපිට එකක් මතකයි මේකම තමයි පිටපත 83 කළු ජූලියේ අරම්බයත්, (දී)
ජ.වි.පෙ. ආදර්ශමත්. මිනිස්සුන්ට මතක නෑ කරපු කැපකිරීම්. අද භුක්ති විඳින ස්වෛරී නිදහස දිනාදුන්නේ ඔවුන්. (දී)
නුගත් මිනිස්සු ගැන මට දුකයි. ජේවීපී එකේ 89 ගැන කතා කරනවා නම් ඇයි71 ,89 ප්‍රා ,කළු බළල්ලු .ගැන නොකියන්නේ. අහිංසක කොල්ලෝ කීදෙනෙක් මේ ආණ්ඩු 2 න් මැරුම් කෑවද ? 88,89 කාලේ පාලම බෝක්කු වල අතපය ගැට ගහලා ටයර් දාල පිච්චුවේ ජේවීපී එකෙන්ද? (නදී)
බේරුවල කියන්නේ කොච්චර ලස්සන නගරයක්ද.? (නි)
මොනාව වුණත් එයාලා කියන්නේ ඇත්ත (නි)
නියමයි. ඔහොම යමු (නි)
ජේ.වි.පි යත් ඒ කාලේ කළේ මේ දේම තමයි (නදී)
බුදු දහමේ බලය සමානාත්මතාවයි. (නි)
ජේ . වී. පී . එක කියන දේවල් දැන් ජනතාව ගණන් ගන්නේ නැහැ, කොමියුනිස්ට් වාදය දැන් කල් ඉකුත් වෙලා. ඒ කියන්නේ යල් පැනලා 1970 තමයි මම ජේ.වී.පී, එක හඳුනා ගත්තේ. එතකොට මම උසස් අධයාපනය ලබන ශිෂ්‍යයෙක්. ඒ කාලේ නම් හදවතට වදින කතා ඇහුවා නායකයන්ගෙන්. අසාර්ථක සටන් දෙකකට පස්සේ පොල්කටු යට හැංගිලා ඉඳලා එලියට ඇවිත් අලුත් නායකයෝ දැන් මෝඩ පුරසාරම් කිව්වට විජේවීර වගේ වෙන්න කතා කලාට අද ජේ,වී පී එකට එල්ලෙන්න සාරි පොටක් හරි වේට්ටියක් හරි ඕනෑමයි. නැත්නම් එ්ගොල්ලන්ටත් බෑ! බෑ !! තමයි. අර සමහර විප්ලව වාදී පක්ෂ තවමත් එල්ලිලා ඉන්නේ වවුලෝ වගේ. අහිංසකයෝ බොරු විප්ලව වලින් අමාරුවේ දාලා රස්සාවල් නැතිකරලා , විප්ලවෙටම නාකිවෙලා සමහරු මිය ඇදිලා. කරපු විප්ලවයකුත් නැහැ පස්සෙන් ගිය මිනිස්සුන්ට ලැබුන කැකිරි ගෙඩියකුත් නැහැ.71 ටත් 89 ටත් වග කියන්න ඕන ජේ .වී.පී. එක තමයි. ත්‍රස්තවාදය ඕනෑම ආණ්ඩුවක් මැඩ පැවැත්විය යුතුයි. එ්ක රජයක යුතුකම. (නදී)
අපේ මිනිසුන්ට අතීතය අමතක වෙන ඉක්මන. එදා ගංවතුරට යට වුණ වෙලාවේ අලුත්ගම ය බත් උයාගෙන ඇවිත් අසරණ වුණ අයට කන්න දුන්නා. අපි එදා මෙහි කොපමණ සතුටින ප්‍රතිචාර දැම්මද? පොසොන් දන්සල් වල එන්න කිවුව ආරාධනා පිළිගත්තා. අපි එකම ලක් මවගේ දරුවන් කියලා හිතන්න. (නි)
සිංහල මුස්ලිම් කියලා භේධයක් තියෙන්න බැහැ රටක මොකද අපි ඔක්කොම මිනිස්සු (දී)
සාමදානෙන් ජිවත් වෙන්න බැරි නම් මේ රටේ ඉන්න එපා (දී)
කතාව ඇත්ත අන්තවාදීන්ගේ ගොදුරක් වෙන්න එපා (දී)
ජය වේවා! නියම කතාවක් (නි)
ලලිත් මහත්තයෝ, ඔබතුමා කියන ඔය මරණ වලට මඟ පාදා දුන්නේ කවුද? බිලියන ගානක මහජන දේපල වලට කළ විනාශයට වගකියන්න ඕනෑ කවුද? ඒ කාලේ ලැබූ අත්දැකීම් වලට වඩා සියදහස් ගුණයක් මේ විදිය අපිට හොඳයි (නි)
ඒ කතාව ඇත්ත අන්තවාදී අදහස් අවශ්‍ය නැහැ (දී)
ඔබතුමාගේ ප්‍රකාශයට මම ගරු කරනවා (නි)
ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කල ආකාරය මම අගයනවා (දී)
අපේ මිනිසුන් කියන දේ නෙමෙයි තේරුම් ගන්නෙ. හරි දේ පෙන්නලා දුන්නාම එ්ක පෙන්නා දුන් කෙනාට ගහනවා. සත්‍ය බුදු දහම පැත්තක තියලා වෙන මොනවදෝ කරනවා. ආණ්ඩුවටත් බනිනවා, 88-89 ගැන කියලා ජේ වී පී එකටත් බනිනවා. අන්තිමට ඇත්ත තේරෙන්නෙ ඡන්දයක් ආවිටයි (නි)
ජේ වී පියට දැක්මක් තියනව ජනතාව තවම ඉන්නේ වලේ ගොඩ ගන්න බැහැ (දී)
මෙයාල කට ඇරියොත් ලංකාවම ගඳ ගහනවා (නදී)
තවත් අඳුරු යුගයක් නම් උදාවෙන්න එපා (නි)
කවුරු මොන කතා කිවුවත් අන්තිමේදී මට නම් කියන්න තියෙන්නේ තවත් යුද්ධයක් නම් අපිට දකින්න සළස්වන්න එපා කියලයි (නි)
බොහොම හරි. හොඳ කතාවක් (නි)
මට අපේ අතීතය මතක් වුණා, මේ කතාව ඇහුවහම (නි)
මිනිසුන් නොයෙක් නොයෙක් ප්‍රශ්න නිසා තම තමන්ගේ සිත්තුළ ඇති පීඩනය මොනයම් හෝ ආකරයකින් පිටකරන්නයි උත්සාහ කරන‍්නේ (නි)
ආ එහෙමත් එකක්ද? ඇයි පහුගිය දවසක අනුරකුමාර දිසානායක කිව්වා නේද ගහන්න කියලා (නදී)
නිවැරදි ආකල්පයක් (අ)
එක හින්දද ඔය ගොල්ලෝ වෙනම අපේක්ෂකයෙක් දල ආණ්ඩුවට සපොර්ට් එකක් දෙන්න යන්නේ?(අ)
මෙයාගේ ලොක්කම නේද මේ ලගදි කිවේ ගැහුවොත් ගහපියව් කියල (අ)
පසුගිය ගැටුම් හා මේ ගැටුම පසුපස තිබෙන අදිසි හස්තය කාගේද? (නි)
එතකොට ඔයාල 71 සහ 89 කලේ මොනවද මහත්තයෝ ? (අ)
මෙයාල කරපු දේකුත් නෑ. කරන දේකුත් නෑ. කරන්න පුළුවන් දේකුත් නෑ. බොරුවට කටින් බතල හිටවනවා. එච්චරි.
71, 89. ගොදුරු උනේ මොනවදීන් ටද? (අ)
අනුර කුමාර පහුගිය දවසක මේ ජනතාවට කිව්වෙ තමන්ට බලපැම් ආවොත් පහර දෙන්න කියලා. වැඩ සිද්ධ උනාට පස්සෙ බොරු නිවේදන දානවා (නදී)
සමහර අයට නීතිය අතට දීලා, නීතිය කළ යුතු කොටස බලා ඉන්න තැනට පත්වෙලා සිටියොත් රට යන අත ගැන බලාපොරොත්තු තියාගන්න බැහැ (නි)
බොහොම හොඳ ප්‍රකාශයක් (නි)
මෙයාලට වැස්සත් ආණ්ඩුව පෑව්වත් ආණ්ඩුව. පරණ තැටියම තමයි හැමදාම මෙයාල වාදනය කරන්නේ. ඕව අහල දැන් ඇතිවෙලා. (නදී)
අතීතය අනාගතයට පාඩමක් කරගෙන රටේ අනාගතය ගැන ඔහු කියන දේ හරි. රට ගැන කතා කරන අයව දිරිමත් කරන්න. විවේචන කිරීමෙන් රටට ලැබෙන දේ මොනවද ? (නදී)
ටිල්වින්, ඔබගේ මතය හරි.කෙනෙක්ගේ අතීතය අමතක කරන්න.වැරදි කළ කෙනා වැරදි නිවැරදි කරගෙන සමාජගත වෙනකොට අපි එයාව පිළිගන්න ඕනෑ. මොනවා වුණත් අද විනයගරුකව දේශපාලනය කරන පක්ෂයක් විදියට ජේවීපිය හඳුන්වන්න පුළුවන්. (නි)
1987 උසස් පෙළ ලියා විශ්ව විද්‍යාලය ට ගිය මට , විභාග අසමත් වීමක් වත් නැතිව ගෙදරට නාකි වෙනකන් උපාධිය කරන්න වුනේ , මොන වාදීන් නිසා ද කියලා තමයි මම මේ කල්පනා කරන්නේ. (අ)
සමාජවාදීන්ගේ ගොදුරක් වෙන්න එපා කියල තමයි මේවට කියන්න තියෙන්නේ. (අ)
පැරදිල පැරදිල ඉන්නවා මොනවා කරන්න ද (අ)
එතකොට ඔයාල 71 සහ 89 කලේ මොනවද සිංහල මිනිස්සු මරන එකයි දේපල විනාශකරන එකයි බැංකු මංකොල්ලකන එකයි නේද රටේ සම්පත්නේද විනාශකලේ ඔයගොල්ලො කටින්ද ඔය කතාකරන්නෙ(අ)
හඳ පෙන්නපුවම ඇගිල්ල දිහා බලන මිනිස්සු වැඩිපුරම ඉන්නේ ..... අනේ දෙයියනේ අපේ මිනිස්සුන්ට මේ මොනව වෙලාද. (අ)
රටේ ගැටළු පොදු ඇසෙන් දකින්න පුරුදු වෙන්න (අ)
අද මේ රටේ මේ තත්වෙට මෙයාල බොහොම වගකියන්න ඕනි. අද කතා කරන්නේ මොනවත් නොදන්නා බබ්බු වගේ. ඒගොල්ලෝ හිතනවා මහා ජනතාව මෝඩයෝ කියල. (අ)
මේ ටිල්වින්ලම නේද මීට ටික දවසකට කලින් කිව්වෙ ගැහුවොත් ගහන්න කියලා.(අ)
"අන්තවාදීන් ඕනේ නැහැ අපේ රටට". කතාව ඇත්ත මොකද අන්තවාදීන් ඉන්නා තැන ඇත්තේ එකාදිපතිත්වයයි (දී)
බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නෑ. ඔබලාගේ දර්ශනය නිවැරදි බව දැන් දැන් පැහැදිලි වෙනවා. (අ)
අපිත් මේ සිද්දිය අනුමත කරන්නේ නෑ කාගේ උනත් වටිනා ජීවිත නේ . විශ්ව විද්‍යාල වල ඉන්න ඉගෙනගන්නේ නැතුව පිස්සු නටල රටේ මුදල් විනසකරන ඔබතුමාලගේ ගෝලයෝ ටිකටත් අන්තවාදී නොවී අනිත් සිසුවන්ට ඉගෙනගන්න ඉඩ දීල පාඩුවේ ඉන්න කියල කියන්නකෝ මහත්තයෝ (අ)
නිවැරදි ප්‍රකාශයක්!! ජාතිය, ජන්මය, ආගම, අනුව ලේ වල පාට බලන්න වෙන්න ඇතිනේ සමහර අයට ඕන වෙලා තියෙන්නේ. මේවා දැකල සතුටු වෙලා කිරිබත් කන්න බලාගෙන හිටපු අයට දැන් ඒකට වෙලාව හරි. (අ)
අප්පා මෙයාල දැන් බණත් කියනවා (අ)
හොඳ ප්‍රකාශයක්. (නි)
මම මේ කතාව අගය කරනවා (නි)
මේවා පිල්ලේ නෝනට කියන්න එකෙක් නැද්ද මේ රටේ?.(අ)
අපේ මිනිසුන්ට හරිම ඉක්මණට අතීතය අමතක වෙනවා (නි)
හොඳ අදහසක්. අපි විරුද්ද පක්ෂයටත් අවස්තාවක් දෙමු. දැන් නම් රට ගිනි ගොඩක. සියල්ලෝම සන් සුන් වෙමු. මට මතක් වෙන්නේ සමහර ලොක්කෝ යුද්දෙන් පස්සේ වපුරපු බීජ දැන් අපි නෙලනවා. (නදී)
ඔබලාට 70,71,88,89 දී මේ බව වැටහුනා නම් ලක් මාතාවගේ වටිනා දු දරුවන්ගේ ජීවිත කොතෙක් නම් රැකෙනවද? (නදී)
රවී,ඔයා නොදන්නා ඒවා කියන්න එපා. පළමුව සමාජවාදය හදාරලා ඉන්න. (නි)
1971, 1987-89 බණ දෙසති (නදී)
අනුර ඔබ හරි (නදී)
ඇත්ත තමයි මහත්තයෝ. අපිටත් දැන් මේවා ටික ටික තේරෙනවා (නි)