මේ රටේ සිටින අන්තවාදීන්ට උතුරට එන්න යැයි තමා ආරාධනා කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද යාපනයේ දී පැවසීය.
‘මේ රටේ සාමය,සංහිඳියාව ඇති කිරීම සඳහා අප රජය කරගෙන යන වැඩපිළිවෙල සමග උගතුන්,බුද්ධිමතුන් සමග බහුතරයක් පොදු ජනතාව අප සමග එක්වී සිටිනවා.එහෙත් මේ වැඩපිළිවෙල තේරුම් ගැනීමට නොහැකි සුලු පිරිසක් මේ රටේ සිටිනවා.අපි මේ ලබාදීලා තියෙන කථාකිරිමේ,ලිවීමේ නිදහස උපයෝගි කරගෙන කොළඹ ශාලාවක් ඇතුලේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ඕන කෙනෙකුට විවේචනය කරන්න පුලුවන්.ඒ නිදහස සෑම විටම භාවිතා කළ යුත්තේ මේ රටේ ජාතික සමගිය හා සංහිඳියාව රැකගැනීම සඳහායි.
අපේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව බිඳ වැටිලා, එල්ටිටීඊයට ඔලුව උස්සන්න ඉඩ දෙනවයි කියන මේ රටේ අන්තවාදීන්ට මම ආරාධනා කරනවා විශේෂයෙන්ම උතුරට ඇවිල්ලා උතුරේ ජනතාව හමු වෙන්නැයි කියලා. ඒගොල්ලොන්ට කොළඹ ශාලාවක් ඇතුළට වෙලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියන්න එච්චර වියදම් යන්නේ නෑ. ඒගොල්ලන්ට කොළඹ ඉඳලා උතුරට එන්න ඕනේ නම් තෙල්,පෙට්‍රල් දෙන්නත් මට පුලුවන්.ඒගොල්ලන්ට උතුර බලන්න ඕනේ නම් කොළඹ ඉඳලා එන්න මට වාහන දෙන්නත් පුලුවන්.
මං ඒගොල්ලන්ට කියනවා ඇවිල්ලා අවුරුදු 25ක් තිස්සේ අවැතැන් වෙලා ඉන්න උතුරේ ජනතාව හමු වෙන්න කියලා.
ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුව තුළ නෙමේ.ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය තියෙන්නේ අවුරුදු 25කට වැඩිය අවතැන් වෙලා ඉන්න උතුරේ ජනතාවගේ ප්‍රශ්නය තුළයි කියන එක විශේෂයෙන් මං සඳහන් කර සිටිනවා.‘‘





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරියට හරි සාලිය. මටත් ඔය ටික ලියන්න ඕන කලා නමුත් ඔබ ලිව්ව නිසා මම නොලීවෙමි. (ස)
අපි සේරම මිනිස්සු කියල: අනේ සිල්වා මහත්තය දන්නා දේවල්. සිල්වා මහතා දන්නවද දෙමළ සන්ධානය ගෝලීය දෙමළ සන්ධානය සමග එකතු වුන බව ඔවුන්ගේ රටක් දිනාගන්න. (බ)
උතුරේද දකුණේද කියා නොසිතා හැම පුරවැසියෙක්ම ශ්‍රී ලාංකික බව අපි අමතක නොකළ යුතුය ගරු ජනපතිදුනි ඔබට එක්සේසත් කළ හැකිය (ම)
උතුරට ගියාම නිදහසේ යන්න පාර හදලා දුන්න කෙනත් මතක් කරොත් නරකද. (ර)
ජනපතිතුමනි ඔබතුමා කියන දේ හරි.(හේ)
සංවේදී උතුම් මිනිහෙක්, (හේ)
මීට වසරකට පෙර ඔබතුම වෙනුවෙන් අපි ලබාදුන්නු අපේ ඡන්දයට වටිනාකමක් තියන බව දැන් නම් පැහැදිලි. (කෞ)
මහින්ද රට බේරාගත් නිසා දැන් ලොක්කා වගේ කතා කරනවා. අනේ ඇත්තට මෙහෙම ආත්මාර්ථකාමී මිනිහෙක්. ලජ්ජයි, අපිටම ලජ්ජයි, ඔබ ගැන (බ)
එකක් හොදට පැහැදිලි ජනාධිපතිතුමනි. ඔබ විදේශයට ඕන විදිහට රට පාලනය කරන ජනාධිපති කෙනෙක්. ඔබ කවදා හරි ඔය පුටුවෙන් බහින්නේ ජාතියට ද්‍රෝහී වූ ජනාදිපති කෙනෙක් විදිහට (බ)
බඩගෝස්තරවාදී දේශපාලනයේ ඉත්තෝ වෙලා සමිති සමාගම්වල සේවකයින්. ඒ අවස්ථාවාදී දේශපාලකයින්ගේ අරමුණ මොකක්ද කියල නොදැනයි සමහර "අහිංසක" සේවකයින් ඊනියා වර්ජනවලට සම්බන්ධ වෙන්නේ. ඉතින් දැන් ඉන්න නායකයින් දෙපලගේ දෑත් සුද්ද නිසා, විස්වාසේ තියාගෙන රටේ දියුණුව වෙනුවෙන් හැකි පමණින් අපේ දාකත්වය පක්ෂ පාට භේදවලින් තොරව රට වෙනුවෙන් දායක වෙමු. (කෞ)
70% පමණ දෙමල ජනතාව ජිවත් වෙන්නේ දකුණේ. ඒ නිසා උතුරේ ඉන්න ජාතිවාදීන්ට දකුණට ඇවිත් සන්හිද්යාවෙන් ජිවත් වෙන්නේ කොහොමද කියල ඉගනගන්න කියන්න. සුළුතරය පිනවන්න බහුතරය පාවාදෙන්න එපා.(කෞ)
ඔබතුමා හිතන විදිය හොද වුනාට ඔබතුමාව පාලනය කරන්නේ වෙන අය නිසා ඔබතුමා කියන දේවල් වචනවලට පමණක් සිමා වේවි. (කෞ)
අපි කලබලනොවී මේ ප්‍රශ්න විසඳාගන්න බලමු (නි)
හරිම සංවේදී දසුන් පෙළක් (නි)
රජෙක් නොව දුප්පතුන් අතර නායකයෙක්... අහිංසක ජනතාවගේ හදවත් තේරුම්ගත් නායකයෙකි ඔබ. (නි)
ජනක මෝඩකම පෙන්නන්න එපා.ජනාදිපතිතුමා කියල තියෙන්නේ. උතුරට ඇවිත් ඉගෙනගන්න කියල නෙමෙයි. මේ උතුරේ ජනතාවත් එක්ක සබදතා ගොඩනගාගෙන සහෝදරත්වය සහජීවනය ඇතිකරගන්න කියල. අපි බෙදුනහම අනිත් අය පෙන්නේ වෙනම මිනිස්සු කොටසක් විදිහට. ආශ්‍රයට වැටුනම තමයි තේරෙන්නේ අපි සේරම මිනිස්සු කියල. (කෞ)
එතකොට කොටි මහවිරු දිනය දවසේ යාපනයේ, කොටින්ගේ පෝස්ටර් ගැහුවෙ කවුද? (නි)
ඔබතුමා රට යහමඟට ගැනීමට කරන උත්සාහය ගැන ඇත්තටම සතුටුයි (නි)
එතකොට උතුරේ විතරද මේ රටේ මිනිස්සු අවතැන් වෙලා ඉන්නේ?නැගෙනහිර සහ උතුරේ හිටපු සිංහල මුල්සිම් මිනිස්සු අවතැන් වෙලා නැද්ද? නැගෙනහිර සහ උතුරේ හිටපු සිංහල මිනිසුන්ට මොන රජයෙන්ද මොනවා හරි කලේ? (කෞ)
යුද්දයෙන් අවතැන් වූ දෙමළ විතරක් නොව සිංහල අයගෙත් ප්‍රශ්න එක හා සමානව සළකා විසඳන්න. කවුරුත් ඒකට විරුද්ධ නැහැ. (නි)
දකුණේ වගේම උතුරේත් ඔය ඕන තරම් ඉන්නේ අන්තවාදියෝ/දේශප්‍රේමියෝ කියාගත්ත උන්දැලා. දේශපාලකයා හැමදාමත් කලේ තමන්ගේ මඩිය තරකරගන්න එහාට මෙහාට කඹ අදින එක මිසක් මේ රටේ අස්සක් මුල්ලක් නෑර කිසිම යටිතල පහසුකමක් නැති ජනතාවගේ දුක සැප හොයලා වැඩ කරන්න උනන්දු වෙන අය ඉන්නේ කියෙන් කීදෙනාද? (කෞ)
ඔබ ඉතා නිහතමානී සියලු ජනතාවටම ආදරය කරන නායකයෙක්. (නි)
ඔබතුමා කතාකරන විදියට අපි හරි කැමතියි (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
ඉස්සර මගේ රට ගැන මම හිටියේ පුදුම කළකිරීමකින්. දේශපාලන වාසි වෙනුවෙන් ජාතිකත්වය විකිණූ , වර්ගවාදය වැපිරූ යුගයක් අපි දැක්කා. ඔබතුමා දැන දැනම මුහුදට පනිනවා වගේ ලොකු අවදානමක් ගෙන රට බේරාගත්තා. අද ඔබතුමා හැමෝටම එක විදිහට සළකන්න ලොකු මහන්සියක් ගන්නවා. ගොඩක් පින් ජනපතිතුමනි. අපි එදා ඔබ වෙනුවෙන් කතාකිරීම ගැන අද ලොකු ආඩම්බරයක් දැනෙනවා. සමාජයේ අඩු අවධානයට ලක්වෙන තුන්වෙනි පන්තියේ ජනතාවගේ ජීවන තත්වය ගොඩනඟන්නත් ටිකක් මහන්සි වෙන්න. අපි ඔබ සමඟයි. (නි)
20 ගුණයේ සංවර්ධනය ඔය පළාත්වලට හරි ලැබෙනවා නම් අගය කිරීමට හැකියාව ඇත !!!. (කෞ)
අන්තිමට මිනිසුන්ගෙන් විරෝධයන් එනවිට ජනතාව "අන්තවාදීන්, කුමන්ත්‍රණකාරීන්" විදිහට පෙනෙන එක මේ රටේ හැමදාම වුණ දෙයක්. රටේ ආරක්ෂාව තරකර ආර්ථිකය ඉහළ නංවා රජයක් බලයේ සිටීම තමා ජනතාව බලාපොරොත්තු වුණේ. එම පැතුම ඉටුකරන්න බලන්න. (නි)
ඔබතුමාගේ පැතුම් සාර්ථක වේවා! මේ රට නැවතත් එකම ධජයක් යට සාමය සමගියෙන් පිරුණු, ප්‍රශ්න නැති රටක් වේවා! (නි)
මේ කියන විදියට නම් අන්තවාදීන් ඉන්නේ, එතකොට 30 වසරක් ත්‍රස්තවාදීන් සටන්කළේ සහ දැනුත් වෙනම පාලනයක් ඉල්ලන්නේ ඇයි? (නි)
මංගල, දැනුත් එක ධජයක් යටතේ තමයි තිබෙන්නේ. 2001-02 නම් වෙනම පාලනයක් තිබුනා. ඒත් 2009දි රට එක්සේසත් කළා. (නි)
'නිදහසට බාධා එල්ලවනවිට, යුක්තිය තර්ජනයට ලක්වනවිට සහ ආක්‍රමණයන් සිදුවනවිට, අපට මධ්‍යස්ථව සිටිය නොහැකිවාක් මෙන්ම අප මධ්‍යස්ථ වන්නේද නැත.' ඉහත කියමන මේ මොහොතේ සිහිකළ යුතුය. (නි)
හොඳ කතාවක් (නි)
ජාතිකත්වය වෙනුවෙන් දකුණේදී කතාකිරීම වැරදිදැයි මම අසමි (නි)
අපිට කළහැකි හොඳම දේ නිශ්ශබ්දව ඉවසීමෙන් සිදුවෙන දේ බලාසිටීමයි (නි)
ඔබතුමා ගැන අපිට විශ්වාසයි (නි)
"මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි". (නි)