
(ඩයනා උදයංගනී)
සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීම සඳහා කළ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
රටේ වත්මන් තත්ත්වය අනුව මෙම අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා පවතින අමාත්‍ය මණ්ඩලයට කටයුතු කළ නොහැකි බව ද හිටපු ඇමතිවරයා කීවේය.
ඒ නිසා කැබිනට් මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් සඳහා සර්වපාක්ෂික හෝ බහුපාර්ශ්වික ගිවිසුමකට එළඹෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද වීරවංශ මහතා කීය
විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් ඉතින් නව අන්තර්වාර පාලන මණ්ඩලයේ ඉන්නේ බැසිල්, ජොන්ස්ටන්, රෝහිත, නාමල්, මහින්ද, ලොකුගේ, පවිත්‍රා, ආදී සෙට් එක පමණයි. වීරවංශ, ගම්මන්පිල, වාසු ඩමී හැටියට තියාගනියි. රට එතැනමයි. මේකත් රාජපක්ෂලා රකින උප්පරවැට්ටියක්....
මුදල් ඇමැති වහාම ඉවත් කරන්න... !!!
රවට්ටපු කාලෙ ඉවරයි... කොයි කොයි දේටත් ජනතා ප්‍රතිචාරය බලාගෙන ඉන්නකෝ...
හවුලේ කරන ආණ්ඩුවලින් හොරු අල්ලලා හොරාකාපු සල්ලි, ආපහු ගනී කියලා තමයි බය...
ආයෙත් හොර පාරෙන් බලයට එන්න හදන්නේ... මහජනතාව ඕවාට රැවටෙන්නේ නෑ.
මේකත් ඉතින් පවතින ආණ්ඩුවේම ෆොටෝ කොපියක්නේ...
මම ලොකුවට කෑගැහුවේ ඕකට තමයි. අන්තර් වාරයක් හදලා රාජපක්ෂලාව ආරක්ෂා කරන්න...
ඉස්සර වෙලාම පාර්ලිමේන්තුවට දෙන වරදාන අඩු කරන්න ඕනේ...
මෙයාලවත් ගහලා එළවන්න ඕනෑ...
උඹලා හිතෙනවද ජනතාව මෝඩයින් කියලා. ඔය කුට්ටම ඇනුවාට ප්‍රශ්න විසඳෙන් නෑ. කියන්න මහා එකාට පන්නපු ඩොලර් බිලියන 19 ගේන්න කියලා...
2010-2015 සහ 2015-2020 පාලනය කළ අය ඔය මණ්ඩලයට නම් එපා...
වීසා එකක් හදාගන්න ඉතියෝපියාවට...
ජනතාව රැවටෙන්නෙපා.. මෙයා රාජපක්ෂලාගේ ලොකු කොන්ත්‍රාත්තුවක් බාර අරගෙන ඉන්නේ...
විමල් ඇතුළු කණ්ඩායම කරන්නේ ආණ්ඩුව බේරාගැනීමේ සැලසුමක්ද?
මේක හෙට, අනිද්දා විරොධතා නතර කරවාගෙන ඇමතිලගේ දේපළ බේරගන්න, සහ රාජපක්ෂවරුන්ට කල් මැරීමට යොදන උපක්‍රමයක් නොවිය යුතුයි. ජනාධිපති උදුරාගත් බලතල පාර්ලිමේන්තුවට ආපසු දී සොරකම් කළ ධනය නැවත ලබාගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කළහැකි විය යුතුයි. නැත්නම් කෙනෙක් කීවා වගේ කුට්ටම ඇනීමක් පමණක් වනු ඇත.
ඔය කවුරුවත් එපා...
මේ සේරම කට්ටිය හොරු. ආණ්ඩුවේ ඉඳන් හොරකම් කරන කොට දැක්කේ නෑ වගේ හිටියේ. තවත් මහජනතාව අන්දවන්න එන්න එපා. අන්තර් පාලනයක් දාලා ඉතුරු ටික මුන් කන්න බලන්නේ... තවත් නාඩගමක් නටන්න ලෑස්ති වෙන්නේ. බොරුවෙන් තමයි ජීවත් වෙන්නේ... කොහොමද මෙයා පහුගිය කාලේ කඩේ ගිය හැටි...?
තවත් ආණ්ඩු සාදන්නට යාමෙන් සිදුවන්නේ ඇමැතිකම්වලට පොරකෑම පමණි. එවැනි දෙයකින් රටේ ප්‍රධානම ප්රශ්නය වන විදේශ ණය අඩුවන්නේ නැහැ.
මෙතුමා ඇතුළු සෙට් එක කළේ රඟපෑමක් දෝ කියා හිතෙනවා. රට මේ තත්වෙට ඇදදැමූ කිසිවෙකු සිටිනා ආණ්ඩු නම් ජනතාවට තවත් එපා. කැලේ මාරු වුණාට පුල්ලි මාරුවෙන්න නැහැ. පෙර සිටි සතුන්මයි...
ලංකාව තුල මහජනකා ඇන්දවීමට දායකවුන ප්ර්ධානියෙක් මේ දිව දෙකේ තකා කියන වසලයා. මෙන්න මුන් තමයි රටම කෑවෙ
නාටකේ හොඳටම ලියලා තියෙන්නේ, ආයෙත් කොලේ වහලා ගාණට අන්දන්න වගේ නේද? කොහේ ගෙනියන්නද ඕවා...?