
(නිමල කොඩිතුවක්කු)
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අධිවේගී මාර්ග ඔස්සේ අන්තර්පළාත් මාර්ග 17ක් සඳහා සුඛෝපභෝගි බස්රථ සේවාවන් 25ක් ධාවනයට එක් කළ බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ඒ අනුව මාකුඹුර සිට මොණරාගල, බදුල්ල, ඇඹිලිපිටිය, අම්පාර, අක්කරෙයිපත්තු, මහනුවර, මුලතිව්, අනුරාධපුරය, කුරුණෑගල, මඩොල්සිම, වවුනියාව, මඩකලපුව, කදුරුවෙල, කරාඩුගල යන ගමනාන්ත දක්වා මෙම බස් සේවාවන් ක්‍රියාත්මකයි.
මාකුඹුර සිට අධිවේගි මාර්ගය ඔස්සේ ගාල්ල හා මාතර නගර සඳහා පමණක් මෙතෙක් බස් රථ සේවාවාන් ක්‍රියාත්මක වූ අතර මෙම නව බස් සේවාවාන් සමග කොළඹ නගරය තුල පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලැබෙන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.
එමෙන්ම මෙම දුරගමන් සේවා ලබා ගන්නා මගී ජනතාවට තම වාහන නවතා තැබීමේ පහසුකම්ද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සලසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙතුමියට වෙච්චි දෙයක්... පාරට බස් එකක් දාලා පටි කපන්න ඇවිල්ලා... ලැජ්ජා නැද්ද?