අලුත්ගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ අනතුරින් පසු අවට ගම් වැසියෝ විශාල පිරිසක් පැමිණ එම දුම්රියට ද හික්කඩුව බලා යෑමට ඉඩ නොදී උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ගේට්ටුවක් සවි කරන තුරු උද්ඝෝෂණය කරන බව ඔවුහු කියති.
අලුත්ගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ අනතුරින් පසු අවට ගම් වැසියෝ විශාල පිරිසක් පැමිණ එම දුම්රියට ද හික්කඩුව බලා යෑමට ඉඩ නොදී උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ගේට්ටුවක් සවි කරන තුරු උද්ඝෝෂණය කරන බව ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේට්ටු තියන තැන්වල අනතුරු වෙලා නැද්ද? කඩි කුලප්පුවයි, නොසැලකිල්ලයි.ගේට්ටු අස්සෙන් රිංගන අය,රතු එලිය පෙනිපෙනි මාරුවෙන අය ,වේග සීමා කාලගුණය ගැන තුට්ටුවකට මාඉම් නොකරන අය,ඉස්සර වෙලාම හදන්න ඕනෑ එයාලව.මිනිස්සු කුලප්පු කරලා ,පාරවල් වහලා, කිසිම දෙයකට සම්බන්ද නැති එදිනෙද ගමන් යන මිනිසුන්ට හිරිහැර කරලා දේශපාලන වාසි ගන්න දගලන කවුරුම හරි කෙනෙක් ඔතන ඇති. (නි)
මෙහෙමවත් බලපෑමක් කරලා බලමු මිනිසුනේ ! නුඹලාගේ එඩිතරකමට අපේ ආචාරය ! (නි)
දෙයි දෙයි බලාගෙන ඉන්නකෝ (නි)
සමහරු කියනවා රියදුරාගේ වරද්දලු.ආරක්ෂක ගේට්ටුවක අගය තේරුමක් දන්නේ නැති අය .එසේනම් සියලුම ආරක්ෂක ගේට්ටු අස් කරාම ඉවරනේ. සල්ලිත් ඉහිර්යි. මෝඩ,ගොන් කතා. මේ අය බලදාරීන්ට දොස් කියන්න බයවෙලා ඇති ? (අ)
සම්පත්. බොහොම ලස්සන මෝඩ උත්තරයක්.ලංකාවේ තියෙන ඔක්කොම ගේට්ටු ටික අස්කරලා සල්ලි ටිකත් ඉතිරි කර ගන්න පුළුවන්. ඇමතිට ඒක නිර්දේශ කරන්න. ඔහේ නම් නියම මහදනමුත්තෙක් .මේ විදිය ගොන් කතාවක් ඇහුවමයි. (අ)
13 විසඳගත්තට පස්සේ ඉස්සෙල්ලම කරන්නේ ඔතනට ගේට්ටුවක් දාන එක කිව්වම කට්ටිය විසිරිලා යයි. අපේ අය හරි හොඳයි. (ත)
කවදා හැදෙයිද අපේ කට්ටිය? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු? මෝඩ මිනිසුනේ, කෝච්චිය පාරට පැනලා හැප්පුවද? රියදුරන්ගේ කඩි කුලප්පුව නිසා රේල් පාරට දමලා හප්පා ගත්තා මිසක. රියදුරු බලපත්‍රය සදහා නිර්ණායක වැඩි කිරීම මිස මේකට ගේට්ටු දැමීම නෙමෙයි විසදුම. (නි)
හේට්ටු දාන් බැරි නම් අනාරක්ෂිත ස්ථානවලට පොලිසිය දමන්න. (ත)
අහල ඇති අර නව නිපැයුම් කරන දොස්තර කෙනක් එයා හදපු දුම්රිය ගේට්ටුව අදාල අංශ පිලි නොගත්ත නිසා ගෙදර ගේට්ටුව වෙනුවට සවීකරගෙන, පිලි නොගන්නා හේතුව වියදම අඩුවීම, කොමිස් ගන්න බැරිවීම. රට බව්වාට, බව්වෝ රජයේ අමත්‍යංයන්ශවල, සංස්‌ථා හා පරලිමෙන්තුවට.(නදී)
අන්න හොදයි එහෙම තමයි මිනිස්සු ඉන්න ඕනා. මිනිස් ජීවිත බල්ලෙක් ,බළලෙක් තරම්වත් වටිනා පාටක් අපේ රජයට නැහැ. ඇමති කෙනෙක් දෙන්නෙක් , යට උනානම් එහෙම ඇමරිකාවෙන් ගෙන්වන්නේ ගේට්ටු. මුළු දියවන්නාවම කලඹනවා අපේ මාමල ගේට්ටු ඉල්ලලා. ජනතාවනි උද්ගෝෂණය දිගටම කරන්න , මුළු ලංකාවටම ගේට්ටු දෙනකම්. කතිරේට වැඩිය අපේ ජීවිත වටිනවා දුප්පත් දරු පවුලකට.(නදී)
වහාම සෑම කටයුත්තක්ම නතර කර දුම්රිය ප්‍රතිපාදන වැඩි කර ලංකාවේ සෑම දුම්රිය හරස් මාර්ගයකම ගේට්ටු සවි කරන්න. (නි)
මේ අනතුරකට අහුවෙන්න ඕනා දේශපාලුවෙක්. අන්න එතකොට ඔක්කොටම ඇස් ඇරිලා පහුවදාට පාර්ලිමේන්තුවේ පනතක් ගෙනෙයි මුලු රටටම දුම්රිය ගේට්ටු කියලා. දැන් අනතුරු කීයක් වුනාද? කෝ එකෙක්වත් වචනයක් කතාකරනවද කිසිම පළාත් සභාවක. මැරෙරන්නේ දුප්පත් මිනිස්සු තුටුටුවකට ගනන් ගන්නේ නැහැ.(නදී)
ගේට්ටුවක් දාන්න කියලා කි පාරක් කිව්වද වැඩක් උනේ නෑ නේ.(නදී)
මේ හැම දුම්රිය හරස් පාරේ අනතුරු වල වගකිවයුත්තා දුම්රිය නම් නොවෙයි. අපායට පාර කපාගන්නේ තමාමයි. ටිකක් වට පිට බලන්න පුලුවන් නම් ජිවිත කීයක් බේරෙයිද? (නි)
අඩන්න ඕනෑලු කිරි එරෙන්න. අපේ සම්මත ක්‍රමය ඒකනේ. (නි)
මගේ අදහස රියදුරුතුමාගේ නොසැලකිල්ල. මමත් ඔය වගේ අනාරක්ෂිත ගේට්ටු ළග රේල් පාර දෙපස හොදට බලා වාහනය ධාවනය කරනවා.ලංකාවේ සෑම විනාඩි පහකට වරක් දුම්රිය ධාවනය වෙනවද? (නි)
ජේ.ආර්.ජයවර්ධන මහත්තයා තමාගේ ආරක්ෂාව තමා විසින්ම සලසා ගත යුතුය යනුවෙන් පැවසුවා. එම අදහසට සමාජයේ අනුගත වීම ලංකාදීප එසැන පාඨක ප්‍රතිචාර කියවීමෙන් තේරුම් ගන්න පුළුවන්. දුම්රිය හරස් පාරකට ගේට්ටුවක් අනවශ්‍යයයි කියන අයගෙන් මම අහන්නේ එහෙම නම් මොකටද අනෙක් තැන් වල දැනටමත් සවිකර ඇති ගේට්ටු? ඒවත් ඉවත් කරන්න කියමු. ඒ හරස් පාරවල් හරහා යන්නෙත් එම දුම්රිය ප්‍රමාණයම නේද? නිතර වාහන ගමන් කරන සියලුම අනාරක්ෂිත දුම්රිය හරස් පාරවල් සඳහා උණ බම්බුවලින් හෝ ගේට්ටු සවි කර දෙන මෙන් සමස්ත ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමි. (නි)
චන්දයක් ළඟ තිබුනානම් උනබම්බුවක් හරි තීන්ත ගාලා ගෙනත් තියයි. (ත)