වළක්වාගත හැකි අනතුරු වලින් වසරකට මිය යතියි කියන 1000ක් පමණ ළමා ජීවිත රැක ගැනීමේ සතියක් අද (28) සිට ක්‍රියාත්මක කරන බව නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා ළමා ආරක්ෂක සංවිධානය, ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ මානව ක්ෂමතාව පිළිබඳ විද්වත් කමිටුව, යුනෙස්කෝ සංවිධානය හා ස්වදේශ අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කරන බව කියයි.
අනතුරු සිදුවන ආකාරය හා ඒවා වළක්වාගැනීම සම්බන්ධයෙන් පාසල් සිසු දරු දැරියන් දැනුම්වත් කිරීමේ වැඩසටහන්, හෙල්මට් නොමැතිව යතුරුපැදිවලින් දරුවන් රැගෙන යාම වරදක් බව දැක්වෙන ස්ටිකර් බෙදාදීම, අනාරක්ෂිත ළිං හා වතුර වළවල් ආවරණය කිරීම, පොලිසිද සහාය කරගනිමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසළින් ඔක්තෝබර් 04 (ඉරිදා) ජාතික පාගමනක් සංවිධානය කිරීම මෙම වැඩපිළිවෙළට අයත්වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසන්නේ පැය 15ට වරක් මෙරට දරුවකු හදිසි අනතුරු හේතුවෙන් මියයන බවයි. සෑම විනාඩි දෙකකට ම වරක් දරුවකු හදිසි අනතුරුවලින් තුවාල ලබා රෝහල්ගත වන බව ද ජයරත්න මහතා පවසයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් අනතුරුවලට ලක්වීම දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිදුවන වන අතර ඔවුන් එයින් මුදවා ගැනීමට සිත් පහලවීමද දෙවියන් වහන්සේගේ කැමැත්ත වේ. (බ)
දරුවන් වගේම ..දෙමාපියන්ට අණතුරු වලක්වා ගැනීම හා ඉන් ජීවිත බේරා ගන්න ආකාරය ගැන මාස තුනක පාටමාලාවක් හැදෑරීමට රජයෙන් කටයුතු සලසන්නේ නම්..? මේ මාරක සියල්ලෙන්ම ජය ගන්න ලැබෙනවා දරුවන් මෙන්ම කාන්තාවන්ට? වැඩි හිටි නොසැල කිල්ල තමයි ලොකුම කිල්ල? (අ)
කවුද බන් ඔය කියන දෙයියා.. (අ)