
(එම්.කේ නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ රාජකාරි සඳහා යොදවා සිටි කතරගම පොලිසියට අනුයුක්ත ආධුනික කොස්තාපල්වරයෙකු අද( 24 ) තිස්සමහාරාම අකුරුගොඩ සීමාවේදී පුද්ගලික බස් රථයක ගැටී මියගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිමඩ ඩවුන්සන්වත්ත ප්‍රදේශයේ පදිංචි 102691 වී. කරන් නැමැති කොස්තාපල්වරයෙකි.
මෙම නිලධාරියා තවත් පොලිස් නිලධාරියෙකු සමග සිවිල් ඇඳුමෙන් සැරසී පුද්ගලික යතුරු පැදියකින් තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වෙත රාජකාරී අවශ්‍යතාවයකට ගමන් කරමින් සිටියදී මාතර සිට කතරගම බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක අකුරුගොඩ සීමාවේදී ගැටීම නිසා බරපතල තුවාල ලබා දෙබරවාැව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම යතුරු පැදිය පදවා ඇති නිලධාරියාට කිසිදු තුවාලයක් සිදුව නැතැයි ද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම බස් රථය තිස්සමහාරාම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් එකක් බව පැවසේ.
අදාළ බස් රථය සහ බස් රථය ධාවනය කල තිස්සමහරාම මුතියම්මාගම ප්‍රදේශයේ පදිංචි රියදුරෙකු තිස්සමහාරාම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙි.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනතුරින් කොස්තාපල් මරුට
Lakmal Wednesday, 24 January 2024 08:38 PM
ප්‍රයිවට් බස් හින්ද මිනිස්සු කී දෙනෙක් ජීවිතයෙන් වන්දි ගෙවනවද. බස් ගැමුණුව කියනව ප්‍රයිවට් බස් කරන වැරදි වලට දඩ ගැහුවොත් වර්ජනය කරනව කියල.
Bamunuarachchi Thursday, 25 January 2024 02:59 AM
පව්!
Dilrukshi Thursday, 25 January 2024 07:30 AM
බස් රථය පස්ස ගහපු එකක්ද දන්නෙ නැහැ ඔය ප්‍රදේශයේ තියෙන බස් බොහොමයක් එහෙම ඒවා කියලා දැකල තියෙනවා
මහේෂ් Thursday, 25 January 2024 12:32 PM
ඊයා .. මොකද්ද බං ඒ කතාවේ තේරුම.