
(මදුශානි අබේසිංහ)
පොළොන්නරුව බකමූණ - ගිරිතලේ ප්‍රධාන මාර්ගයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදු වූ අනතුරකින් උසස් පෙළ අධ්‍යාපන ලබන සිසුවකු මියගොස් ඇති බව බකමූණ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ නිකපිටිය ලිපිනයේ පදිංචිව සිටි අවුරුදු 18 ක් වයැසති ලකිදු පින්සර නමැති සිසුවෙකි.
ඔහු බකමූණ මහසෙන් ජාතික පාසලේ උසස් පෙළ විභාගය සඳහා ඉගෙනුම ලබන සිසුුවකු බවද පොලිසිය කියයි.
මියගිය සිසුවා ඔහුගේ මිතුෙකු සමග යතුරුපැදියේ පිටුපස ගමන් කර ඇති අතර, යතුරුපැදිය . මාර්ගයේ ගමන් කර ලොරි රථයක ගැටී, මෙම අනතුර සිදුව තිබේ.
රිය අනතුර සිදුකළ අනෙත් යතුරුපැදි කරු පලාගොස් ඇති බවද පරීක්‍ෂණ පවත්වන බකමූණ පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවක් බවක් නැතිව දරුවන්ට යතුරු පැදි අරන් දෙන දෙමව්පියන්ට මේවා හොඳ පාඩම් .නමුත් අපේ අය කවදාවත් පාඩම් ඉගෙන ගන්නේ නැහැ