රජයෙන් ලැබුණු වාහනය අනතුරට පත්වූ පසු ඒ බව පොලිස් දෙපාර්තමේන්තුවට වාර්තා නොකර පොලිස් කොස්තාපල්වරයකුගේ වියදිමින් අලුත්වැඩියා කරවීම ඇතුළු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට අනියුක්ත කර විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් ආරංචි කියයි.
පොලිස් පරීක්ෂකයකු ලවා විදුලිබිලක් ගෙවීම, පොලිස් නිලධාරියකු ලවා කාන්තාවකට ආහාර ගෙන්වා ගැනීම ඇතුළු පැමිණිලි කිහිපයක්ම ඔහුට එරෙහිව ලැබී ඇතැයි පොලිස් ආරංචි සඳහන් කරයි.
එම පැමිණිලි සම්බන්ධයෙන් දකුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමරත්න මහතාගේ නියෝගයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර විමර්ශන අවසන් වන තුරු ඔහු තාවකාලිකව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට නියුක්ත කර ඇත.
මාධ්‍යවේදියකු අතුරුදන්වීම සම්බන්ධ පැමිණිල්ලක් නිසි ලෙස විමර්ශනය නොකළැයි ද මේ නිලධාරියාට එරෙහිව නඩුවක් ගොන් කර තිබේ.
ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු වීමට පෙර සිදුකළැයි කියන සිද්ධිය කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකක විමර්ශන තුනක් පැවැත්වූ අතර පසුගිය ආණ්ඩුවේ ප්‍රභල ඇමැතිවරයකුගේ මැදිහත්වීමෙන් ඒ විමර්ශන අතරමග නැවතුණ බව ද උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ ගෝලයෙක් වෙන්න ඇද්ද කියලා හිතාගන්න පුලුවන් (නි)
ඒ කියන්නෙ ප්‍රභල දේශපාලන අය කිව්වොත් ඕනෑම අපරාධයක් යටපත් කරනවද? ඒකනෙ මේ වෙලා තියෙන්නෙ... (නි)
හම්බන්තොට නම් මොනවද වෙන්න බැරි. (නදී)
මේ මනුස්සය කරලා තිබෙන්නේ පොලිසියේ සහ ජනතා මුදල් ඉතුරුවෙන වැඩමනේ. ඉතින් ඔහුට ලෙඩ දැමීම සාධාරණද ? ඔය කොස්තාපල්ලා මිනිස්සුන්ගෙන් නිතරම ජරාව ගන්න එකේ ඉඳල හිටලා අතින් වියදම් කරලා පොලිස් කාර් එකාක් අලුත් වැඩියා කරහම මොකද ,වෙන්නේ ? පොලිස් නිලධාරියෝ නිතරම අපට බිල් දමන එකේ ඉඳ හිට විදුලි බිලක් ගෙවුම නරකද ? පොලිස් කාරයෝ නිතරම පිනටම ගිලින්න බලාගෙන ඉන්නේ ඉඳ හිට අසරණ ගැහැණු මනුස්සයෙකුට කෑම එකක් ගෙනත් දුන්නම නරකද ?(නදී)
මම මිනිහව දන්නවා. නමුත් ප්‍රසිද්ධියේ නම කියන එක ශ්‍රේෂ්ට පොලිස් දෙපාර්තමේන්තුවට අගෞරවයක්. (නදී)
මේ වගේ උසස් නිලධාරීන් තමා පොලිසිය කන්නේ. පොඩි අය නෙමෙයි (නි)
ඉහළ සිට පහළටම දුෂණය රජයන සමයක මේවාට පිළියම් සෙවීමෙන් ඇති පලක් නැත.(ම)
හම්බන්තොට කියල කියද්දීත් තව මොන පරීක්ෂණද? (ර)
"මාධ්‍යවේදියකු අතුරුදන්වීම සම්බන්ධ පැමිණිල්ලක්" හතර පෝයට සිල්ගන්න,පිරිත් නුල් 100 ක් විතර බැදගෙන ඉන්න,අපිට පේන්න බන අහන,අපිට පේන්න මල්වට්ටියක් උස්සන් ඉන්න අපේ සත්ගුණවත් උපාසක මහත්තයගේ කාලේදී නෙමෙයි වෙන්න ඇති. (බ)
"මාධ්‍යවේදියකු අතුරුදන්වීම සම්බන්ධ පැමිණිල්ලක්".....ලංකාවේ මාධ්‍යවේදියකු වෙනවා කියන්නේ කොයි වෙලේ,කොහොම,කාගෙන් ටොපිය කටට වැටේවිද කියල දන්නේ නැති රැකියාවක් වෙලා තිබුන යුගයක් තිබුන. (බ)
හම්බන්තොට කියන්නේ තවමත් මුදා නොගත්තු ප්‍රදේශයක්ද ? (බ)