
(හිරාන් ප්‍රියංකර ජයසිංහ,ගයාන් සූරියආරච්චි සහ රවීන්ද්‍ර ලියනගේ)
පිඩාවට පත් ජනතාව වෙත සහන සලසමින් සිටියදී වෙන්නප්පුව ගිං ඔයට කඩා වැටුන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකෝප්ටර් යානයෙ ප්‍රධාන නියමුවා මරණයට පත්වු බව මාරවිල මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වින්ඩ් කමාර්ඩ්ර් නිර්මාල් සියඹලාපිටිය නැමති ප්‍රධාන ගුවන් නියමුවා බව කියයි.
අදාල ගුවන් නියමුවා ඇතුළු පස් දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකෝප්ටර් යානයෙන් පිඩාවට පත්වු පිරිසට ආහාර රැගෙන එමින් සිටියදී මෙලෙස හෙලිකෝප්ටර් යානයෙ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් වෙන්නප්පුව ගිං ඔය ආසන්නයේ ගිං ඔය පාලම මතට ගොඩ බැමට යාමේදි මෙලෙස ගිං ඔයට වැටි තිබුනී.
කෙසේ වෙතත් ගුවන් නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලය පිටතට පැන දිවි බේරා ගෙන තිබුණද බරපතල තත්වයේ සිටි ප්‍රධාන ගුවන් නියමුවා මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මරණයට පත්ව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සනාථ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව!!
හරිම කණගාටුදායකයි .නිවන්සුව අත්වේවා !
ගුවන් හමුදාවේ නඩත්තු කටයුතු සඳහා අරමුදල් නොමැත, සියලුම හමුදාවන්ට "කුඩම්මගේ සැලකිලි " ලැබේ.
පාලම මත සිටි මෝඩයන් වාහන ගොඩබෑමකට ගෙන ගියේ නැත. බොහෝ දෙනෙක් වීඩියෝ පටිගත කිරීම් කළ නමුත් ඔවුන් කරදරයක සිටින බව වටහා ගත්හ.
එතුමන්ට ඉක්මන් ආත්මයකදීම සදා සැනසීම ඇති නිවන්සැප ලැබේවා
හෙලිකොප්ටරයට ගොඩ බැසීම අවහිර කරමින් නවතා තිබූ වාහනයේ අයිතිකරුටත් එතන වීඩියෝ කරමින් ඉවත් නොවී සිටි දෙපා බූරුවන්ටත් විරුද්ධව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පවරන්න.
මේක වීඩියෝ කරන පාරේ ඉන්න අය සහ වාහනයේ කෙනා .තොපි මොක්කුද
ආපදා අවස්ථාවන්හී විමසීමකින් තොරව වීඩියෝ කරන කාලකන්ණින්ට විරුද්ධව දැඩි නීති සම්පාදනය කල යුතුයි….