මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය කොළඹ කොල්ලුපිටිය මංසංදියේ ආරම්භ කළ උද්ඝෝෂණයට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.
සිසුහු ද පොලිසිය දෙසට ගල් මුල් විසි කළහ.
සිසුහු තිදෙනෙක් පොලිස් භාරයට ගෙන සිටිති.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශානක, ඔබ වාගේ අයගේ දෑස් පෑදෙන්නේ මේ ප්‍රශ්න ගැන ප්‍රායෝගිකව බැලුවොත් විතරයි. (නි)
ශානක, ඔය කියන්නේ නාවලා මදි කියලද? (නි)
ඔය අන්තරේ තමා විශ්ව විද්‍යාලයට එන අසරණ සිසුන් මුලා කොට ඔවුන්ගේ අධ්‍යපනය කඩා කප්පල් කරමින් රට අස්ථාවර කරමින් , ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු කර ගන්නේ (ත)
බලාගෙනයි කොල්ලනේ, 89 අයෙමත් පටන්ගන්න ඉඩ තියෙනවා පරිස්සම් වුනේ නැත්නම්.(බ)
අපේ රටේ පැවති සියලුම රජයන් වගේම මේ රජය කියලත් වෙනසක් නැති බවයි පෙනෙන්න තියෙන්නේ. සිසු ප්‍රශ්න වලට මෙවැනි පිළිතුරුදීම වැරදියි. මෙවැනි අදූරදර්ශී ක්‍රියා නතර නොකළොත් යහපාලනෙත් විවේක ගන්වන්න ජනතාව පෙළගැහෙන්නේ කියන්නත් කලින් බව අධ්‍යාපන ඇමතිවරු හිතුවොත් වඩා හොඳයි කියලා මම නම් කියන්නේ. (නි)
සිසුන් නොව මිනීමරුවන් වාගෙයි.කදුළු ගෑස් වලට එහා දෙයක් දෙන්න ඕන. (ත)
ජාතික විධායක සභාව හරහා රනිල් -මෛත්‍රී ආණ්ඩුවත් එක්ක මෙයාලගේ ලොක්කෝ දීග කනවා. අනේ පව් එහෙම තිබිලත් මෙයාලට කන්න ලැබුනේ කඳුළු ගෑස්! පරිස්සමින්,(ත)