තරඟකාරී ජීවන රටාව තුළ මුදල් ඉපයීම ජීවිතයේ ප්‍රධාන කාර්යයක් බවට පත්වන විට,මුදල් ඉපයීම සඳහාද විවිධ වූ මාර්ගයන් සමාජය විසින්ම නිර්මාණය කරනු ලබයි.
ඒ තුළ යහපත් මෙන්ම අයහපත් මාර්ගද වන නිසාවෙන් , මුදල් පිළිබඳව වූ අවශ්‍යතාවය කෙබඳු වුවත් ඒ සඳහා යොමුවීමට පෙර යම් අධ්‍යනයක යෙදීම ඉතා වැදගත්.
දිනෙන් දින දියුණු වන තාක්ෂණික ලෝකය ද මෙකී මුදල් ඉපයීමට මිනිසුන් තුල තිබෙන අවශ්‍යතාවයට පිළිතුරු නිර්මාණය කරනු ලබයි.
එනිසාම වර්තමානයේ මුදල් ඉපයීම සම්බන්ධයෙන් අන්තර්ජාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.
අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි බව බොහෝ දෙනා අසා තිබෙන නමුත්,බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ඇත්තේ අපැහැදිලි ,අවිධිමත් අවබෝධයක්.
එමෙන්ම අන්තර්ජාලයෙන් මුදල් උපයාගත හැකි ක්‍රම හඳුන්වා දෙන මුවාවෙන් ඇතැම් ස්ථාන වල ක්‍රියාත්මක වන තරුණ තරුණියන් නොමග යවන සුළු ,මුදල් ගසාකන වැඩසටහන් හා සම්මන්ත්‍රණ නිසාවෙන් තවත් පිරිසකට ඒ පිළිබඳව ඇත්තේ ඍනාත්මක ආකල්පයක්.
නමුත් මේ වන විට ලෝකයේ බොහෝ රටවල් අන්තර්ජාලය තුළ ඇති ධනාත්මක පැතිකඩයන් ඔස්සේ මුදල් ඉපයීම ඉතා සාර්ථකව කරගෙන යනු ලබයි.
සැබවින්ම අන්තර්ජාලය ඔබේ නිර්මාණශීලී හැකියාවන්,කුසලතාවයන් සඳහා වටිනාකමක් ලබා දෙන අපුරු තෝතැන්නක්.
විවිධ වංචනිකයන්ට නොරැවටී, එය නිවැරදිව අධ්‍යනය කර එහි ක්‍රමවේදයන් හඳුනාගෙන ඒ සඳහා යොමුවුවහොත් ඔබටද සාර්ථක ප්‍රතිපල අත්කරගත හැක.
මෙම වීඩියෝව තුළ ඔබේ නිර්මාණශීලී හැකියාවන් තුළින් අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම හතරක් පිලිබඳ තොරතුරු අන්තර්ගතයි.
(මෙම වීඩියෝව ලංකාදීප ‘එසැණ‘ වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත්කරණ ඉතාලියේ මිලානෝ නුවර පදිංචි හර්ෂණ රාජකරුණා සහ බෘනෝ දිවාකරගේ නිර්මාණයකි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේම තමයි ෆොරෙක්ස් (විදෙස් මුදල් හුවමාරුව) හරහා මුදල් හොයන්නත් පුළුවන් ඒකත් ඉතාමත් කාර්යක්ෂමයි, ඉපයිය හැකි ප්‍රමාණය අසීමාන්තිකයි. හැබැයි අප ඊට මුදල් ආයෝජනය කල යුතු අතර එය එක්තරා අවදානමකින්ද යුක්තයි. හැබැයි ඒ අවදානම බොහෝවිට අපට නොසිතු මුදලක් එක මොහොතකින් සොයාගන්නටත් උපකාරී වනවා. අත්දැකීමෙනුයි මේ කියන්නේ.(අ)
දීප්ති ක්ලික් කළාම සල්ලි ගිනුමට බැරවෙන්න විදිහක් එපාද ? නිකන් ලැබෙනවා නම් දෙමළ පත්තරේ උනත් ගනියි නේද? (නදී)
මෙවැනි පුවතක් පළකිරීම ගැන ස්තූතියි! (නි)
මේකේ කටහඩ හරිනැහැ. මොනවා හරි වෙලාද කටහඩ දෙන කෙනාට (නදී)
තමන් සතු මුදල වැදගත් දෙයකට ආයෝජනය කරනවා මිස මේවගේ දේට අහුවෙන්න එපා.(දිල්)
වැඩි විස්තර අපිට දන්වන්න (අ)
රන්ජිත් ෆොරෙක්ස් ක්‍රමය ගැන ඊ මේල් එකක් හරි විස්තර හරි කියන්නකෝ(අ)
ෆොරෙක්ස් (විදෙස් මුදල් හුවමාරුව ) ගැන කොපමණ සිංහලෙන් දැනුවත් කලත් ඉතා හොඳ ඉංග්‍රීසි දැනිමක් තිබිම,ඉතාමත් වැදගත්.එහි ඇති විදාන සහ තාක්ෂනික දැනිම ගැන හොඳ අධ්‍යනයක් කිරිම සහ හොඳ විනයක් පවත්වාගෙන යෑම සාර්ථකත්වයට ඉවහල්වේ. ඉංග්‍රීසියෙන් දැනුම අවශ්‍ය කෙනෙකු ඊ-මේල් ලිපිනය මෙහි පලකරන්න (දිල්)
අන්තර්ජාලයේ සෘණ සහ ධනාත්මක පැති දෙකම ගැන මනා අවබෝධයක් තියෙන්න ඕනෑ. "නොදන්නා දෙමළට ගොස් වරිගේ නහ ගන්නවා" වගේ නොදන්නා අන්තර්ජාලයට ගිහින් තමන්ගේ පරිගණකයත් (වෛරස් වැනි හානිකර ප්‍රවණතා ඔස්සේ) විනාශ කරගෙන අනුන්ගේ පරිගණක යන්ත්‍ර වලටත් වෛරස් බෝකර අතේ තියෙන මුදලත් නැති කරගන්න දඟලන අපේ කට්ටිය ඉන්න රටකට මේ තාක්ෂණය විනාශයක් ගෙනදෙන්නත් පුළුවන්. දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමඟ. (නි)
මිනිස්සු මේවා බොහෝදුරට පිළිගන්නවා.මේවා ඔක්කොම සල්ලි හොයන වැඩ වලට වැඩිය සල්ලි ගරන වැඩ. (නි)
පිරමිඩ ක්‍රමයක් තිබ්බා ලංකාවේ ක්ෂණයෙන් සල්ලි හොයන්න පුළුවන් (දී)
අන්තර්ජාලය තුලින් මුදල් හොයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා . එ්ත් ඒ අතර හොර වැඩත් තියෙනවා. එ්ක නිසා අපි එවෙනි දෙයක් කරන්න කලින් අදාල ආයතනයේ විශ්වාසවන්ත භාවය ගැන හිතන ඕනා. එ්කට හොදම ආයතනයක් තමයි ගූගල් ආයතනය. තවත් දෙයක් තමයි ගූගල් ආයතනය හරහා එවැනි දේ කරන්න අපි මුදල් යෙදවීමක් කිරීම අවශ්‍ය නැහැ. එ්ක නිසා විශ්වාසවන්ත භාවය ගැන ප්‍රශ්නයක් නැහැ (නදී)
මේක නම් හොඳ ක්‍රමයක් වගෙයි (නි)
ෆොටෝ සහ වීඩියෝ ඇතුළත් කරන ආකාරය සහ අපට මුදල් ලැබෙන ආකාරය පැහැදිලි කරදෙන්න.බොහොම ස්තුතියි. (නි)
පේ පැල් ගිනුමකින් වැඩේ පටන්ගන්න පුළුවන් මාස්ටර් කාඩ් නැති වුණත්. (ස)
අයිප්ලස් බ්ලොග් එකේ තියෙනවා සේරම විස්තර. හොද වැඩක්. ජයෙන් ජය (අ)
මුදල් ඉපයීම සඳහා පිනතූර සහ වීඩියෝ දාන හැටි හොඳම ලින්ක් එකක් තෝරා අපට කරන හැටි ප්‍රථිචාරයකින්ම ලියා එවන්න ඇඩිස් ක්ලික් කරන හැටිත් කියා දෙන්න (නදී)
ඉතාමත් හොඳ ලිපියක් මේ ගැන තවත් දැනුවත් කරන්න. හැකියාවන් මගින් මුදල් උපාය ගත හැකි ක්‍රමයක්. ස්තුතියි. තව ලින්ක් ඇත්නම් විශ්වාස වන්තව කටයුතු කල හැකි අපට දන්වනවා නම් හොඳයි (නදී)
අන්තර්ජාලයේ විවිධාකාර හොරමැරකම් තිබෙනවා (නි)
පණ්ඩුක තවම හොඳ හෝටලයකින් කාලා නැතුව වගේ. අහුවෙන්න එපා (නි)
මේ පිළිබඳ අප දැනුවත් කළාට ස්තූතියි! (නි)
හොඳ ලිපියක් (නි)
අනේ තව මේ වගේ ඒවා දාන්නකෝ (අ)
මට දැන් හිතා ගන්න පුළුවන් අපි කොහොමද ආසියාවේ ආශ්චර්ය වුණේ කොහොමද කියලා. අපි ලෝකයේ කෙසේවෙතත් කලාපයේ දක්ෂතම මිනිසුන් බවට පත්වෙලා ඉන්නේ. (නි)
නියමයි ලොක්කා අපේ අයට විවිධ හැකියාවන් තියෙනවා ඒක පාවිච්චි කරන්න හොඳ අවස්ථාවක් අයාලේ යන්නේ (අ)