ගංවතුර හා නායයෑම පීඩාවට පත්ව ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමට ජාත්‍යන්තර රටවල් රැසක් ඉදිරිපත් ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (19) පැවැසීය.
1992 වසරෙන් පසු මෙරටට ඇති වූ ප්‍රබතලම වර්ෂා තත්ත්වය මෙය බවත් ඒ හේතුවෙන් රට තුළ ඉතිහාසයේ නොවූ ආකාරයේ ආපදා තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදි කීය.
රටේ පවතින ආපදා තත්ත්වය පිළිබඳ මෙරට සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් හා තානාපතිවරුන් අතර පැවැති හමුවකින් පසු විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (19) මෙම කරුණු කීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ ද කීය.
“විදෙස් රටවල් රැසක් ආපදා තත්ත්වයට මුහුණ දීමට ශ්‍රී ලංකා රජයට අවශ්‍ය සහාය කුමක් දැයි විමසා සිටියා. ඔවුන් අපේ අවශ්‍යතා මොනවා දැයි අසා සිටියා. ඉන්පසු කොළඹ සිටින තානාපතිවරුන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ කෙටි සාකච්ඡාවක් පැවැත්වූවා.
ඒ අනුව සෑම රටක්ම අපේ හදිසි අවශ්‍යතාවලට උපකාර කිරීමට ඉදිරිපත් ව සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලොව රටවල් රැසක් දැනටමත් ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා.
ගංවතුර හා ධාරාණිපාත වර්ෂාවෙන් වැඩිම හානියක් වී තිබෙන්නේ කොළඹ, ගම්පහ හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලටයි. ඊට අමතරව අනෙකුත් සෑම පරිපාලන දිස්ත්‍රික්කයටම අඩු වැඩි වශයෙන් හානි සිදු වී තිබෙනවා.
ධාරණීපත වර්ෂය තත්ත්වය අඩු වන බවට වාර්තා වෙනවා. එසේ වුවද ආණ්ඩුවත්, නිලධාරීන් ඇතුළු සියලු දෙනා මුදා ගැනීමේ කටයුතු, සහන සේවා සැපයීම් දිගින් දිගටම පවත්වාගෙන යනවා. ඉදිරියේදී නිරිත දිග මෝසම ආරම්භ වෙනවා. එයත් සමඟ මේ තත්ත්වය තවත් දරුණු අතට හැරෙන්න පුළුවන්.
විදේශ කටයුතු අමාත්‍යාංශය වශයෙන් අපට ලබාදිය යුතු සහාය ලබාදීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් කාර්යය සාධන බලකායක් ද පිහිටුවා තිබෙනවා.” යැයි විදේශ කටයුතු අමාත්‍යවරයා කීය
.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ අරමුදල් වලට අපේ හිටපු රජතුමාවයි ඔහුගේ මිත්‍රයෙකුයි පත්කරගන්න බැරිද? සුනාමි අරමුදල් පාලනය කරලා සෑහෙන පළපුරුද්දක් එතුමන්ලාට තිබෙනවා (නි)
2003 වර්ෂයේ මේ අය කොහෙද හිටියේ? මතක නැද්ද නිල්වලා ගඟ, ගිං ගඟ, වලවේ ගඟ ඉතිරෙන්න වැස්සා. දෙනියායේ කඳු නාය ගිහින් කී දෙනෙක් පොළොවට මිහිදන් වුණාද? කොහොමහරි කමක් නැහැ, මිනිසුන්ට සහන සළස්වන්න ලැබෙන ආධාර නිසිපරිදි මිනිසුන්ට ලැබෙන්න සළස්වන්න. (නි)
මේ සැරේ නම් හොරකම් සිදුවෙන එකක් නැහැ වගෙයි (නි)
මේ සහනාධාර මුදල් සුනාමි ආධාර මෙන් හොරුන්ගේ අතට යන්න නොදී සුදුස්සන්ටම ලැබෙන්න සළස්වන්න. (නි)
පසුගිය රජය සුනාමි අාධාර මංකොල්ල කෑ අයුරින් දුෂිත දේශපාලුවන් සිටිනාතාක් කල් වර්තමාන රජයත් මේ අාධාර මංකොල්ලකෑම නොවැළැක්විය හැකියි. (නි)
කෝ චීන ආධාර? (නි)
පීඩාවට පත්ව ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමට පැමිණෙන සියලු දෙනාට ප්‍රනාමය. (ර)