(තරිඳු ජයවර්ධන)
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කාර සුගතානන්ද හිමියන් වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමට යෑම නිසා අද සවස කොළඹ ජාතික රෝහලේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
පොලිසියේ හතර දෙනකු පැමිණ සුගදානන්ද හිමි අත්අඩංගුවට ගැනීමට යතියි පැතිර ගිය ආරංචි නිසා විශ්ව විද්‍යාල සිසුහු 30ක් 40ක් පමණ රෝහලට ගියහ.
වරෙන්තු නැතිව සහ වාට්ටුව භාර වෛද්‍යවරයාගේ අනුමැතියක් නැතිව සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගැනීමට සිසුහු විරෝධය පළ කළහ. ඉන් පසු ඒ හිමියන්ගෙන් ප්‍රකාශයක් ගෙන පොලිසියට පිටව ගිය බව රෝහල් ආරංචි කියයි.
සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වූ අන්තරේ සිසුන් විසිරුවද්දී එල්ල කළ ප්‍රහාරයකින් සුගතානන්ද හිමියෝ තුවාල ලැබූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සංහිඳියා ආණ්ඩුවයි නැවෙන පොලිසියයි හත්පලේ ගාගන්නවා...!
ඇත්තටම මෙහෙම නිවන් දකින්නේ කොහොමද?
ජනතවගේ පොදු දේපල විනාශ කරන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්න
කැප්පස් කරයෝ දන්න වරෙන්තුව