අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ සිසුන් පිරිසක් පසුගියදා කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ගේට්ටුවද කඩමින් කළ උද්ඝෝෂණයට සහාය පළ කළැයි කියන ත්‍රී රෝද රියදුරෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සුගත් ප්‍රසන්න ලියනගේ නම් මෙම රියදුරා ශබ්ද විකාශන යන්ත්‍රයක් තම ත්‍රී රෝද රියේ බැඳගෙන උද්ඝෝෂකයනට සහාය දුන්නැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නෙ යහ පාලනේ අඩු නැතුවම, තව ඉස්සරහට තව හොඳයි (නදී)
උද්ඝෝෂණ වැරදිද?(හේ)
උද්ඝෝෂණ වැරදි නැහැ මහත්තයෝ. එහෙත් ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරනවා නම් බලපත්‍රයක් ගතයුතුම වෙනවා. ඒක රටේ නීතිය. නීතිය ක්‍රියාත්මක කිරීම තමා යහපාලනය කියන්නේ. බලපත්‍ර අරගෙන තිබුන අවස්ථා වලදීත් විරුද්ධවාදීන්ට කළ වැඩ අපි දැක්කනේ, ජනවාරි 8 ට කලින්. (නි)
උද්ඝෝෂණය තහනම් එකක්ද? තහනම් නොවන දෙයක් නම් මේක මුදලට කළ දෙයක් වෙන්නත් පුළුවන් නේද? මොනවා වුණත් පවු අහිංසක මනුස්සයා. දැන් කොහේහරි දරු පවුලත් බඩගින්නේ ඇති (නි)
මේ පොඩ්ඩන්ට යකඩ කට දුන් අය රිමාන්ඩ් කරන්න කලින් මෙයාලගේ මූලාචාරින්ගේ කටවල් වලට වචන දෙන අය ගැනත් හෙව්වොත් හොඳයි. (නි)
තව ඉස්සරහට තව ලැබෙයි (බ)
අවසර නොගෙන ශබ්ද විකාශන පාවිච්චිය තහනම් , හැබැයි අනිත් චුදිතයෝ එළියේ ඉන්න එකනම් ...මට කරකැවිල්ල වගේ ! (බ)
කෑකිල්ලේ නඩු තින්දු...? ගමේ ඉන්න මහතම මනුස්සයා ගෙනල්ලා අලියට පාගන්න නියෝග දුන්නා වගේ (බ)
භික්ෂුන් වහන්සේලා ත්‍රිවිල් එකක් නවත්තල හයර් එක පොරොන්දු වෙලා ඒකෙ ස්පීකරෙ බැඳලා ජනතාව ඇමතුවම ඒක එලවාගෙන ආපු අහිංසකයා හිරේ. නියමයි. නියමයි. මෙන්න ත්‍රි විල් මල්ලිලාට ඒ ගොල්ලත් සහය දුන් යහපාලනේ කියන්නේ මොකක්ද කියල ඉගෙන ගන්න අවස්ථාවක්. (නදී)
ත්‍රිරෝද රථ රියදුරෙකු අන්තිමට රිමාන්ඩ් කරා.(හේ)